සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අණබෙර ගසා යුක්තියෙන් අත්පත් කරගත් වැලිවිට සුද්දාගේ බව කී කෝටි 10ක වාහන ලියාපදංචි අයිතිකරුවන්ට නිදහස් කරන්නැයි අධිකරණයෙන් නියෝගයක්!

by editor
පෙබරවාරි 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කඩුවෙල වැලිවිට සුද්දාට අයත් නීති විරෝධී වත්කම් බව පවසා විශාල ප්‍රචාරණයක් ලබා දෙමින්  යුක්තිය මෙහෙයුම යටතේ අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ තබා ගත්  රුපියල් කෝටි දහයක පමණ වටිනාකමකින් යුත් රථ වාහන   එහි ලියාපදිංචි අයිතිකරු වෙත ලබාදෙන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  නියෝග කළාය.

යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගත් මෙම වාහන මාස දෙකකට ආසන්න කාලයක් එම කොට්ඨාසය භාරයේ රඳවාගෙන තිබිණි.

එම වාහන තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් කොට්ඨාසයේ  රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සඳහා අවස්ථාව ලබා දෙන ලෙස එම කොට්ඨාසය  කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය ඊයේ එම නියෝගය නිකුත් කළාය.

කඩුවෙල පොලිසිය මගින් ඉකුත් 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී කඩුවෙල පොලිස් වසමේ පදිංචි මළලගේ සුදත් කිත්සිරි  නොහොත් වැලිවිට සුද්දා නැමැත්තාට අයිති බව පවසමින් ඔහුගේ සහෝදරියවන එච්.එම්.හීන්මැණිකේ යන අය සතුව තිබූ සුඛෝපභෝගී බස් 05ක්,  නවීන මෝටර් රථයක් සහ යතුරුපැදියක් අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලබා දීමට කටයුතු කළේය.

ඒ අනුව මුදල් විශුද්ධිකරණ පනතේ හත්වන වගන්තිය යටතේ අදාළ රථ වාහන සම්බන්ධයෙන් විමර්ශන කළ යුතු බවට සහකාර පොලිස් අධිකාරී එස්.ඊ.ආර් සමරනායක  කඩුවෙල මහෙස්ත්‍රාත්අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් මත එම රථ වහාන දින 07ක කාලයක් රඳවාගෙන වැඩිදුර විමර්ශනය සඳහා අධිකරණය විසින් නියෝග කර තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් මාස දෙකකට ආසන්න කාලයක් දිගින් දිගටම මෙම වාහන සඳහා රඳවා ගැනීමේ නියෝග ලබාගෙන තිබිණි. අදාළ වාහන අත්පත් කර ගැනීම සඳහා හෝමාගම මහාධිකරණයෙන් නියෝග ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත අවස්ථා කීපයක් ලබා දීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරිය කටයුතු කළාය.

මේ  අතර ජනවාරි 02 සිට යළිත් අදාළ රථ වාහන රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයෙන් ඉල්ලීම් කිරීමේ දී ඊට විරුද්ධව අදහස් දැක්වු නීතිඥවරුන් එම වාහන මේ ආකාරයෙන් රඳවා තබාගැනීම හෝ රඳවා තබා ගැනීමට අවසර ඉල්ලීම නීති විරෝධි බවට කරුණු ඉදිරිපත් කර තිබිණි.

මෙසේ තිබිය දී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ  දින ද යළි අදාළ රථ වාහන රඳවා ගෙන විමර්ශනය සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. ඒ සඳහා අවස්ථාව ලබා නොදෙන ලෙසත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අදාල මහාධිකරණ නියෝයෙන් අත්පත් කර ගැනීමේ නියෝග ලබාගෙන නොමැති බවත් පෙන්වමින් විත්තියේ  නීතිඥවරු ඊට  දැඩි විරෝධයක් පල කළහ.

එකී නීති තත්ත්වය 6/2024 දරන මහාධිකරණ නඩු තීන්දුවෙන් ද තහවුරු කර ඇති බව ද නීතිඥවරයා විසින් අධිකරණය හමුවේ අනාවරණය කළේය.

එම අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් එකී වාහන දිගින් දිගටම රඳවා තබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලුවේය.

එම ඉල්ලිම ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත්වරිය අදාල රථ වාහන ඒවායේ ලියාපදිංචි අයිතිකරු වෙත නිදහස් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.  – දිනමිණ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මානව හිමිකම් සමාජ සාධරණත්වය විනාශයි… රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ ශ්‍රී ලංකාව යන්නේ ආපස්සට… හියුමන් රයිට් වොච් කියයි!

Next Post

ගාමිණී ජයවික්‍රම පෙරේරා දිවි සැරියෙන් සමු ගනී!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.