සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අඩි දෙදහසකටත් එහා පොලව ගැඹුරේ සිට ඉෆ්තාර් භෝජනය ගන්නා මිනිස්සු!

by lankasara-editor
මාර්තු 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කොසෝවර් පතල් කම්කරුවෙකු වන එමින් හසානි නම් පුද්ගලයා පොලොවෙන් අඩි 2,625 ( මීටර් 800 ) ක් පමණ යට සිට රාමසාන් උපවාසය අත්හරිමින් ඉෆ්තාර් භෝජනය ගන්නා පුවතක් වාර්තා වනවා.

ඔහු එලෙස උපවාසය අතහරින්නේ උතුරු කොසෝවෝ හි ස්ටැන්ටෙර්ග් හි ට්‍රෙප්කා පතලේ සිටයි. සූර්යයාගේ බැස යාම සහ ආහාර ගැනීමේ කාලය පැමිණ තිබේද යන්න හසානි දැන ගන්නේ ඔරලෝසුවක් භාවිතා කිරීමෙන්. පතලේ ඉදි කළ තාවකාලික කාර්යාලයක කුඩා මේසයක් වටා වාඩි වී ඔහු සහ ඔහුගේ මිතුරන් හතර දෙනෙකු සීනි සහිත කළු තේ සමඟ සෝදාගත් රට ඉඳි, යෝගට්, අච්චාරු සහ චීස් ආහාරයට ගනිමින් උපවාසය අත්හරින බව සඳහන් වනවා.

ශුද්ධ වූ මුස්ලිම් මාසය වන රාමසාන් මාසයේ උපවාසයේ යෙදී සිට සූර්යයා බැස ගිය පසු ගනු ලබන ආහාර වේල හඳුන්වන්නේ ඉෆ්තාර් නමින්.

කොසෝවෝ යනු මුස්ලිම් බහුතරයක් වෙසෙන රටක් වන අතර එහි රජයට අයත් ඊයම්, සින්ක් සහ රිදී පතල්වල සේවය කරන පතල් කම්කරුවන් සිය ගණනක් රාමසාන් සමරමින් සිටිනවා. ඇතැම් වේලාවල දී ඔවුන්ට සෙල්සියස් අංශක 40 කට ආසන්න උෂ්ණත්වයක් විඳ දරා ගැනීමට සිදුවනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් හසානි පවසන්නේ ඔහු සෑම විටම අල්ලාහ් දෙවියන් සමඟ සම්බන්ධ වී සිටින බවයි. මීටර් 800 ක් පමණ පොළොව යට සිටින විට ඉන් තවත් ගැඹුරට යන තරමට ඔහුට අල්ලාහ් දෙවියන් ට සමීප බවක් දැනෙන බව ද පවසා තිබෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

හසානි පොලව යට සිට යාච්ඤා සිදු කරන අයුරු

මේ සම්බන්ධව අදහස් දක්වමින් පතල් සේවා මුර ප්‍රධානියෙකු වන ෆෙහ්මි හජ්රේඩිනි පවසන්නේ ඔවුන්ට නිරාහාරව සිටීම ප්‍රශ්නයක් නොවන නමුත් පිරිසිදු වාතය නොමැතිකම, නවීන උපකරණ, ඇඳුම් පැළඳුම් සහ සපත්තු නොමැතිකම විශාල ගැටලුවක් බවයි.

ට්‍රෙප්කා හි වසර 1970 සහ 80 කාලයන්වල කම්කරුවන් 22,000කට වඩා සේවය කර තිබෙන අතර එය කොසෝවෝ හි දළ දේශීය නිෂ්පාදිතයෙන් තුනෙන් දෙකක් සඳහා දායක වී තිබෙනවා. නමුත් වර්තමානයේ එහි සේවය කරන්නේ කම්කරුවන් 3,000 ක් පමණ ප්‍රමාණයක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් ක්‍රිකට් නිලවරණයත් බල පොරයක් වෙයි … ඉහළම තනතුරු දරා රහ වැටුණු   පිරිස් විධායක කමිටුවට රිංගන ගේමක….

Next Post

රුසියාවට සහ  බෙලරුසියාවට ඔලිම්පික් තහනම් වෙයි!  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.