බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති තිරුපති ගිය නිල් පාට ජෙට් එක කළු සල්ලි සුදුකළ ලකුණක් ද?.   පෙරටුගාමීන් අසයි!

තාත්තට තිරුපති යන්න පුද්ගලික වියදමින් කෝටි තුනයි කාලක් වියදම් කර ජෙට් එකක් හයර්කළ කෙනා  ගැනත් යෝෂිතගෙන් අසයි ...

by editor
දෙසැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ විදේශ විනියම අර්බුදයක මාරාන්තිකව ගිලී ඇති අවස්ථාවක පැය 24ක් සඳහා ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ හැට දහස් අටසියයක් පමණ ( රුපියල් තුන්කෝටි විසි හය ලක්ෂ විසි හය දහසක් ) ගුවන් යානයක් සඳහා පමණක් වියදම් කළ අගමැතිවරයාගේ  තිරුපති ගමන ගැන මීට වඩා පුළුල් පැහැදිලි කිරීමක් රටට අවශ්‍ය බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද (28) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.

පුබුදු ජයගොඩ

මෙම වර්ගයේ ගුවන් යානයක් පැයක් වෙනුවෙන් කුලියට ගැනීම සඳහා දැරිය යුතු වියදම ඇමරිකානු ඩොලර් හයදස් හත්සියයක් බවත් තිරුපති ගමනට පෙර රත්මලාන ගුවන්තොටුපලේ සිට කොචින් සහ චෙන්නායිවෙත මේ යානය දෙවරක් ගමන් කර ඇති බවත් පවසන අධ්‍යාපන ලේකම්වරයා දැන් යෝෂිත රාජපක්ෂ කියන “ තාත්තාගෙ යාලුවෙක් සල්ලි දුන්නා“ වැනි “ ඩේසි ආච්චිගේ මැණික්මල්ල “ පන්නයේ කතා නොකියා මේ ගමන්වල නිශ්චිත හෙළිදරව්වක් රටට අවශ්‍ය බව කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අගමැතිවරයා තිරුපති ගිය ලිගසි 600 ( legacy – 600) වර්ගයට අයත්  T7JSG ගුවන් යානයේ ගුවන් ගමන් දත්ත වාර්තා ඉදිරිපත් කරමිනි. මෙම යානය කළු සල්ලි සුදු කළ එකක් දැයි ප්‍රශ්නයක් මතුවන බවත් එහි හිමිකාරිත්වය පිළිබඳව ද ගැටලු ඇති බවත්  ඔහු පැවසුවේය.

පුබුදු ජයගොඩ මෙසේ ද පැවසුවේය.

“ලිගසි 600 ( legacy – 600) වර්ගයට අයත්  T7JSG කියන මේ ගුවන් යානයේ ගුවන් ගමන් සිද්ධවුනේ මෙහෙමයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ ගුවන් යානය පසුගිය 10 වැනිදා ඉන්දියාවේ සිට කටුනායකට ඇවිත් තියනවා. 10 වෙනිදා කටුනායක සිට ගිහින් තියනවා   කෙන්යාවේ ජෝමෝ කෙන්යාටා ගුවන් තොටුපලට. “

“පසුගිය 14 දා ජෝමෝ කෙන්යාටා ගුවන් තොටුපලේ සිට     කෙන්යාවෙ බුකෝබා ගුවන්තොටුපලටත් එතැන් සිට ටැන්සානියාව දක්වාත් පිටත් වෙලා තියනවා.“

“15 ටැන්සානියාවේ සිට කම්පාලා බලා පිටත් වෙලා කම්පාලාවල ඉඳලා රත්මලානට ඇවිත් තියනවා. 16 දා රත්මලානට ආවට පස්සේ දෙසැරයක් කොචින් සහ චෙන්නයි බලා ගුවන් ගමන් පිටත්වෙලා තියනවා. පිටත්වෙලා නැවත ලංකාවට ඇවිත් තියනවා. ඊට පස්සේ 23 දා තිරුපති දක්වා යන්නේ. ඊට පස්සෙ 24 වැනිදා නැවත ලංකාවට එනවා. ඇවිත් 27 දා දිල්ලියේ ඉන්දිරාගාන්දි ගුවන්තොටුපල දක්වා ගිහින් තියනවා.“

  • පුතේ… කවුද ඒ සලිල් දුන්නේ?

“අගමැති ගේ දෙවැනි පුතා යෝෂිත රාජපක්ෂ දිනපතා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණා මේ සම්බන්ධව මුදල් වැය වුණේ නෑ.  අගමැතිවරයාගේ මිතුරෙක් තමයි මුදල් දුන්නෙ කියලා. “

කවුරු දුන්නත් විනාශ වෙන්නෙ විදේශ විනිමය. ඒක වෙනම ප්‍රශ්නයක්. මෙතන ප්‍රශ්නයක් තියනවා. ලංකාවෙ ඉඳන් කොචින් සහ චෙන්නායි බලා ගිය අය කවුද?. ඔවුන් මේ ගුවන් යානාවල මොනවද අරන් ගියේ. කවුද ඒ පිරිස. මේ වගේ ගුවන් යානයක යන්න පුලුවන් ඉතාම ලොකු ධනපතියෙකුට විතරයි.

මේ වර්ගයේ ලිගසි 600 (  legacy – 600 ) වර්ගයේ ගුවන් යානයක් පැයකට ලබා ගැනීම සඳහා ඩොලර් 6700ක් යනවා. මේ පැය විසි හතරෙ ගමනක් සඳහා කොතරම් මුදලක් වියදම් වෙනවාද කියලා ඉතාම පැහැදිලියි.  ලංකාවේ රුපියල් මිලියන 32ක් ( තුන් කෝටි විසි ලක්ෂයක් ) මේ සඳහා වියදම් වෙනවා. මෙවැනි වියදමක් දරලා චෙන්නයිවලට කොචින්වලට ගිය වෙන අය කවුද කියලා සොයා බැලිය යුතුයි.

  • නිල් පාට ජෙට් එක කළු සල්ලි සුදුකළා ද?

“අගමැතිවරයා මෙතරම් විශාල වියදමක් කළේ ඇයි සාමාන්‍ය මගී ගුවන් යානයක ඉන්දියාවට යන්නට පුලුවන්කම තිබෙද්දි…

මේ ගුවන් යානය ජෙට්සෙට්ගෝ ඒවියේෂන් ප්‍රයිවට් ලිමිටඩ් (JetSetGo Aviation Services Private Limited) කියන ඉන්දියානු සමාගමට අයත් එකක් කියලයි ප්‍රකාශයට පත්වෙලා තියෙන්නෙ. ඔවුන් ලෝකයේ ඉහළම ධනවතුන් සඳහා ගුවන්ගමන්වලට පෞද්ගලික ජෙට් යානා සහ ගුවන් යානා සපයන සමාගමක්. ඒ අයගෙන් තමයි මේක අරගත්තා කියලා තියෙන්නෙ.“

“නමුත් මේ සමාගමටම ද මේ  ගුවන් යානය අයිති කියන එකේ අර්බුද ගාණක් තියනවා. එකක් T 7 කියන සංඥා නාමය එන්නේ මේ යානය සැන් මැරීනෝවල ලියාපදිංචි කළාට පස්සේ කියලා අපට තොරතුරුවලින් ප්‍රකාශ වෙලා තියනවා.  සැනි මැරීනෝ කියන්නෙ යුරෝපයේ තියන කුඩාම රාජ්‍යයන්වලින් එකක්.  නමුත් මේ රට ජනප්‍රිය වෙලා තියනවා කළු සල්ලි සුදු කරන තැනක් විදිහට. මේ ගුවන් යානය එවැනි කළු සල්ලි සුදු කිරීමේ ප්‍රතිඵලයක් ද කියන සැකය එක අතකින් මතුවෙනවා.“

“යෝෂිත රාජපක්ෂ ඇවිත් තාත්තගෙ යාලුවෙක් සල්ලි දුන්නා වගේ කතා කියන්නෙ නැතිව, මීට කලින් කිව්ව ඩේසි ආචිච්ගෙ මැණික්මල්ල වගේ කතා කියන්නෙ නැතිව මේ සම්බන්ධව මීට වඩා පුළුල් පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයයි.

කියවන්න…

අගමැති වන්දනාවේ ගිය සැප ජෙට් එක යාලුවෙක් නොමිලේ දීලා!

අගමැති නිල් පාට පුද්ගලික ජෙට් එකකින් තිරුපති ගිය හැටි පෙරටුගාමීන් කියයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති තුමාට කැමති නම් අස්කළ හැකියි… ඇමතිකම් අත්හරින්නෙ නෑ… ගම්මන්පිල කියයි!

Next Post

කැලණිය ප්‍රාදේශීය සභාව තවමත් පවුලේ වෙළඳපලක් කරගෙන…  රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරට චෝදනාවක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.