මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ තෙලඹුගහවත්ත බුළුගහතැන්න සහ මහයියාව යන ප්‍රදේශවලට සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත. ඒ බව දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් නිවේදනය කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් එකසිය හතලිස් නව දෙනකු වාර්තා වී ඇති අතර ඉන් විසිහතර දෙනකු අකුරණ ප්‍රදේශයෙන්ද පස් දෙනකු මහයියාව ප්‍රදේශයෙන්ද වාර්තා වී ඇති බැවින් මෙම තීරණය ගත් බව හෙතම කීය.
මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් පන්සිය විසිඅට දෙනකු රන්දෙණිගල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින බවත් දිස්ත්‍රික් ලේකම්වරයා කීයා සිටියේය.







