රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කර ඇති බවට ප්‍රකාශ වී ඇති නම් අතරේ මේ රටේ ව්‍යාපාරවලට සම්බන්ධ මේ වනවිටත් එච්.අයි.වී ටෙස්ට් කිට් ටෙන්ඩරයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතනයක් හිමි පුද්ගලයකු පත් කර ඇතිද යන්න පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග මන්ත්‍රී මනූෂ නානායක්කාර හතා විසින් විමසන ලද අවස්ථාවේ කථානායකවරයා මෙම ප්‍රශ්නය ඇසීමට ඉඩදීමෙන් වැලකී සිටියේය.
මනුෂ නානායක්කාර මහතා විමසා සිටියේ මෙවැනි ව්‍යාපාරිකයන් පත් කිරීමේදී රජයේ නිලධාරීන්ට යම් බලපෑමක් වන්නේද යන්න පිළිබඳව විමසූ විට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ කොමිෂන් සභා පිළිබඳව පාර්ලිමේන්තුවේ කථා කළ නොහැකි බවය.
එසේම පත් කිරීම් සිදු කරන්නේ ජනාධිපතිවරයා විසින් බැවින් මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළ නොහැකි බවය.
කථානායකවරයා එසේ ප්‍රකාශ කරද්දී නොනැවතී තම ප්‍රශ්නය පිළිබඳව අදහස් දැක්වූ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා රාජ්‍ය සේවා කොමසමේ නිලධාරීන් පත් කරන්නේ පාර්ලිමේන්තුවෙන් නම් මෙවැනි ප්‍රශ්න ඇසීමට තමන්ට අයිතියක් ඇති බවත් මෙවැනි ව්‍යාපාරිකයන් පත් කිරීමේදි රාජ්‍ය සේවයේ නිලධාරීන්ට යම් අගතියක් සිදු නොවන්නේදැයි යළිත් විචාළ අතර කතානායකවරයා අවධාරණය කළේ රාජ්‍ය සේවා කොමිෂන් සභා සාමාජිකයන් පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන අතර මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේ අයිතියක් පාර්ලිමේන්තුවට නොමැති බවය.
මේ බව සඳහන් කරමින් ඔහු එම ප්‍රශ්නය තවදුරත් ඇසීම වළකාලීය.