දිනසේන රතුගමගේ –
මුලතිව් තුනුකායී තේරංගල් ප්‍රදේශයේ දී ඊයේ (28) අකුණු සැර වැදුණු පාසල් ශිෂ්‍යයෙක් එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.
වයස අවුරුදු 14 ක් වූ සෂිකුමාර් ආදවන් නැමති මෙම ශිෂ්‍යයා වර්ෂාව නිසා නිවස අසල පිහිටි පිට්ටනියක ගැට ගසා සිටි එළදෙනෙක් ලිහාගෙන නිවසට රැගෙන ඒමට උත්සහ කළ අවස්ථාවේ දී අකුණු සැර වැදී මියගොස් තිබේ.
තුනුකායී තේරංගල් විදුහලේ 9 වන වසරේ ඉගෙණුම ලබමින් සිටි මෙම ශිෂ්‍යයාගේ මෘත ශරීරය තුනුකායී රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර තුනුකායි පොලීසිය මෙම හදිසි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







