දිනසේන රතුගමගේ –
අල්ලස් චෝදනාවක් සහ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වරදකාරිය වූ වවුනියාව සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම්වරියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස කටයුතු කළ සුලෝජනී කුගන් නැමැත්තියයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගන්නා ලද මෙම තීරණයට අදාළ ලිපිය මේ වන විට වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත සහ අදාළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත ද ලැබී ඇතැයි වාර්තා වේ.
ඇය 2013 වකවානුවේ වවුනියාව සහකාර කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ සමයේ සිදු කරන ලදැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සහ අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් පවත්වා තිබේ. එම විමර්ශනවලින් ඇය වැරදිකාරිය බවට තහවුරු වීමත් සමඟ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ජූනි 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සේවා අත්හිටුවීම සිදු කර ඇත.






