සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද්ධයෙන් ඇමරිකානු ගුවන් යානාවලට සිදුවූ හානියේ තරම පමණක් ඩොලර් බිලියන 02ක්… රුපියල් කෝටි හැට දාහක්…

by editor
අප්‍රේල් 16, 2026
in පුවත්
MQ-4C Triton

MQ-4C Triton යානයක්...

Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

පර්සියානු ගල්ෆ් කලාපයේ ඔත්තු බැලීමේ මෙහෙයුමක නිරතව සිටි ඇමරිකානු නාවික හමුදාවට අයත් අති නවීන ‘MQ-4C ට්‍රයිටන්’ (MQ-4C Triton) වර්ගයේ නියමුවෙකු රහිත යානයක් අනතුරට පත්වී ඇති බව ඇමරිකානු ආරක්ෂක අංශ නිල වශයෙන් තහවුරු කරයි. මෙම අනතුර සිදුව ඇත්තේ 2026 අප්‍රේල් මස 09 වනදාය.

ඇමරිකානු නාවික ආරක්ෂක මූලස්ථානය (U.S. Navy Safety Command) අප්‍රේල් 14 වැනිදා නිකුත් කළ වාර්තාවකට අනුව, මෙම අනතුරෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත. කෙසේ වෙතත්, ආරක්ෂක හේතූන් මත යානය කඩා වැටුණු නිශ්චිත ස්ථානය හෝ ඊට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැති අතර, මෙම සිදුවීම ‘පළමු පන්තියේ අනතුරක්’ (Class A accident) ලෙස වර්ගීකරණය කර තිබේ. ඒ අනුව මෙමඟින් සිදුව ඇති අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 2කට වඩා (ශ්‍රී ලංකා රුපියල් කෝටි 60කට ආසන්න) අධික බව පැවසේ.

අනතුර සිදු වූ ආකාරය

යානා ගමන් මාර්ග නිරීක්ෂණය කරන වෙබ් අඩවිවලට අනුව, අප්‍රේල් 9 වනදා පර්සියානු ගල්ෆ් මුහුදට ඉහළින් පියාසර කරමින් තිබූ මෙම යානය හදිසියේම රේඩාර් පද්ධතිවලින් අතුරුදහන් වී ඇත. අතුරුදහන් වීමට පෙර යානය අඩි 50,000ක පමණ උසක සිට අඩි 10,000ක් දක්වා වේගයෙන් පහත බැස ඇති බවත්, එම අවස්ථාවේදී හදිසි ආපදා තත්ත්වයක් පෙන්නුම් කරන ‘7700’ (Squawk code 7700) සංඥාව නිකුත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

MQ-4C Triton
MQ-4C Triton යානයක්…

යානයේ විශේෂත්වය

නෝත්‍රොප් ග්‍රම්මන් (Northrop Grumman) සමාගම නිෂ්පාදනය කරන මෙම MQ-4C ට්‍රයිටන් යානයක් ඇමරිකානු ඩොලර් මිලියන 240ක් (රුපියල් බිලියන 72කට වඩා වැඩි) පමණ වේ. මෙය සුප්‍රකට MQ-9 රීපර් (MQ-9 Reaper) යානයකට වඩා අට ගුණයකින් මිල අධිකය. අඩි 50,000කට වඩා ඉහළ අහසේ පැය 24කට වඩා වැඩි කාලයක් එකදිගට පියාසර කරමින් සමුද්‍රීය කලාප නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙම යානය සතුය.

ඇමරිකා-ඉරාන ගැටුම්කාරී වතාවරණය මධ්‍යයේ ඉරාන හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා මෙම යානය යොදවා තිබුණි. 2019 වසරේදී ද මීට සමාන වර්ගයක යානයක් (RQ-4A BAMS-D) ඉරානය විසින් වෙඩි තබා බිම හෙලුවේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැත. විදෙස් මාධ්‍ය වාර්තා සහ යුධ විශ්ලේෂණ මඟින් ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති මඟින් මෙය වෙඩි තබා බිම හෙළන්නට ඇති බවට සැක පළ කළ ද, ඉරාන රජය හෝ එරට විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) එම වගකීම භාරගෙන නොමැත.

කෙසේ වෙතත්, මේ හා සම්බන්ධ වැදගත් කරුණු කිහිපයක්  සලකුණු කළ හැකිය.

නිල ස්ථාවරය ඉදිරිපත් වන්නේ ඇමරිකාවෙනි.  ඇමරිකානු නාවික හමුදාව මෙම සිදුවීම හඳුන්වා දෙන්නේ “හදිසි අනතුරක්” (Mishap) ලෙස මිස සතුරු ප්‍රහාරයක් ලෙස නොවේ.

අප්‍රේල් මස මුල සිට මේ දක්වා ඇමරිකාවට අයත් MQ-9 Reaper වර්ගයේ ප්‍රහාරක ඩ්‍රෝන යානා 20කට අධික සංඛ්‍යාවක් ඉරානය විසින් වෙඩි තබා බිම හෙළා ඇති බවට වාර්තා පළ වී ඇත. එහි වගකිම් ඉරානය විසින භාරගෙන තිබේ.  නමුත් මෙම MQ-4C Triton යානය සම්බන්ධයෙන් ඉරානය නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.

වැඩි අවධානය යොමු වී ඇත්තේ තාක්ෂණික දෝෂ පිළිබඳ සැකයටය.  යානය කඩා වැටීමට පෙර එහි පාලක පද්ධතිය සමඟ තිබූ සබඳතාව බිඳ වැටුණු බව හැඟවෙන ‘7400’ සංඥාව සහ පසුව ‘7700’ හදිසි ආපදා සංඥාව නිකුත් කර තිබීම නිසා මෙය තාක්ෂණික දෝෂයක් වීමට ඇති ඉඩකඩ වැඩි බව ආරක්ෂක විශ්ලේෂකයෝ  පෙන්වා දෙති.

MC-130J
ඇමරිකානු හමුදාව විසින් විනාශ කර දැමූ MC-130J යානා…

ඇමරිකානු ගුවන් හමුදාවට වු පාඩුව –

ඇමරිකානු ගුවන් යානා හානි පිළිබඳ දත්ත සාරාංශය මෙසේ පෙළගසැවිය හැකිය.

මුළු යානා සංඛ්‍යාව: ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා ඇමරිකාවට අයත් විවිධ මාදිලියේ ගුවන් යානා සහ ඩ්‍රෝන යානා 54ක් විනාශ වී හෝ බරපතළ හානිවලට ලක්ව ඇත.

වැඩිම හානියට පත් යානා: මෙහෙයුම්වලදී බහුලව භාවිත වන MQ-9 Reaper වර්ගයේ ප්‍රහාරක ඩ්‍රෝන යානා 24ක් පමණ විනාශ වී ඇත.  මෙම එක් යානයක වටිනාකම ඩොලර් මිලියන 30කි.  එහි මූල්‍ය අලාභය පමණක් ඩොලර් මිලියන 720කි.

මිල අධිකම අලාභය: තනි යානයක් ලෙස ගත්කල මෑතකදී අනතුරට පත් MQ-4C Triton ඔත්තු බලන යානය වෙනුවෙන් ඇමරිකාවට ඩොලර් මිලියන 240ක අලාභයක් දරා ගැනීමට සිදුව තිබේ. එම යානයක වටිනාකම ඩොලර් මිලියන  240කි.

ප්‍රහාරක යානා හානි: මෙයට අමතරව අධි තාක්ෂණික F-15E Strike Eagle යානා 04ක්  විනාශ වී ඇත.  එක් යානයක වටිනාකම  ඩොලර් මිලියන 94කි.  සමස්ථ පාඩුව  ඩොලර් මිලියන 376කි.

A-10 Thunderbolt II යානයක් ද විනාශ වී ඇත. එම යානයේ වටිනාකම ඩොලර් මිලියන 20කි.

සහායක යානා හානි: ගුවන් මැද ඉන්ධන පිරවුම් යානා (KC-135) 08ක් විනාශ වි ඇත. එක් යානකය වටිනාකම ඩොලර් මිලියන 40කි. සමස්ත පාඩුව  320කි.

හෙලිකොප්ටර් යානා 06ක් (CH-47 සහ MH-6) ද මෙම ලැයිස්තුවට ඇතුළත් වේ. CH-47  යානා දෙකක් ඒ අතර වේ. එකක වටිනාකම ඩොලර් මිලියන 38කි. වටිනාකම ඩොලර් මිලියන 76කි.  අනෙක් යානා 04 MH-6 Little Bird හෙලිකොප්ටර්ය. එක් යානයක වටිනාකම ඩොලර් මිලියන 02ක්. සමස්ත පාඩුව ඩොලර් මිලියන 07කි.

මේ සමස්ථය ගණනය කරන විට ගුවන් යානා විනාශ වීමෙන් පමණක් ඇමරිකාවට ඩොලර් බිලියන දෙකක වත්කමක් අහිමි වී ඇත. එම මුදල රුපියල් කෝටි 60,000කට අධිකය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හබරාදූව මුහුදේ  සිය පුතුන් දෙදෙනා  අත් අල්ලාගෙන එකට  දියේ ගිලී මිය යනු දුටු තාත්තාගේ සාක්ෂිය…

Next Post

ගල් අඟුරු ආනායනයේ දී වැරැද්ද ඇති සිදුවූ තැන ස්වාධීනව සොයනවා… සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර අද කී කතාව…!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.