සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

by editor
ජූනි 4, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි   විසින් දේශීය වශයෙන් ගිනි අවි නිෂ්පාදනය කිරීමේ නිරත වන්නේද යන්න පිළිබඳව සැක මතු කරමින් තිගස්වනසුලු තොරතුරු ප්‍රමාණයක්  බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් කළ සුවිශේෂී වැටලීමක දී   අනාවරණය වී තිබේ.

එම වැටලීමේ දී දෙමටගොඩ පාලිත පෙදෙසේ පිහිටි නිවසක සඟවා තිබූ, දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද ගිනි අවි 19ක්  ඊයේ (03) දින පොලිස් භාරයට ගැනිණි. එම ගිනි අවි සමග මත්කරල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ද පොලිස් භාරයට පත් විය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී දැනට වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින ‘දෙමටගොඩ චමින්ද’ නමැත්තාගේ පුත්‍රයාට මෙම අවි තොගය සහ මත්ද්‍රව්‍ය   සම්බන්ධයෙන් සෘජු සබඳතාවක් පවතින බවට පොලිසිය සැක කරයි. ඔහු මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කොළඹ නගරය තුළදී මෙතරම් විශාල ගිනි අවි තොගයක් එකවර සොයාගත් පළමු අවස්ථාව මෙය වන අතර, බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කාලිංග ජයසිංහ සඳහන් කළේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළව සිදුකළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සාර්ථක කරගත් බවයි.

පිස්තෝල වර්ගයේ ගිනි අවිවලට සමාන වන අයුරින් ඉතා සූක්ෂ්ම ලෙස මෙම දේශීය ගිනි අවි නිෂ්පාදනය කර තිබේ. අදාළ නිවස ජාවාරම්කරුවන් විසින් රහස් ගබඩාවක් ලෙස භාවිත කර ඇති අතර, එහි උඩුමහලේ කාමරයක තිබූ ‘බෆල්’ (Baffle) ස්පීකර් දෙකක් තුළ මෙම ගිනි අවි සඟවා තිබියදී සොයාගෙන ඇත. මාස තුනකට පෙර කුලී පදනම මත ලබාගෙන ඇති මෙම නිවසට, මෙම ගිනි අවි රැගෙන ආවේ කවුරුන් විසින්ද, කොහේ සිටද සහ කිනම් කාලයකදීද යන්න සෙවීම සඳහා මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මකය.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

දීර්ඝ මෙහෙයුමේ අදියර

මෙම දැවැන්ත ජාලය කොටුකර ගැනීමට හැකි වූයේ මැයි මාසයේ සිට පොලිසිය දියත් කළ අඛණ්ඩ වැටලීම් මාලාවක ප්‍රතිඵලයක් වශයෙනි:

  • මැයි මුල් සතිය: හෙරොයින් ග්‍රෑම් 25ක් සමඟ පළමු සැකකරු අත්අඩංගුවට ගැනීම.
  • දෙවන වැටලීම: ඔහුගෙන් ලද තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ තවත් සැකකරුවෙකු කොටු කරගැනීම.
  • මැයි 19: කඩවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකහමාරක් සමඟ තෙවන සැකකරු අත්අඩංගුවට ගැනීම.
  • මැයි 21: දෙමටගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි 40කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 39යි ග්‍රෑම් 876ක් සමඟ තවත් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම.

මෙම මත්ද්‍රව්‍ය ජාලය පිටුපස සිටි සැකකරුවන් සිව්දෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත දෙමටගොඩ පාලිත පෙදෙසේ නිවස පරික්ෂා කිරීමට පොලිසිය පියවර ගත්තේය.

එහිදී මත්කුඩු සෙවීම සඳහා කළ සෝදිසියේදී මෙම ගිනි අවි තොගය හමු වී ඇත්තේ අනපේක්ෂිත අයුරිනි.

අත්අඩංගුවට පත් සැකකරුවන් ඇඹිලිපිටිය, මාතර සහ මතුගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිත් ජයසේකරගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂකවරුන් වන තිසේරා, මධුසංක, පොලිස් සැරයන්වරුන් වන සරත් (61030), ගයාන් (77930) සහ පොලිස් කොස්තාපල්වරුන් වන මැද්දෙකැටිය (85030), ලක්ෂාන් (20732) යන නිලධාරීහු මෙම වැටලීම සාර්ථකව සිදු කළහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Next Post

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.