අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එකඟතා බිඳි TNA මුලුමනින්ම විනාශ වෙයි… සන්ධානයේ දැන් ඉන්නේ සුමන්තිරන්ලාගේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය විතරයි…

by editor
අගෝස්තු 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ජනාධිපතිවරණය සඳහා මෙවර දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත්වීමත් සමගම දෙමළ ජාතික සන්ධානය දියාරූ වී ගොස් එක් පක්ෂයකට පමණක් සීමා වී තිබේ.

දෙමළ ජාතික සන්ධානය වශයෙන් සන්ධාන ගත වූ සියලුම පක්ෂ තනි තනිවම කටයුතු කිරීමට පටන් ගැනීම නිසා මේ වන විට එවැනි සන්ධානයක් නැති වී තිබේ.

දෙමළ පොදු අපේක්ෂකයා වන බී.අරියනේත්‍රම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සහය දැක්වීම සදහා දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ දෙකක් වන ටෙලෝ ( TELO ) පක්ෂය හා ප්ලොට් ( PLOT ) පක්ෂය ඉදිරිපත් වී සිටියි.

ඔවුන් දෙමළ පොදු අපේක්ෂකයා සමග….

එම පක්ෂ දෙකේ නායකයින් වන සෙල්වම් අඩෙයිකලනාදන් හා ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මන්ත්‍රීවරු දෙදෙනාම මේ දිනවල දෙමළ පොදු අපේක්ෂකයා සමග තැනින් තැනට ගොස් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වන අතර ඔවුන් දෙදෙනා ජනතාව අමතමින් ඔහුට සහය ලබා දෙන ලෙසද ඉල්ලා සිටින්නට පටන් ගෙන තිබේ.

උතුරු පළාත පුරාම දෙමළ පොදු අපේක්ෂකයාගේ මූලිකත්වයෙන් ජන හමු පැවැත්වීමට මන්ත්‍රීවරු දෙදෙනා කටයුතු සලසා ඇති නමුත් ඔවුන් දෙදෙනා මෙතෙක් දෙමළ ජාතික සන්ධානයට එරෙහිව කිසිවක් ප්‍රකාශ කොට නොමැති අතර එම පක්ෂය ගැනද මැතිවරණ වේදිකාවල කිසිවක් සඳහන් කොට නොමැත.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

දෙමළ ජාතික සන්ධානයේ ආරම්භක අවස්ථාවේදී ඊට ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ පහක් ඇතුළත් වූ අතර මේ වන විට දෙමළ ජාතික සන්ධානය වශයෙන් හැදින්වීමට සිදුව ඇත්තේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ( ITAK ) පමණකි.

මුලින්ම ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් තිබූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ( TULF )දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් විය.

පසුව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ආර්.එල්.එෆ්. ( E.P.R.L.F )සංවිධානය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වී ගොස් තනිවම කටයුතු කිරීම පටන් ගත්තේය.

පසුව දෙමළ ජාතික සන්ධානයට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ටෙලෝ පක්ෂය හා ප්ලොට් පක්ෂය ඉතිරි වූ අතර මීට පෙර පැවති මහ මැතිවරණයේදී ටෙලෝ හා ප්ලොට් පක්ෂ දෙක දෙමළ ජාතික සන්ධානයෙන් ගැලවී ඉවත්ව යාමට සූදානම් විය.

නමුත් එවකට දෙමළ ජාතික සන්ධානයේ නායකයාව සිටි ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා විශාල වෙහෙසක් දරා පක්ෂයේ දෙදරායාම නවත්වා ගැනීමට සමත්විය.

සම්පන්ධන් මන්ත්‍රීවරයා මියගොස් මාස තුනක් යාමටත් පෙර දෙමළ ජාතික සන්ධනය නැමති සන්ධාන ගත දෙමළ පක්ෂය නොමැති වී ගොස් ඇත්තේ ටෙලෝ හා ප්ලොට් සංවිධාන එම සන්ධානයෙන් ඉවත්ව යාමත් සමගය.

දෙමළ පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමගම ප්ලොට් ( PLOT )හා ටෙලෝ ( TELO ) සංවිධාන දෙක ඔහුට සහය දැක්වීමට ඉවත් වී යාම නිසා මේ වන විට දෙමළ ජාතික සන්ධානය යනුවෙන් සන්ධාන ගත වූ දෙමළ පොදු දේශපාලන පක්ෂයක් නොමැති වී ගොස් තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක් අපේක්ෂකයෙකුට මැතිවරණය සඳහා කළ හැකි උපරිම වියදම රුපියල් කෝටි 186 යි… ඡන්ද දායකයෙකුට වැය කළ හැකි මුදල රුපියල් 109යි… මැතිවරණ කොමිසම ගැසට්ටුව නිකුත් කරයි…

Next Post

කවුරු ජනාධිපති වුනත් කමක් නෑ… රටට දේශයට හිතවත් වැඩපිළිවෙළක් සඳහා ව්‍යාපාරිකයන් ලෙස අප ඔහුට සහයෝගය දෙනවා… ඩඩ්ලි සිරිසේන කියයි!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.