අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක් අපේක්ෂකයෙකුට මැතිවරණය සඳහා කළ හැකි උපරිම වියදම රුපියල් කෝටි 186 යි… ඡන්ද දායකයෙකුට වැය කළ හැකි මුදල රුපියල් 109යි… මැතිවරණ කොමිසම ගැසට්ටුව නිකුත් කරයි…

ඇතැම් අපේක්ෂකයින් මෙවැනි සිව් ගුණයක් වියදම් කිරීමට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබුණා...

by editor
අගෝස්තු 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙක් වෙනුුවෙන් ජනාධිපතිවරණ අපෙක්ෂකයෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ තුන්වන වගන්තිය යටතේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයෙකු විසින් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැයකළ යුතු වියදම් සීමාව යටතේ ය.

මෙම වියදම් සීමාවන් තීරණය කළේ සියලු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව මැතිවරණ කොමිසම දන්වා සිටී.

ඒ අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට සිය ප්‍රචාරක කටයුතු සඳහා ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිව සිටින එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109කි

ඒ අනුව එක් අපේක්ෂකයෙකුට සමස්ථ මැතිවරණය සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් එකසිය අසූ හයකෝටි අසූ දෙලක්ෂ අනු අට දහස්, පන්සිය අසු හය (රුපියල් 186, 82,98,586 ) කි. ප්‍රචාරක වියදම් සදහා එම මුදලින් සියයට හැටක ප්‍රමාණයක් එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකිය.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජනාධිපති අපේක්ෂකයෙකුට එම මුදලෙන් සියයට 60ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නවලක්ෂ හැත්තෑ නව දහස් එකසිය පනස් එකයි ශත හැටක ((112,09,79,151යි ශත 60යි) මුදලක් සිය ප්‍රචාරක වියදම් ලෙස දැරිය හැකි වේ.

ඉතිරි සියයට 40 හෙවත් රුපියල් හැත්තෑහතර කෝටි හැත්තෑ තුන් ලක්ෂ දහ නව දහස් හාසිරය තිස් හතර යි ශත හතලිහක ( 74,73,19,434යි ශත 40යි) මුදලක් අපේක්ෂකයාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ වෙනත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාට හෝ අපේක්ෂකයෙකු නාමයෝජනා කළ ඡන්දහිමියාට වැයකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ගැසට් නිවේදනය අනුව මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු වේ.

එම වාර්තාව සැකසීමේ දී ප්‍රචාරක වියදම් සඳහා මුදල් ලැබුණු ආකාරය ඒවා වියදම් කළ ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඇතුළත් විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

නියමිත දිනයට අදාළ වාර්තාව භාරනොදීම හෝ වාර්තාවල දෝෂ සහිත වීම නීතීවිරෝධී ක්‍රියාවක් වන බවත්,  ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම් පනතේ සඳහන් දණ්ඩනයට යටත් විය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව සිය ගැසට් නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.


Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලෝකෙට පරකාසේ – ගෙදරට මරගාතේ… රාජ්‍ය දේපල, රාජ්‍ය මුදල් එළිපිට අවභාවිතා කරමින් කරන රනිල් ගේ මැතිවරණ කෙළිය ගැන අනුර හෙළි කරයි!

Next Post

එකඟතා බිඳි TNA මුලුමනින්ම විනාශ වෙයි… සන්ධානයේ දැන් ඉන්නේ සුමන්තිරන්ලාගේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය විතරයි…

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.