බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

NDB බැංකු වංචාව ගැන විමර්ශනය කරන්න ජාත්‍යන්තර වෝහාරික පරීක්ෂණයක් ඉල්ලා රවීගෙන් ජනපතිට ලිපියක්!

by editor
මැයි 3, 2026
in පුවත්
Ravi-K-MP
Share on FacebookShare on Twitter

NDB බැංකුවේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවන්, පද්ධතිමය අතපසුවීම් සහ මූල්‍ය අධීක්ෂණයේ පවතින දුර්වලතා පිළිබඳ සොයා බැලීමට ස්වාධීන ජාත්‍යන්තර වෝහාරික පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.

කරුණු 05ක් මුල් කරගනිමින් යොමු කර ඇති මෙම ලිපිය මගින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රධාන නියාමකයා ලෙස මූල්‍ය රෙගුලාසිවලට අනුකූල වීම සහ අවදානම් නිරීක්ෂණ යාන්ත්‍රණයන් සහතික කිරීමට අපොහොසත් වී ඇති බවයි.

මෙම වංචනික ගනුදෙනු හේතුවෙන් රජයට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමි වී ඇති බව පෙන්වා දෙන රවී කරුණානායක, එම පාඩුව කඩිනමින් ගණනය කර අයකර ගැනීමට පියවර ගත යුතු බවද අවධාරණය කරයි.

ස්වාධීන වෝහාරික විගණනයක අවශ්‍යතාවය

මෙම පරීක්ෂණය සඳහා ආයතනයක් පත් කිරීමට මහ බැංකුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ගැටලු පවතින බව පවසන මන්ත්‍රීවරයා, එහි ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව සඳහන් කරයි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ඒ අනුව මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ප්‍රධාන කරුණු මෙසේය:

  • ජාත්‍යන්තර කණ්ඩායමක් පත් කිරීම: කිසිදු පක්ෂපාතීත්වයකින් තොර, ජාත්‍යන්තරව පිළිගත් ස්වාධීන වෝහාරික පරීක්ෂණ කණ්ඩායමක් පත් කිරීම.
  • විදේශීය සහය ලබා ගැනීම: ඉන්දීය රිසර්ව් බැංකුව (RBI), ජපාන බැංකුව (BOJ), එංගලන්ත බැංකුව (BOE), සිංගප්පූරු මූල්‍ය අධිකාරිය (MAS) හෝ මැලේසියානු මහ බැංකුවේ සහය මේ සඳහා ලබා ගැනීම.
  • විෂය පථය පුළුල් කිරීම: මහ බැංකුවේ නියාමන අතපසුවීම්, තාක්ෂණික පද්ධතිවල දුර්වලතා, ප්‍රාග්ධන වෙළෙඳපොළ අධීක්ෂණ අසාර්ථකත්වයන් සහ 2023 අංක 16 දරන මහ බැංකු පනත යටතේ වගවීමේ රාමුව පරීක්ෂා කිරීම.
  • සුදුසුකම් පරීක්ෂා කිරීම: බැංකුවල විගණන කමිටු සාමාජිකයින්ට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමාණවත් පළපුරුද්දක් නොමැති වීම තුළින් මහ බැංකුවේ “සුදුසු සහ යෝග්‍ය” (Fit and Proper) නිර්ණායකවල සඵලතාවය පිළිබඳ පවතින ගැටලුව විමර්ශනය කිරීම.
  • IMF දැනුවත් කිරීම: මූල්‍ය අංශයේ පාලනය ශක්තිමත් කිරීමට රජය ගන්නා පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත නිල වශයෙන් දැනුම් දීම.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) සහාය මෙම ක්‍රියාවලිය සඳහා ලබා දීමට සූදානම් බවත්, ස්වාධීන වෘත්තීය ආයතන හඳුනා ගැනීමට සහ නිර්දේශ කිරීමට තම කාරක සභාවට දායක විය හැකි බවත් රවී කරුණානායක වැඩිදුරටත් සඳහන් කරයි. බැංකු පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය සහ මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට මෙම පියවර කඩිනමින් ගත යුතු බව මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් අවධාරණය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාලදිවයින් ජනපති දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට: ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට අවබෝධතා ගිවිසුම් රැසක්

Next Post

එයාර් බස් ගනුදෙනුව ගැන සාක්ෂි දෙන්න මහින්ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යයි ද?

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.