බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැය 32කට ලක්ෂ 166ක මහජන මුදල් අනීතිකව වියදම් කිරීම…  ජූලි 18ට පෙර  රනිල්ට එරෙහිව අධිචෝදනා ගොනු කරන බව නීතිපති අධිකරණයට කියයි!

by editor
අප්‍රේල් 29, 2026
in පුවත්
ranil
Share on FacebookShare on Twitter

ලංකාසර අධිකරණ – 

රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් යොදාගෙන පුද්ගලික විදේශ සංචාරයක යෙදීමේ චෝදනාවට අදාලව ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් රනිල් වික්‍රමසිංහට එරෙහිව කඩිනමින් මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නීතිපතිවරයාට අද දැනුම් දුන්නේය.

ඒ මෙම චෝදනාවට අදාල නඩුව අද නැවත කැඳවූ අවස්ථාවේ දී ය.

රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් භාවිතා කරමින් පුද්ගලික විදේශ සංචාරයක යෙදීම හේතුවෙන් හිටපු ජනාධිපති රනිල්  වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ට එරෙහි නඩුව අද (29)  කොටුව මහේස්ත්‍රාත්  ඉසුරු නෙත්තිකුමාරගේ  ඉදිරියේ කැඳවනු  ලැබුවේය.   සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව අධිකරණයට දැන්වීමෙන් පසු   ඇපමත සිටින රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් වූයේ නැත. ඒ බව ඔහු වෙනුවෙන‍් පෙනී සිටි ජනාධිපති නීතිඥ  තිලක් මාරපන විසින් අධිකරණයට දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම

මෙම නඩුවට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයේ තවත් සුවිශේෂී අනාවරණ කීපයක් අද අධිකරණයේ දී හෙළි විය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිය මෛත්‍රි වික්‍රමසිංහගේ ප්‍රකාශය සහ වුලෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් විමසූ කරුණුවලට අදාලව ඊ මේල් පණිවිඩයක්  මගින් ලැබී ඇති ප්‍රතිචාරය ද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අද අධිකරණයට වාර්තා කළේය.

වුල්ර්ෆ්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ප්‍රතිචාරය අනුව රනිල් වික්‍රමසිංහගේ සංචාරය 2022 සැප්තැම්බර් 22 දා එම විශ්වවිද්‍යාලයේ පැවැත්වුන මෛත්‍රී වික්‍රමසිංහට ගෞරව මහාචාර්ය උපාධියක් ලබා දීම හා ඊට සමගාමීව පැවති දිවා භෝජන සංග්‍රහයට අදාලව පැවති කටයුත්තකි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මේ සඳහා  එක්සත් රාජධානි රජයේ කිසිදු රාජ්‍ය මැදිහත් වීමක් සිදුවී නොමැති බවත්, 2023 සැප්තැම්බර් 01 දා එවූ ලිපිය ආරාධනාව ලෙස ලැබී ඇති බවත්, එම ලිපිය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයක් අනුව ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලය හරහා යොමු වී ඇති බවට අනාවරණයක්    සිදුවී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය.

රනිල් වික්‍රමසිංහගේ බිරිය මෛත්‍රී වික්‍රමසිංහගේ ප්‍රකාශයෙන් අනාවරණය වී ඇත්තේ 2023 සැප්තැම්බර් 22 හා 23 දෙදින එක්සත් රාජධානියේ  සිදුවූ සංචාරය තුළ රාජ්‍ය තාන්ත්‍රික හෝ නිල හමුවීම් කිසිවක් සිදුවී නොමැති බවය.

නීතිපතිවරයාගේ කරුණු දැක්වීම

අධිකරණයේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්  දිලීප පීරිස් මෙසේ පැවසුවේය.

“මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට 2023  වසරේ ජූලි මස 15 වැනිදා තමයි වුල්වර් හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් උපාධි ප්‍රධානෝත්සවයට ආරාධනා ලැබිලා තියෙන්නේ. ඇය මේ උපාධි ප්‍රධානෝත්සවයට යන ආකාරයක් කල්පනා කර කර ඉන්න අතරතුර ස්වාමිපුරුෂයාවන පළමු සැකකරුහට කියුබාවේ සහ ඇමරිකාවේ සංචාරයක් ආ බවත්, එම සංචාරය  අතරතුර ට්‍රාන්සිට් එකක් ලෙස ඇයට උපාධි ප්‍රදානෝත්සවයට යන්න අවස්ථාව ලැබුණු බවත් ඇය ප්‍රකාශ ලබා දෙමින් පවසා තිබෙනවා ස්වාමීනි.”

“මේ ජූලි 15 ලිපිය පිළිබඳ කරුණු අනාවරණයවන පළමු අවස්ථාවයි මෙයයි. මීට පෙර මේ ජූලි 15 ලිපිය පිළිබඳ අනාවරණය විමක් නෑ.”

“ස්වාමීනී. මෙතන ගැටලුව පළමු සැකකරුට ඇමරිකා කියුබා සංචාරය ආ දිනයේම මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයට දින නියම වීමයි.”

“ස්වාමීනි. මේ පාර්ශව දෙක අතර කුමන්ත්‍රණකාරී ගනුදෙනුවක් වෙලා තියනවද කියලා යම් සැකයක් තිබෙනවා. ට්‍රාන්සිට් එකක් කියන වචනයේ තේරුමක් තියනවානේ. කවුද ට්‍රාන්සිට් එකකට ඇජෙන්ඩා හදා ගන්නේ. මේක ඇස් වහලා සැලසුම් සහගත ලෙස ගිය ගමනක් ස්වාමීනි. අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කීවේය.

ඔහු පැවසුවේ  රනිල් වික්‍රමසිංහ සහ බිරිය මෙම සිද්ධිය සම්බන්ධව දරන ස්ථාවරය පරස්පර බවය.

“ ස්වාමීනි. මේ දින දෙකේ සංචාරයේ දී කිසිම රාජ්‍ය තාන්ත්‍රික හමුවීමක් සිදුවි නැහැ. මෙත දැන් මහජන මුදල් අවභාවිතය ගැන පොදු දේපල පනත යටතේ ප්‍රබල නඩුවක්  තියෙනවා.  මොකද පළමු සැකකරු මෙම සිද්ධියේ දී දරන ස්ථාවරය වෙන්නේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හරහා ලද නිල ආරාධනයක් අනුව මෙම දින දෙකේ සංචාරයට ගිය බවයි.”

“නමුත් ඔහුගේ බිරිය කියන්නේ මේ පළමු සැකකරු ඇමරිකාවේ සහ කියුබාවේ සිදුකළ සංචාරය අතරතුර ට්‍රාන්සිට් එක්ක විදිහට උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වුනා කියලා.”

“ඇයගෙන් ප්‍රකාශය ලබා ගත්තේ පසුගිය 24 වැනිදා. මෙම ප්‍රකාශය සම්බන්ධව තවමත් විමර්ශන නිලධාරීන් අධ්‍යයනය කරමින් සිටිනවා ස්වාමීනි.  මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මේ නඩුවේ කිසිසේත්ම සාක්ෂිකාරියක්  කරන්න බෑ නෛතික ප්‍රතිපාදන අනුව. මොකද පළමු සැකකරු ඇයගේ ස්වාමියා.”

“නඩුවේ ඇය සැකකාරියක් කරනවා ද නැද්ද කියලා තව තීරණයකට එළඹ නෑ.  ඒ බව ඇයගේ ප්‍රකාශය පූර්ණ අධ්‍යයනයකට ලක් කර  ඒ පිළිබඳව තීරණය කරනවා.”

රනිල් වික්‍රමසිංහගේ පාර්ශවයේ කරුණු දැක්වීම 

රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන මෙහිදී කරුණු දැක්වූයේය. සිය සේවාදායකයට මේ සංචාරයේ වියදම් සම්බන්ධව කිසිම වගකීමක් නැති බව ඔහු කීවේය. මෙහිදී සිදුකර ඇති වියදම් ඉතාම වැඩි බවත්, ඒ තුළ පාර්ශව කීපයක් වාසි අත් කරගෙන ඇති බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.  ඔහු කීවේ අද නඩුව අවසන් යැයි සිතා පැමිණි නමුත් තවමත් නඩුව අවසන් නැති බවය.

ජනාධිපති නීතිඥ තිලක් මාරපන කීවේ මෙවැන්නකි.

“ස්වාමීනි. වුල්ෆ් හැම්ටන් විශ්වවිද්‍යාල පෞද්ගලිකව නොව, රජයෙන් නඩත්තු කරන විශ්වවිද්‍යාලයක් බව අනාවරණය වී අවසන්. ඇත්තටම මෙතන නඩුවක් නෑ ස්වාමීනී. මෙතන වංගු දාලා වෙන වෙන පැතිවලට කරකවන්න හදනවා.  මෙතැන අදාල සංචාරයට සියල්ල සංවිධානය කරලා තියෙන්නේ ස්කයිවින්ග්ස කියන ආයතනයෙන්.”

“ ස්වාමීනි… මේ සංචාරයට රුපියල් මිලියන 16ක් වියදම් කළා කියනවා. අපිත් නිල ගමන් ගිහින් තියනවා. කවුද  කොච්චර වියදම් කරනවාද කියලා  අපි බලන්නේ නෑ. මෙච්චර සල්ලි වියදම් කළේ මොකටද කියලා විමර්ශනයක් කරන්න ඕන ස්වාමීනි.

“ස්වාමීනි. මේ සංචාරයට බ්‍රිතාන්‍ය රජයෙන් වාහන ලබා දුන්නා. හැබැයි සංචාරයේ වාහන  පහකට වියදම් කරලා තියනවා මිලියන 03ක්  . මගේ සේවාදායකයා වාහන භාවිතා කළේ නෑ. ”

“ලන්ඩනයේ නැවතිලා හිටිය හෝටලය රේණුකා හෝටලය වගේ පොඩි හෝටලයක්. මිලියන 02ක් කෑමට ගිහින් කියලා තිබෙනවා. මාසයක් කන්නවත් මිලියන දෙකක් යන්නෙ නෑ නේ ස්වාමීනි මිනිහෙකුට. මෙතන හොරකමක් වෙලා තියෙනවා.”

මෙහිදී අදාල මුදල ගෙවූයේ කවුරුන්ද යන්න මහේස්ත්‍රාත්වරයා විමසුවේය.  ඊට පිළිතුරු දුන් තිලක් මාරපන නීතිඥවරයා මෙසේ පැවසුවේය.

“ස්වාමීනි. ආණ්ඩුව තමයි ගෙවලා තියෙන්නේ . අපි වියදම් බලන්නෙ නෑ. වියදම් කරනවා. අනික ස්වාමීනි මේක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. තානාපති කාර්යාලය හා සංචාරයේ ගමන් කටයුතු සංවිධානය කරපු මේ ස්කයිවින්ග්ස් ආයතනය එකතු වෙලා මේ හොරකම කරලා තිබෙන්නේ. මේක ගැන වෙනම විමර්ශනයක් කරන්න ඕන ස්වාමීනි.”

ඊට පිළිතුරු දුන් අතිරේක  සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් පැවසුවේ මහජන මුදල් හිතුමතේ කිසිම පුද්ගලයෙකුට කිසිම කරුණකට කාබාසිනියා කළ නොහැකි බවය.

මෙහිදී දිලීප පීරිස් මෙසේ කරුණු ඉදිරිපත් කළේය.

“ස්වාමීනි… මම මගෙන්ම අහගත්තා ට්‍රාන්සිට් කියන එකේ තේරුම ඉගෙන ගනිද්දි මගේ වයස කීයද කියලා. ස්වාමීනි… ඔවුන් ට්‍රාන්සිට් එකක් නිසා රෙස්ට් කරන්න ලන්ඩන් ගියාලු.   රෙස්ට් කරන්න ගිහිල්ලා අදාල උත්සවයට යන්න කිලෝ මීටර 200යි. ආයෙ එන්න කිලෝමීටර 200යි. කිලෝමීටර 400ක් ගමන් කරන එකට ද රෙස්ට් කරනවා කියන්නේ.”

“බ්‍රිතාන්‍ය පොලිසියට මානසික ලෙඩක් නැහැ ස්වාමීනී මොවුන්ට ආරක්ෂාව දෙන්න. එහෙම ආරක්ෂාව දෙන්නෙ නැහැ. මේක නිල සංචාරයක් නොවන නිසා.”

“අනෙක ස්වාමීනි එන්ඩ් ලන්ච් එකක් තියලා, ඒවාට ආරාධනා පත්‍ර ගහලා…  ට්‍රාන්සිට් එකක ඒවා කරන්න පුලුවන් ද?. ස්වාමීනි. වියදම් බලන්නේ නෑලු. ඔහේ වියදම් කරනවලු.  පැය 32ක්.. ලක්ෂ 162ක් වියදම් කරලා. ස්වාමීනී.  මේ ගමන පූර්ණ සැලසුමක් ඇතිව ලක්ෂ 162ක්  වියදම් කරලා ගිය ගමනක්.”

එවිට විනිසුරුවරයා මෙසේ පැවසුවේය.

“ඒක අධිකරණය පිළිගන්නේ නෑ. මහජන මුදල් එහෙම වියදම් කරන්න බැහැ. ඉස්සරහටවත් මේවා නවත්වන්න ඕන.”

දිලීප පීරිස් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කිවේ මහකොමසාරිස් කාර්යාලය මූල්‍ය අවභාවිතයට සම්බන්ධ නම් ඔවුන්ට එරෙහිව ද පියවර ගන්නා බවය.

අධිකරණයේ නියෝගය

ප්‍රමාණවත් සාක්ෂි ඇති බවත්, අපරාධ නඩුවක  විමර්ශන කල් මැරීම තුළින් එම විමර්ශන වටිනාකම අඩු වී යන බැවින් කඩිනමින් සැකකරුට  අධි චෝදනා ගොනු කිරීමට කරුණු සලකා බලන ලෙසත්  කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කොළඹ කොටුව  මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ   මෙසේ ප්‍රකාශ කළේය.

“සාමාන්‍යයෙන් අපරාධ නඩුවක විමර්ශන කල් මැරීමෙන් සිදුවන්නේ එම විමර්ශනයේ  වටිනාකම අඩු වෙන එක. ඒ නිසයි අධිකරණය මෙතරම් විමසන්නේ සැකකරුවන්ට අධි චෝදනා ගොනු කිරිම සම්බන්ධව.”

“පළමු සැකකරුට එරෙහිව ඇති සාක්ෂි අනුව ඔහුට චෝදනා ගොනු කිරීමේ හැකියාවක් තිබෙනවා. දෙවැනි සකකරු සංචාරයට මුදල් අනුමත කිරීමේ ක්‍රියාවලියේ දී කටයුතු කර තිබෙන ආකාරය අනුව ඔහුගේ සාවද්‍ය මනස සනාථ වෙනවානම් ඔහුට ද අධි චෝදනා ගොනු කළ හැකියි. විමර්ශනය කල් මරන්නේ නැතිව අධි චෝදනා ගොනු කරන්න. එසේ නැතිනම්  සැකකරුවන් නිදහස් කළ යුතුයි. ”

“පළමු සැකකරුගේ භාර්යාව සාපරාධී මනසකින් කටයුතු කළ බවට අධිකරණයට කරුණු අනාවරණය වීමක් මෙතෙක් සිදු වී නෑ. අයට අපරාධ වගකීමක් පැවරීමට මේ සිද්ධියේ යම් කිසි කරුණු අනාවරණය වීමක් තිබේ ද යන්න කඩිනමින් විමර්ශනය කරන්න.”

“මේ සියල්ලටම තව කොපමණ කාලයක් විමර්ශන නිලධාරීන්ට  අවශ්‍ය ද?.”  මහේස්ත්‍රාත්වරයා විමසුවේය.

ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කීවේ විමර්ශන සඳහා මාසයක කාලයක් ප්‍රමාණවත් බවය.

ඉදිරි නඩු දිනයට පෙර සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියේය. නඩුව ජූලි 08 යළි කැඳවීමට නියමිතය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ක්‍රිකට් පරිපාලනය යළිත් මහත්තුරු අතට…. අතුරු කමිටුවේ සභාපති එරාන්… සිදත් රොෂාන් සහ සංගා කමිටුවේ සාමාජිකත්වයට…

Next Post

මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීම  සඳහා  පිහිටුවන  නව අධිකාරිය  සම්බන්ධව  ජනපති අනුරගෙන් විශේෂ සාකච්ඡාවක්!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.