බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීම  සඳහා  පිහිටුවන  නව අධිකාරිය  සම්බන්ධව  ජනපති අනුරගෙන් විශේෂ සාකච්ඡාවක්!

by editor
අප්‍රේල් 29, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගනිමින් පෝෂණය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පසුගිය දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ දැඩි වර්ෂාපතනය හා ඒ හමුවේ සිදු වූ නායයාම් හේතුවෙන් මධ්‍යම කඳුකරයට විශාල පරිසර හානියක් සිදු විය. රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර ගනිමින් පෝෂණය කිරීමේ දැඩි අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉහළ ජල පෝෂක ප්‍රදේශවල පාරිසරික ගැටලුවලට තිරසාර විසඳුම් සෙවීම සඳහා මධ්‍යම කඳුකරය රැක ගැනීමටම වෙන් වූ වෙනම අධිකාරියක් පිහිටුවීමට තීරණය කළේය.

ANURA

මෙම සාකච්ඡාවේදී අදාළ අධිකාරිය පිහිටුවීමේ ක්‍රියාවලියට අදාළ නීතිමය ප්‍රතිපාදන සහ මේ වන විට අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව පුළුල් ලෙස කරුණු විමසා බැලුණු අතර, ඊට එක්ව සිටි විද්වතුන් විසින් විවිධ යෝජනා සහ අදහස්ද ඉදිරිපත් කරන ලදී. එම සියලු කරුණු සැලකිල්ලට ගනිමින්, නව අධිකාරිය පිහිටුවීමේ ඉදිරි කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවේ ඉහළ ජලධාර ප්‍රදේශවල පාරිසරික ප්‍රතිස්ථාපනය සහ කළමනාකරණය මෙම නව අධිකාරියේ ප්‍රධාන වගකීමක් වේ. මීට අමතරව:

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

  • ජාතික ජල සුරක්ෂිතතාව සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම.
  • ආපදා අවදානම අවම කිරීම.
  • ආර්ථික සහ බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම.
  • දේශගුණික විපර්යාසයන්ට අනුකූල වීම සහ ඒවායේ බලපෑම් අවම කිරීම.
  • ස්වභාවික ප්‍රාග්ධන ගිණුම්කරණය.

වැනි අරමුණු රැසක් ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ආයතනික සම්බන්ධීකරණය සිදු කිරීමද මෙම නව අධිකාරිය මගින් අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ අදාළ ආයතන ප්‍රධානීහු එක්ව සිටියහ.

එසේම රාජ්‍ය නිලධාරීන්, පරිසරවේදීන්, සොබාදහම් සංරක්ෂණ අන්තර්ජාතික සංගමය (IUCN) සහ ආසියානු සංවර්ධණ බැංකුවේ (ADB) නියෝජිතයන් මෙන්ම ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රවීණයන් පිරිසක්ද මෙම තීරණාත්මක සාකච්ඡාවට සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැය 32කට ලක්ෂ 166ක මහජන මුදල් අනීතිකව වියදම් කිරීම…  ජූලි 18ට පෙර  රනිල්ට එරෙහිව අධිචෝදනා ගොනු කරන බව නීතිපති අධිකරණයට කියයි!

Next Post

පුටින් සහ ට්‍රම්ප් අතර පැයකට වැඩි දුරකථන සංවාදයක්: ඉරාන සහ යුක්රේන ගැටුම් ගැන දීර්ඝව සාකච්ඡා කරයි

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.