බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොහුවල චීන කාන්තාව මැරූ සැකකරු හඳුනාගැනීමට මහජන සහාය පතයි: විදෙස් ගමන් බලපත්‍ර විස්තර මෙන්න !

by editor
මාර්තු 28, 2026
in පුවත්
WANG-HUIYIN
Share on FacebookShare on Twitter

කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ පෞද්ගලික නිවාස සංකීර්ණයකදී 26 හැවිරිදි චීන ජාතික කාන්තාවක පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

පසුගිය මාර්තු 23 වැනි සඳුදා දහවල් කාලයේදී කොහුවල, කළුබෝවිල පාරේ පිහිටි කෙන්ට් රෙසිඩන්ස් (Kent Residence) නිවාස සංකීර්ණයේ දෙවන මහලේ අංක 02/01 දරන නිවාස ඒකකය තුළදී මෙම කාන්තාව ඝාතනයට ලක්ව තිබිණි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇයගේ හිටපු පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. මියගිය තරුණිය සහ සැකකරු අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

විමර්ශන අංශ පවසන පරිදි, ඝාතනයට ලක්වූ චීන ජාතික තරුණිය සහ සැකකරු මෙරට කිසිදු අධ්‍යාපන ආයතනයකට හෝ ස්ථිර රැකියාවකට සම්බන්ධ වී ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. ඔවුන් දෙදෙනාම මෙරටට පැමිණ ඇත්තේ සංචාරක වීසා බලපත්‍ර (Tourist Visa) මගින් බවට මූලිකව සැක කෙරෙන අතර, ඔවුන්ගේ වීසා කාලසීමාවන් ඉක්මවා මෙරට රැඳී සිටියේ ද යන්න පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටින අතර, ඔහු ගුවන් මගින් මෙරටින් පිටව යාම වැළැක්වීම සඳහා ගුවන් තොටුපොළ බලධාරීන් ද දැනුවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ කොහුවල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

සැකකරුගේ තොරතුරු පහත පරිදි වේ:

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

  • නම: WANG HUIYIN (වෑන්ග් හුයින්)
  • උපන් දිනය: 2000.06.01
  • විදේශ ගමන් බලපත්‍ර අංක: EE6791329 හෝ ER3805969
  • විශේෂ සලකුණු: සැකකරුගේ වම් අතේ ඇඟිලි තුවාල වී මැහුම් දමා ඇත.

සැකකරු හඳුනාගැනීමට හැකි වන පරිදි පොලිසිය විසින් ඔහුගේ ඡායාරූපයක් ද මාධ්‍ය වෙත මුදා හැර ඇත. මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනයාගෙන් ඉල්ලා සිටියි.

  • ස්ථානාධිපති (කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය – ගල්කිස්ස): 071-8596408
  • ස්ථානාධිපති (කොහුවල පොලිස් ස්ථානය): 071-8591669
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ රිට් පෙත්සම ජූනි 2 දාට… නීතිපති වෙනුවට ජනාධිපති නීතිඥ කනග් ඊශ්වරන් කථා නායක වෙනුවෙන් පෙනී සිටී!

Next Post

ට්‍රම්ප් හෝමොස් සමුද්‍ර සන්ධිය ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය ලෙස තමන්ගේ නමින් නම් කරගනී!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.