බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප් හෝමොස් සමුද්‍ර සන්ධිය ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය ලෙස තමන්ගේ නමින් නම් කරගනී!

by editor
මාර්තු 28, 2026
in පුවත්
TRUMP
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ලෝකයේ වඩාත්ම සංවේදී බලශක්ති නාවික මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය තම නමින් නම් කිරීමට ඇති කැමැත්ත ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කළේ ෆ්ලොරිඩාවේ මියාමි (Miami) නුවර පැවැති FII Priority Summit (Future Investment Initiative) නම් වූ සවුදි අරාබියේ පූර්ණ අනුග්‍රහය සහිත ආයෝජන සමුළුව අමතමිනි.

2026 මාර්තු 27 වන සිකුරාදා (දේශීය වේලාවෙන්) පැවැති මෙම සමුළුවේදී ඔහු ඉරානය සමඟ පවතින යුද්ධය සහ සාකච්ඡා පිළිබඳව දීර්ඝ ලෙස අදහස් දැක්වීය. එහිදී ඔහු මෙසේ කීවේය.

ඔවුන්ට සිදු වෙනවා ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය’ (Strait of Trump) විවෘත කරන්න… මම අදහස් කළේ හෝමුස් (Hormuz)… මට සමා වෙන්න, මගෙන් වුණේ ලොකු වැරදීමක්” යනුවෙන් පවසමින් ඔහු උපහාසාත්මක ලෙස සිනාසුණේය.

අනතුරුව සිදුකළ පැහැදිලි කිරීමේ දී ඔහු ප්‍රකාශ කළේ  මාධ්‍ය මෙය “වැරදීමක්” ලෙස වාර්තා කරනු ඇති බවය.  එහෙත් හෙතෙම අවධාරණය කළේ තමන් අතින් කිසිවිටෙකත් “අත්වැරදීම් සිදු නොවන” බව කි  ට්‍රම්ප්  එය තමන් විසින්  හිතාමතා කළ ප්‍රකාශයක් බව ඇඟවුම් කළේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මේ වන විටත් වොෂින්ටනයේ පිහිටි ජෝන් එෆ්. කෙනඩි කලා මධ්‍යස්ථානය වැනි පොදු ගොඩනැගිලි තම නමට පවරාගෙන ඇති ට්‍රම්ප්, හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඇමරිකාව විසින් නතු කරගතහොත් එය “ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය” හෝ “ඇමරිකානු සමුද්‍ර සන්ධිය” ලෙස නම් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව නිව්යෝර්ක් පෝස්ට් (New York Post) වැනි වාර්තා පෙන්වා දෙයි.

මෙම ප්‍රකාශය හුදු ප්‍රචාරණ උපායමාර්ගයක් පමණක් බවත්, භූමියේ පවතින සැබෑ තත්ත්වය මෙයට වඩා හාත්පසින්ම වෙනස් බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ට්‍රම්ප් මෙවැනි ප්‍රකාශ මගින් පෙන්වීමට උත්සාහ කරන්නේ සමුද්‍ර සන්ධියේ පාලනය තමන් සතු බව වුවද, සත්‍ය වශයෙන්ම එහි පාලනය තවමත් පවතින්නේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සතුවය.

ඉරානය විසින් පසුගියදා තෙල් නැව් කිහිපයක් මුදා හැරීම ට්‍රම්ප් විසින් “තෑග්ගක්” ලෙස හැඳින්වුවද, ස්වාධීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඉරානය විසින් එම නැව්වලින් දැඩි ලෙස මුදල් අය කරගෙන ඇති බවත්, එම ගනුදෙනු සියල්ල ඉරානයේ දැඩි කොන්දේසි මත සිදු වී ඇති බවත්ය. ඒ අනුව, ට්‍රම්ප්ගේ මෙම නම් කිරීමේ ප්‍රයත්නය ලෝක වෙළඳපොළේ අවධානය දිනා ගැනීම සඳහා කරන ලද “බ්‍රෑන්ඩින්” (Branding) උත්සාහයක් මිස සැබෑ යුදමය ජයග්‍රහණයක් නොවන බව ජාත්‍යන්තර බුද්ධි අංශ වාර්තා අවධාරණය කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය තම නමින් නම් කිරීමට දැක්වූ අදහස නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කර තිබුණේ “භූ දේශපාලනික අර්බුදයක් පුද්ගලික සන්නාමයක් බවට පත්කිරීමේ උත්සාහයක්” ලෙසිනි. මායිමි හි පැවැති ආයෝජන සමුළුවේදී ඔහු කළ ප්‍රකාශය හුදු අතපසුවීමක් නොවන බවත්, එය ඔහුගේ දෙවන ධුර කාලය තුළ ක්‍රියාත්මක වන “ඇමරිකානු ව්‍යාප්තවාදයේ” (American Expansionism) කොටසක් බවත් එම වාර්තාව පෙන්වා දෙයි. විශේෂයෙන්ම පසුගිය කාලයේදී වොෂින්ටනයේ කෙනඩි මධ්‍යස්ථානය “ට්‍රම්ප්-කෙනඩි මධ්‍යස්ථානය” ලෙස නම් කිරීමට ගත් උත්සාහය සහ මෙක්සිකෝ බොක්ක “ඇමරිකානු බොක්ක” ලෙස නම් කිරීමට ඔහු කළ යෝජනා සමඟ මෙම “ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය” (Strait of Trump) යන ප්‍රකාශය සෘජුවම බද්ධ වන බව නිව්යෝර්ක් ටයිම්ස් විග්‍රහ කර තිබේ.

මෙම ප්‍රකාශය පිටුපස ඇති සැබෑ අනතුර පිළිබඳවද නිව්යෝර්ක් ටයිම්ස් බුද්ධි අංශ සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් උපුටා දක්වමින් අනතුරු අඟවා ඇත. ට්‍රම්ප් මෙම ප්‍රකාශය මගින් ඇඟවුම් කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ පාලනය ඇමරිකානු හමුදාව සතු විය යුතු බව වුවත්, එය ඉරානය සමඟ පවතින ගැටුම තවදුරටත් අවුලුවාලීමට හේතුවක් විය හැකි බවත් එම පුවත්පත අවධාරණය කරයි.

නිව්යෝර්ක් ටයිම්ස් පෙන්වා දෙන පරිදි, ට්‍රම්ප්ගේ මෙම “විහිළු තහළු” සහිත ප්‍රකාශ මගින් ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ව්‍යාකූලත්වයක් ඇති කරන අතර, ඉරානය මෙය දකින්නේ තම ස්වෛරීභාවයට එල්ල කරන ලද සෘජු අභියෝගයක් ලෙසයි.

ඒ අනුව, මෙය හුදෙක් නමක් වෙනස් කිරීමක් නොව, මැදපෙරදිග කලාපයේ බලය අත්පත් කරගැනීම සඳහා ට්‍රම්ප් පාලනය දියත් කරන මානසික යුද්ධයේ (Psychological Warfare) තවත් එක් පියවරක් බව නිව්යෝර්ක් ටයිම්ස් සිය වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොහුවල චීන කාන්තාව මැරූ සැකකරු හඳුනාගැනීමට මහජන සහාය පතයි: විදෙස් ගමන් බලපත්‍ර විස්තර මෙන්න !

Next Post

2026 ඉරාන-ඇමරිකා-ඊශ්‍රායල යුද්ධය: රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ සැබෑ තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාව…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.