මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව මනම්පිටිය පොලිස් වසමේ කරපොල ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකුට බැණ තර්ජනය කර පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට කරපොළ කොට්ඨාසයෙන් වැලිකන්ද ප්‍රාදේශීය සභාවට තරඟ කර පරාජයට පත්ව සිටින සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු ඊයේ (07) රාත්‍රී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇති සමගි ජන බලවේගයේ අපේක්ෂකයා කරපොල ප්‍රදේශයේ පදිංචි අවුරුදු හතළිස් දෙකක් වයසති අයෙකු බවද පොලිසිය සඳහන් කරයි.
මෙම අපේක්ෂකයා ජාතික ජන බලවේගයේ සාමාජිකයකු වන ඇල්ප්‍රාම් තුරෙයි අරුමතුරෙයි නැමැති පුද්ගලයාගේ නිවස ඉදිරිපිටට ගොස් බැන තර්ජනය කර පහර දීමට උත්සහ දරා තිබෙන අතර, ඒ පිළිබඳව ජාතික ජන බලවේගයේ සාමාජිකයා කරන ලද පැමිල්ලකට අනුව, අදාළ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා අත්අඩංගුවට ගත් බවද මනම්පිටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 08 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධ මනම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.







