බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයට සාමකාමී ජීවිතයක් සඳහා ට්‍රම්ප් ඉල්ලන වන්දිය කුමක් ද?…  සාමය සඳහා  ඉරානයේ දෙවැනි යෝජනාවත් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කරන ලකුණු!

by editor
මැයි 3, 2026
in පුවත්, සමාජ
trump
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල – 

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා ඉරානය විසින් ඉදිරිපත් කරන ලද නව යෝජනාවලියක් පිළිබඳව තමන් විමර්ශනය කරමින් සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටී. ඉරානය විසින් මීට පෙර ඉදිරිපත් කරන ලද සාම යෝජනාවක් ප්‍රතික්ෂේප කර දින කිහිපයකට පසුව ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය

ඉරානයේ යෝජනාව සහ ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ඉරානය ඉදිරිපත් කර ඇති නව යෝජනාවලියේ නිශ්චිත වචන තමන් වෙත ලැබෙමින් පවතින බවයි. “මම ඒ ගැන පසුව දැනුම් දෙන්නම්,” යනුවෙන් ඔහු පැවසුවද, පසුව සිය ‘Truth Social’ ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ඉඟි කළේ මෙම යෝජනාව පිළිගැනීමේ හැකියාව ඉතා අඩු බවය.

ඉකුත් වසර 47 ක කාලය තුළ ලෝකයට සහ මනුෂ්‍ය වර්ගයාට එරෙහිව සිදුකළ ක්‍රියාවන් වෙනුවෙන් ඉරානය තවමත් ප්‍රමාණවත් වන්දියක් ගෙවා නොමැති බවත්, එවැනි තත්ත්වයක් තුළ මෙම යෝජනා පිළිගත හැකි යැයි තමන් නොසිතන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 

දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුව

මේ අතර ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් ගරිබාබාදි    කරුණු 14ක් සහිතව පකිස්ථානය හරහා එක්සත් ජනපදයට යොමු කළ ඉරාන යෝජනාවලිය සම්බන්ධව   විදේශීය තානාපතිවරුන් හමු වේ මෙසේ කියා සිටියේය.  එම ප්‍රකාශය නිල දැන්වීමක ස්වරූපය ගෙන තිබිණි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

“දැන් පන්දුව පවතින්නේ අමෙරිකා එක්සත් ජනපදයේ පිටිය තුළයි. රාජ්‍ය තාන්ත්‍රික මාවත තෝරාගන්නවාද නැතහොත් ගැටුම්කාරී ප්‍රවේශය දිගටම පවත්වාගෙන යනවාද යන්න ඔවුන් තීරණය කළ යුතුයි. ඉරානය සිය ජාතික අභිලාෂයන් සහ ආරක්ෂාව තහවුරු කරගැනීම වෙනුවෙන් මෙම මාවත් දෙකටම සූදානම්ව සිටිනවා.”

kazem-gharibabadi
කාසෙම් ගර්බබාදි

ඉරානයේ ජාතික අභිලාෂය වෙනුවෙන් ඔවුන් මරාගෙන මැරෙන සූදානමකය.  මේ අතර  ඉරාන හමුදා මධ්‍යම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මොහොමඩ් ජැෆර් අසාදි අනතුරු අඟවන්නේ අමෙරිකාව සහ ඉරානය අතර සෘජු යුදමය ගැටුමක් ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවය. අමෙරිකාව කිසිදු පොරොන්දුවක් හෝ ගිවිසුමක් ඉටු නොකරන බවට ඉතිහාසය සාක්ෂි දරන බව ඔහු පෙන්වා දී ඇත.

මේ අතර ඊයේ ඉරානයේ FARS News ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්ච්චි කලාපීය බලවතුන් ගණනාවකගේ විදේශ අමාත්‍යවරුන් සමඟ දුරකථන සංවාදවල නිරත වෙමින් පවතින අර්බුදය සම්බන්ධයෙන් ඉරානයේ ස්ථාවරය පැහැදිලි කර ඇති බවය.  එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය සිය අත්තනෝමතික ඉල්ලීම්වලින් බැහැරව, තර්ජනාත්මක භාෂාව භාවිත කිරීම නතර කරන්නේ නම් පමණක් රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට ඉරානය සූදානම් බවය.

තුර්කිය, කටාර්, සවුදි අරාබිය, ඊජිප්තුව, ඉරාකය සහ අසර්බයිජානය යන රටවල විදේශ අමාත්‍යවරුන් සමඟ අදහස් හුවමාරු කරගත් ඔහු, මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වයට ප්‍රධානතම හේතුව අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ආක්‍රමණකාරී ක්‍රියාවන් බව යළිත් අවධාරණය කළේය. පර්සියානු ගල්ෆ් කලාපයේ සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට නම් මෙම ආක්‍රමණ නතර විය යුතු බව අරග්ච්චි මෙහිදී පෙන්වා දී ඇත.

විශේෂයෙන්ම, පාකිස්ථානයේ මැදිහත්වීමෙන් ආරම්භ වී ඇති නව වටයක සාකච්ඡා පිළිබඳව කරුණු හෙළි කළ ඉරාන විදේශ අමාත්‍යවරයා, ඉරානය මෙම සාකච්ඡා සඳහා අවතීර්ණ වූයේ දැඩි වගකීමකින් සහ යහපත් චේතනාවෙන් යුතුව බව ප්‍රකාශ කළේය.

අමෙරිකාව මීට පෙර අවස්ථාවලදී සිය පොරොන්දු කඩකර ඇති බැවින් ඔවුන් පිළිබඳව දැඩි සැකයක් පවතින නමුත්, යුද්ධය නිමා කිරීමේ අභිලාෂයෙන් මෙම පියවර ගත් බව ඔහු පවසයි.

“ඉරානය මෙම යුද්ධය ආරම්භ කළේ නැහැ. අමෙරිකානු පාර්ශවය සිය ප්‍රකෝපකාරී ක්‍රියාවන් නතර කරන්නේ නම් අපි රාජ්‍යතාන්ත්‍රික මාවතේ යාමට සූදානම්. නමුත් ඕනෑම තර්ජනයකට එරෙහිව ජාතිය ආරක්ෂා කිරීම සඳහා ඉරාන සන්නද්ධ හමුදාවන් පූර්ණ සූදානමින් පසුවනවා,”  ඔහු ලෝකයට කීවේය.

ලෙබනනයේ දරුණු ප්‍රහාර

lebanan

දේශපාලනික වශයෙන් මෙවැනි තත්ත්වයක් පවතිද්දී, ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයේ ඉලක්ක වෙත දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. හිස්බුල්ලා සංවිධානයට අයත් ඉලක්ක ගණනාවකට   ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය පවසන අතර, මෙම ප්‍රහාර හමුවේ පුද්ගලයන් කිහිපදෙනෙකු මියගොස් ඇති බව ලෙබනන රජයේ පුවත් ඒජන්සිය තහවුරු කරයි.

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර පවතින සටන් විරාම ගිවිසුම උල්ලංඝනය වන බවට දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා කර ගනිති. හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායල හමුදාවන්ට එරෙහිව ප්‍රහාර කිහිපයක් දියත් කර ඇති අතර, ඉකුත් මාර්තු 2 වැනිදා සිට ක්‍රියාත්මක වන මෙම ගැටුම් හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයන් 2,600 කට අධික පිරිසක් මියගොස් මිලියනයකට අධික පිරිසක් අවතැන් වී ඇත.

මැදපෙරදිග අර්බුදය තවදුරටත් උත්සන්න වීම ගෝලීය ආර්ථිකයට, විශේෂයෙන්ම තෙල් මිල කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ බිය පළ කරති.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එක්නැලිගොඩ අතුරුදහන්වීමේ නඩු විභාගයට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කෙරේ!

Next Post

ඉරානයෙන් තීරණාත්මක පියවරක්: මොසාඩ් ඔත්තුකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.