ශ්‍රියානි විජේසිංහ –
Little Hearts ව්‍යාපෘතිය නිමකිරීම සඳහා තවත් රුපියල් මිලියන 2000ක මුදලක් අවශ්‍යව බව බව එම ව්‍යාපෘති කමිටුව පවසයි.
එහි ඉදිරිය තීන්දුවනු ඇත්තේ පරිත්‍යාගශීලීන්ගේ පරිත්‍යාගයන් මත බවත් හැකි අයුරින් මෙම ව්‍යාපෘතීය වෙනුවෙන් ආධාර කිරීමට පුද්ගලයින්ට සහ ආයතනවලට ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් එම ව්‍යාපෘති කමිටුව පවසන්නේ යැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති සඳහන් කරයි.
හෘද රෝග දැඩිසත්කාර ඒකක, ශල්‍යාගාර , නවජන්ම ඒකක, හෘද හා උරස් ශල්‍ය ඒකක සහ වෛද්‍ය ප්‍රතිකාර ඒකක වලින් සමන්විත ඇති මෙම මහල් ගොඩනැගිනල්ල ලබන වසර මැද වන විට ප්‍රතිකාර සඳහා විවෘත වීමට නියමිතව තිබුණද එහි වැඩ නිමකිරිමට තවත් රුපියල් මිලියන 2000ක මුදලක් අවශ්‍ය ඇති බව අධ්යක්ෂවරයා පැවසුවේය.
මෙම ව්‍යාපෘතිය සදහා මහාභාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 800ක මුදලක් ද පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් මිලියන 540ක මුදලක් ලැබී ඇති බවත් ඔහු කිවේය.
කෙසේ නමුත් රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ රජයෙන් තවදුරටත් මූල්‍යාධාර බලාපොරොත්තු විය නොහැකි බැවින් අවශ්‍ය මුදල් පරිත්‍යාග හරහාම ලබා ගැනීමට සිදුව ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
මෙහි ඉදිකිරිම් කටයුතු නාවික හමුදාව මගින් සිදු කරගෙන යයි.







