බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකන් එයාර්ලයින්ස් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සියදිවි නසාගනී!

by editor
මැයි 8, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන කොළඹ, කොල්ලුපිටිය පෙඩ්රිස් මාවතේ පිහිටි ඔහුගේ නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස් සිටියදී අද (මැයි 08) සොයාගෙන තිබේ. පොලිසිය සැක කරන්නේ මෙය සියදිවි නසාගැනීමක් බවයි.

2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත ඔහු පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

පසුගිය මැයි 05 වනදා කොළඹ අධිකරණය විසින් ඔහුට දැඩි ඇප කොන්දේසි මත ඇප නියම කරන ලදී. එහිදී රුපියල් 500,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇපකරුවන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමට නියම විය. කෙසේ වෙතත්, ඔහු වෙනුවෙන් ඇපයට ඉදිරිපත් වූ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් 15,000ක මුදලක් ලබාගෙන වංචනික ලෙස ඇපකරුවන් ලෙස පෙනී සිට ඇති බව අල්ලස් කොමිසම විසින් අනාවරණය කර ගන්නා ලදී.

ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම සහ අධිකරණය නොමඟ යැවීම හේතුවෙන් මැයි 07 වනදා අධිකරණය විසින් ඔහුගේ ඇප අවලංගු කර වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේය. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටියදී මෙලෙස නිවස තුළ මියගොස් සිටියදී හමු වී ඇත. මුදල් ලබාගෙන ඇපයට පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මැයි 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම මරණය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දයාසිරි කළ කතාව ChatGPT ගෙන් ඇසුවෙමි…

Next Post

එයාර් බස් ගනුදෙනුවේ ප්‍රධාන සැකකරු රටට කියා දී ගිය පාඩම… “යුක්තිය ඉටු වීම ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීමය!”

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.