බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිසි කාලය තුළ මෙය නිමා කළ යුතුමයි… මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටස ඉදිකිරීම් අරඹමින් ජනපති වගකීම් දරන්නන් අමතා කියයි!

by editor
මැයි 29, 2026 - Updated on මැයි 30, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

වත්මන් රජය බලයට පැමිණියේ කෙසේ හෝ වසර පහ ඇදගෙන යාමට නොව අභ්‍යන්තරව මෙන්ම බාහිරවද ඇති විය හැකි ඕනෑම කම්පනයකට ඔරොත්තු දිය හැකි නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීමට බවත්, අද රටේ ආර්ථිකය ගමන් කළ යුතු දිශාව පිළිබඳ නිසි දැක්මක් සහ සැලැස්මක් ඇතිව රජය වැඩ කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටසේ දෙවැනි අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කිලෝමිටර් 18.7ක කොටසේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් ගලගෙදර මහජන ක්‍රීඩාංගණයේදී අද (29) පස්වරුවේ පැවති ජන හමුව අමතමිනි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ දේශීය අරමුදල් සහ දේශීය කොන්ත්‍රාත් සමාගම්වල දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා රුපියල් බිලියන 112.44ක් වැය කිරීමට නියමිතය. මංතීරු 04 කින් සමන්විත මෙම මාර්ග කොටසේ ඉදිකිරීම් 2029-05-28 දින අවසන් කිරීමට සැලසුම් කර ඇත

එම අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා මෙසේ ද  පැවසුවේය.

අද මේ මුලපුරන්නේ මහනුවර දිස්ත්‍රික්කය සහ ඒ අවට ප්‍රදේශ ඉලක්ක කරගත් ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියකටයි. මෙම ව්‍යාපෘතිය අපේ රටේ සමාජ ජීවිතය ඉහළ නැංවීම සඳහා ප්‍රබල පිටුවහලක් වෙනවා.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

දේශීය කොන්ත්‍රාත්කරුවන් කෙරෙහි විශ්වාසය

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී අපේ අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යවරු, ලේකම්තුමා සහ අදාළ නිලධාරීන්  විශාල වෙහෙසක් දරා කටයුතු කළා. ඒ වගේම අපි දේශීය කොන්ත්‍රාත්කරුවන් කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා උසස් ප්‍රමිතියෙන් සහ තාක්ෂණයෙන් යුතුව මෙහි වැඩකටයුතු නියමිත කාල පරිච්ඡේදය තුළ අවසන් කරනු ඇතැයි කියලා.

ඩොලරයේ උච්චාවචනය සමඟ රට තුළ විශාල සංවාදයක් ඇති වී තිබෙනවා. ආණ්ඩුව බිඳ වැටෙයි, උපදෙස් ගන්න වගේ ඒවා කියනවා. අපේ ආර්ථිකයේ ඇති විය හැකි අර්බුදයන් සහ ගමන් කළ යුතු දිශාව පිළිබඳව දැක්මක් සහ සැලැස්මක් ඇතිව අපි වැඩ කරමින් සිටිනවා. ඒ නිසා ඕනෑම මොහොතක ඇතිවන කුණාටුවක්, ඕනෑම මොහොතක ඇති විය හැකි අස්ථාවරභාවයක් ඉතා ඉක්මනින් යළි ස්ථාවරත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය වන ශක්තිමත් ආර්ථිකයක් අපිට අවශ්‍යයි.

අපි තවමත් ආර්ථිකයේ සියලු දිශාවල ශක්තින් එක් රැස් කරගෙන නොමැති බව සත්‍යයක්. අපිට අවශ්‍ය ආයෝජන අවශ්‍ය ප්‍රමාණයන් තවම කැඳවාගෙන නැහැ. නව තාක්ෂණය සමග වැඩ කළ හැකි දැනුම තිබෙන නව පරම්පාරවක් අපි තවම නිර්මාණය කරගෙන නැහැ. ලෝකයේ වෙළෙඳපොළ ජයග්‍රහණය කළ හැකි ආර්ථික හැකියාවක් අපි තවමත් අත්පත් කරගෙන නැහැ. හැබැයි අපේ අභියෝගය සහ අපේක්ෂාව වන්නේ ඕනෑම කුණාටුවකට, ඕනෑම අර්බුදයකට මුහුණ දෙමින් නොසැලී සිටින ආර්ථිකයක් ගොඩනැගීමයි.

ජාත්‍යාන්තර වශයෙන් මතුවන කම්පනයන්ට ඔරොත්තු දීම

දේශීය වශයෙන් ඇති වන ආර්ථික කම්පනයන්ට අද අපිට සැලකිය යුතු ප්‍රමාණයකින්  මුහුණ දෙන්න පුළුවන්. පසුගිය දිට්වා සුළි කුණාටුවට මුහුණ දීමට මහා භාණ්ඩාගාරයෙන් කෝටි 50,000ක් වෙන් කිරීමට අපිට හැකියාව ලැබුණා. ලංකා ඉතිහාසයේ ව්‍යසනයක් හමුවේ වැඩිම මුදලක් වෙන් කළ පළමු අවස්ථාව මෙයයි.

මේ අයුරින් අභ්‍යන්තර ව්‍යසනයන්ට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව අපිට ලැබී තිබෙනවා. දේශීය වශයෙන් ඇති වන කම්පනයන්ට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ඇති වන කම්පනයන්ටත් ඔරොත්තු දිය හැකි මට්ටමට අපේ ආර්ථිකය ගෙන යා යුතුයි. බලවත් රාජ්‍යයන්ට සෙම්ප්‍රතිශ්‍යාවක් හැදු‍ණොත් අපිට නිවුමෝනියාව හැදෙනවා කියලා කියමනක් තිබෙනවා. එසේ නම්  බලවත් රාජ්‍යවල ඇති වන ආර්ථික අර්බුදයක් අපිට විශාල ව්‍යසනයක් ගෙනවිත් දෙනවා කියලා. බාහිර කම්පනයන්ට ඕනෑම අවස්ථාවක ඇති විය හැකියි. එවැනි තත්ත්වයකට ඔරොත්තුදීම සඳහා අපි ආර්ථිකය ගෙන යන්නේ කෙසේද?

අද අපි ආර්ථිකයේ වැදගත් සාධක විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබෙනවා. අපි අපේ ජාතික ආදායම දශක තුනකට පසු 16.7%ට ගෙන ආවා. මෙය වැදගත් තත්ත්වයක්. ඒ හේතු කර ගෙන භාණ්ඩාගාරයේ අතිරික්ත මුදල් ප්‍රමාණයක් එක් වෙන්න පටන් ගත්තා. 2022, 2023 සමයේ භාණ්ඩාගාර ගිණුම පැවතුනේ බිලියන 800ක බැංකු අයිරාවකින්. භාණ්ඩාගාරයේ මුදල් නැහැ.

ඒ නිසා බැංකුවලට පෞද්ගලික අංශයට, ව්‍යාපාරිකයන්ට ණය ලබා දීමට හැකියාවක් ලැබුණේ නැහැ. මුල්‍ය වෙළෙඳපොළ හැකිළීමට පටන් ගත්තා. හැබැයි අපි භාණ්ඩාගාර ගිණුම කෝටි 120,000ක ධන අතිරික්තයකට ගෙන ඒමට හැකි වුණා. අද ආණ්ඩුව ප්‍රධාන ණය ලබා ගන්නා වෙනුවට පෞද්ගලික අංශයට ණය ලබා දෙනවා.

භාණ්ඩාගාරයේ සහ බැංකු පද්ධතියේ වර්ධනයවන  ප්‍රවණතාව

2024 බැංකු පද්ධතිය කර්මාන්ත සඳහා වෙන්කර තිබුණේ බිලියන 700යි. 2025 වසරේ පෞද්ගලික අංශයට බිලියන 2000ක් ණය ලබා දී තිබෙනවා. මෙය ආර්ථිකය ඉතා වේගයෙන් චලනය වීමේ ලක්ෂණයක්. මේ අප්‍රේල් මාසයේ පෞද්ගලික අංශයට බිලියන 250ක් ණය ලබා දී තිබෙනවා. මෙය අර්ථිකයේ විශාල වැදගත් හැරවුමක්.ඒ වගේම 2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස ට්‍රිලියන 02ක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ අධිවේගී මාර්ගයට බිලියන 112ක් යනවා වසර තුනකට. ආසන්න වශයෙන් ගත්තොත් වසරකට බිලියන 35ක් වෙන් කළ යුතුව තිබෙනවා. ඒ නිසා තමයි අපි කිව්වේ කුරුණෑගල – දඹුල්ල මාර්ගයේත් වැඩ පටන් ගන්න, අපිට ඒ සඳහා මුදල් වෙන් කළ හැකියි කියලා. ඒ වගේම දුම්රිය විද්‍යුත්කරණය සඳහා මුදල් වෙන් කළ හැකියි.

මෙම වෙන් කරන මුදල් නිසි කාලයට වැය නොකිරීමේ ප්‍රශ්නයට අපි මුහුණ දෙනවා. ඒ නිසා ප්‍රමාදය හැම විටම ගාස්තුවක් වී තිබෙනවා. ඒ නිසා කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ නිසි කාලය තුළ මෙය නිමා කළ යුතුමයි.

අධිවේගී මාර්ග සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් අපි ඇති කරනවා.  බල ශක්තිය සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම්, දුම්රිය මාර්ග සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම්,  ඩිජිටල් ආර්ථිකය  සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් අපි ගොඩනගනවා. එවැනි සැලසුම් සහගත දැක්මක් සහිත සංවර්ධන මාවතකට අපි දැන් ප්‍රවිෂ්ට වෙලා ඉන්නවා.

ලංකාවේ පළමුවතාවට අනාගතය ගැන හිතන ආණ්ඩුවක් බිහිවෙලා තිබෙනවා. අද අපි ණය ගන්නේ 2040දී අපිට ගෙවන්න පුළුවන්ද කියල බලලා. අපේ ණය ගැනීම් ජාතික නිෂ්පාදනයෙන් 4%ක සීමාවේ රඳවා ගන්න ඕන. ඊට වඩා ආර්ථිකයට මුහුණ දෙන්න බැහැ. අපි එවැනි ස්ථාවරයක ඉන්නවා. ඒ නිසා අද අපි ණය ගන්නේ 2035දීත්, 2040දීත්  එම සීමාව ඉක්මවනවාද කියලා බලලා. එහෙම තමයි ණය තිරසරභාවය හදන්නේ. එහෙම නැතුව එහෙන් අරන් මෙහෙන් අරන් රටක් හදන්න බැහැ. ණය කළමනාකරණය ප්‍රශස්ත මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය කරන සැලසුම් සමග අපි වැඩ කරමින් සිටිනවා. මේ ගමන් මාවත අපේ රටේ ඉතාමත් ශක්තිමත් ආර්ථිකයක් කරා වැටී තිබෙන බව අපට විශ්වාසයි.

මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික පූජකවරුන් ද, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රියාස් ෆාරුක්, තනුර දිසානායක යන මහජන නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මීට අමතරව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන් යන රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුද්ගල ඝාතන 04කට චූදිතයන් 04කට නුවරඑළිය මහාධිකරණයෙන් මරණ දඬුවම: එක් අයෙක් සිරමැදිරියේදී වස බොයි!

Next Post

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.