බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය කොඩිකාමම්හිදී වැලි ජාවාරම්කරුවන් පොලිස් සැරයන්වරයෙකු ටැක්ටරයට යටකර මරා දමයි!

by editor
මාර්තු 29, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ – 

යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී අනවසර වැලි ප්‍රවාහනය කළ ටැක්ටරයක් නැවැත්වීමට උත්සාහ කළ පොලිස් සැරයන්වරයෙකු එම ටැක්ටරයටම යටකර ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ.

ඊයේ (28) දින සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ හෙට්ටිආරච්චිගේ ඇල්බට් නැමැති 51 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි. සිද්ධියෙන් තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබේ.

අනවසරයෙන් වැලි පටවාගත් ටැක්ටරයක් පැමිණෙන බවට ලැබුණු තොරතුරක් මත කොඩිකාමම් පොලිසියේ නිලධාරීන් පිරිසක් මාර්ග බාධකයක් යොදා විශේෂ පරීක්ෂාවක නිරතව සිට ඇත. එහිදී පැමිණි ටැක්ටරය නැවැත්වීමට සැරයන්වරයා සංඥා කරමින් ඉදිරියට ගිය අවස්ථාවේදී, රියදුරා ඔහු යටකරමින් ටැක්ටරය ධාවනය කර තිබේ.

අනතුර සිදුකළ රියදුරා වැලි පටවා තිබූ ටැක්ටරය එම ස්ථානයේම දමා පලා ගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් මෙහෙයුම් ආරම්භ කර ඇත. කොඩිකාමම් සහ ඒ අවට පොලිස් ස්ථාන එක්ව මේ වන විට පුළුල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ සැරයන්වරයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා චාවාකච්චේරී රෝහල වෙත යොමු කර තිබේ.

යාපනයේ වඩමරච්චි, පේදුරුතුඩුව සහ මනල්කාඩු යන ප්‍රදේශවල සිදුවන මෙම මහා පරිමාණ අනවසර වැලි ජාවාරම දැඩි අවදානම් සහගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත. පසුගිය වසර හතරක කාලය තුළ පමණක් වැලි ජාවාරම්කරුවන්ගේ ප්‍රහාර හමුවේ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු තුවාල ලබා තිබීම විශේෂත්වයකි.

ජාවාරම්කරුවන් විසින් පොලිස් නිලධාරීන් වාහනවලට යට කිරීම, සවල්වලින් පහරදීම සහ ඇතැම් අවස්ථාවලදී ගිනි අවිවලින් වෙඩි තැබීම පවා සිදුකරන බව වාර්තා වේ. මීට පෙර අවස්ථාවකදී ජාවාරම්කරුවන් විසින් පොලිස් ජීප් රථයකට ටී-56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර තිබුණි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පසුගිය වසර හතර තුළ පොලිසිය විසින් අවස්ථා නවයකදී ජාවාරම්කරුවන්ගේ වාහනවලට වෙඩි තබා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

2026 ඉරාන-ඇමරිකා-ඊශ්‍රායල යුද්ධය: රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ සැබෑ තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාව…

Next Post

වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පිළිතුර ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ මත දෙකක්: රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරය පිළිබඳ විමර්ශන ප්‍රමාද වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.