දියසේන රතුගමගේ –
යාපනය, ගුරුනගර් මුහුදේදී පසුගිය 6 වනදා සිදුවූ බෝට්ටු පෙරළීමේ අනතුරෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක ඊයේ (11) යාපනය ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි එඩ්වඩ් උදයකුමාරි නැමති කාන්තාවකි.
අනතුර සිදුවූ ආකාරය
යාපනය පලෙයිතීව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනී දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා බැතිමතුන් පිරිසක් රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුවිය. අනතුර සිදු වූ අවස්ථාවේදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි. ඊයේ වාර්තා වූ මෙම මරණයත් සමඟ අනතුරෙන් මියගිය මුළු සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගොස් ඇත.
පරීක්ෂණ වාර්තා පමාවෙයි
ධාරිතාව ඉක්මවා අධික ලෙස මගීන් සංඛ්‍යාවක් බෝට්ටුවේ පටවාගෙන යාම මෙම අනතුරට ප්‍රධාන හේතුව බවට මූලික තොරතුරු අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ධීවර අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබුණද, එම වාර්තාව මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ.







