ඉඳුනිල් කහටපිටිය –
දකුණු ලෙබනනයේ ක්‍රියාන්විතවල නිරතව සිටින ඊශ්‍රායල සෙබළෙකු එරට පිහිටි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රතිමාවකට හානි කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලාවල දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව තිබේ.
මුලදී මෙම ඡායාරූපයේ විශ්වාසනීයත්වය පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පැවසූ ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF), පසුව එම ඡායාරූපය සත්‍ය එකක් බවත් එහි සිටින්නේ තම හමුදා සෙබළෙකු බවත් තහවුරු කර ඇත.
පලස්තීන මාධ්‍යවේදී යුනිස් තිරාවි (Younis Tirawi) විසින් සිය X ගිණුම හරහා මෙම ඡායාරූපය මුලින්ම ප්‍රසිද්ධියට පත් කරන ලදී. ඔහු සඳහන් කරන පරිදි, දකුණු ලෙබනනයේ “ඩෙබෙල්” (Debel) නැමැති කිතුනු ගම්මානයේදී මෙම සෙබළා විසින් ප්‍රතිමාවට හානි කර තිබේ.
Lebanon |
An Israeli soldier smashing the head of a Jesus Christ statue during operations in southern Lebanon. pic.twitter.com/Sj1m16tj9q
— Younis Tirawi | يونس (@ytirawi) April 19, 2026
මෙම ප්‍රතිමාව විනාශ කිරීමට පෙර පැවති ස්වභාවය දැක්වෙන ඡායාරූපයක් ද පළ කර ඇති තිරාවි, ඒ සඳහා ලූක් 23:34 බයිබල් පාඨය උපුටා දක්වමින් “පියාණෙනි, මොවුන් කරන දේ මොවුන් නොදන්නා බැවින් මොවුන්ට කමා වුව මැනව” යනුවෙන් සටහන් කර ඇත.
A local page from the christian town of Debel mention that the statue belongs to them
The page remarked:
“Father, forgive them; for they know not what they do” (Luke 23:34)” pic.twitter.com/bUK1Gau1Ua
— Younis Tirawi | يونس (@ytirawi) April 19, 2026
මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. මෙය කිතුනුවන්ට පමණක් නොව සමස්ත මානව වර්ගයාටම සිදු කළ අගෞරවයක් බවත්, මෙවැනි ක්‍රියා මගින් ආගමික සහජීවනයට බාධා පමුණුවන බවත් බොහෝ දෙනා පෙන්වා දුන්හ.
රීමට මිස, ආගමික ස්ථාන හෝ සිවිල් දේපළවලට හානි කිරීමට නොවන බව ද ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඊශ්‍රායල ආරක්ෂක බලකායේ ප්‍රකාශක ලුතිනන් කර්නල් නදාව් ශෝෂානි (Nadav Shoshani) මුලදී ප්‍රකාශ කළේ මෙහි සත්‍ය අසත්‍යතාව විමර්ශනය කරන බවයි. පසුව IDF ආයතනය විසින් නිකුත් කළ නිල නිවේදනයක දැක්වුණේ, මූලික විමර්ශනවලදී එම ඡායාරූපය සත්‍ය බව තහවුරු වූ බවය.
තම සෙබළෙකු කිතුනු ආගමික සංකේතයකට හානි කිරීම ඊශ්‍රායල හමුදාවේ සාරධර්මවලට පටහැනි බවත්, මෙය ඉතා බරපතළ සිදුවීමක් ලෙස සලකන බවත් හමුදා මූලස්ථානය අවධාරණය කළේය.
මේ වන විට උතුරු අණදෙන මූලස්ථානය හරහා මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර, වරදකරු වන සෙබළුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව IDF සඳහන් කරයි.
එමෙන්ම, හානියට පත් ප්‍රතිමාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රදේශයේ ජනතාවට සහය වීමට ද ඊශ්‍රායල හමුදාව එකඟ වී තිබේ. තමන් දකුණු ලෙබනනයේ මෙහෙයුම් දියත් කරන්නේ හිස්බුල්ලා යටිතල පහසුකම් විනාශ කිරීමට මිස, ආගමික ස්ථාන හෝ සිවිල් දේපළවලට හානි කිරීමට නොවන බව ද ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.







