බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොවම කම්පනය කළ ලුසියානා සමූහ ඝාතනය: පියෙකු සිය දරුවන් අට දෙනෙකු නිදි යහනේදීම මරා දමයි!

by editor
අප්‍රේල් 20, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවරැල්ල –

අමෙරිකා එක්සත් ජනපදයේ ලුසියානා ප්‍රාන්තයේ ශ්‍රීව්පෝට් (Shreveport) ප්‍රදේශයෙන් වාර්තා වන්නේ  මිනිසෙක් ඇසීමට බලාපොරොත්තු නොවන මට්ටමේ තිරශ්චීන සමූහ ඝාතනයකි. ඝාතකයා පවුලේ පියාය. ඔහු සිය දරුවන් හත් දෙනෙක් ඇතුළු අට දෙනෙක් වෙඩි තබා ඝාතනය කර තිබිණි.  මේ නින්දිත අපරාධයට පාදක වන බව විශ්වාස කරන්නේ පවුල් ආරවුලකි.  ඇමරිකානු බලධාරීන්ට අනුව    මෙය පසුගිය වසර දෙකක කාලය තුළ අමෙරිකාවේ වාර්තා වූ බිහිසුණුම සමූහ වෙඩි තැබීම්වලින් එකකි.

නිදි යහනේදීම එල්ල වූ මරණීය ප්‍රහාරය

ඝාතකයා  31 හැවිරිදි ෂාමර් එල්කින්ස් (Shamar Elkins) ය. දැනට වාර්තාවන තොරතුරු අනුව   ඔහු ඊයේ (19)  අලුයම 6 ට පමණ සිය බිරිඳ සමඟ ඇති කරගත්   ආරවුලකින් පසු මෙම අපරාධය සිදු කර තිබේ.

ඔහු විසින් ඝාතනය කළ  දරුවන් අට දෙනා අතර ගැහැණු දරුවන් පස් දෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකි.  ඒ  දරුපැටවුන්ගේ වයස  ඔවුන්ගේ වයස අවුරුදු 3 ත් 11 ත් අතරය.   මේ වනවිට ඝාතනය වූ  දරුවන් අට දෙනාගේ තොරතුරු කැඩෝ පැරිෂ් (Caddo Parish) මරණ පරීක්ෂක කාර්යාලය විසින්   නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ජයිලා එල්කින්ස් (වයස 3), ෂයිලා එල්කින්ස් (වයස 5), බ්‍රේලන් ස්නෝ (වයස 5), කයිලා පියු (වයස 6), කේදාරියන් ස්නෝ (වයස 6), ලයිලා පියු (වයස 7), මාර්කේඩන් පියු (වයස 10), සාරියා ස්නෝ (වයස 11) ඝාතනය වූ දරු පැටවුන්ය.

2026 අප්‍රේල් 19 වන ඉරිදා අලුයම 6 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී, දරුවන් අට දෙනාම ශ්‍රීව්පෝට් හි බටහිර 79 වන වීදියේ පිහිටි එක් නිවසක රැඳී සිට ඇත. ශ්‍රීව්පෝට් පොලිස් ප්‍රකාශක ක්‍රිස්ටෝපර් බෝර්ඩිලන් පවසන පරිදි, දරුවන්ගෙන් බහුතරයකට වෙඩි තබා ඇත්තේ ඔවුන් තද නින්දේ පසුවන අතරතුරය. දරුවන් හත් දෙනෙකු නිවස තුළ මියගොස් සිටියදී හමු වූ තිබේ. මේ වියරු ඝාතනයෙන් බේරීමට දරුවන් දෙදෙනෙක්     නිවසේ වහලය මතට දිවගොස් ඇත. මේ තිරිසනා මරණ බියෙන් ගැහෙමින් වහලය මතට නැගි එක්  පොඩි එකෙකුට  වෙඩි තබා තිබිණි. ඒ නොදරුවාගේ සිරුර වහළය මතින් හමුවිනි. අනෙක් පොඩි එකා  වහලයෙන් බිමට පැන දිවි ගලවා ගැනීමට සමත්ව තිබේ. මේ වනවිට එම දරුවා  රෝහලේ ප්‍රතිකාර ලබමිනි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ඝාතකයා කවුද?

‘ඇමරිකා ටුඩේ’ (USA TODAY) පුවත්පත වාර්තා කරන පරිදි, මෙම බිහිසුණු අපරාධය සිදුකළ 31 හැවිරිදි ෂාමර් එල්කින්ස් ලුසියානා යුද හමුදා ජාතික ආරක්ෂක බලකායේ (Louisiana Army National Guard) වසර හතක කාලයක් සේවය කර ඇති අයෙකි.

වර්ෂ 2013 ෂාමර්ට වයස අවුරුදු 18කි. ඒ කාලයේ  සිට 2020 දක්වා  වසර හතක් තුළ ඔහු එම බලකයේ සංඥා පද්ධති විශේෂඥයෙකු සහ ගිනි අවි සහායක විශේෂඥයෙකු ලෙස කටයුතු කර තිබේ. එහෙත්  කිසිදු අවස්ථාවක සක්‍රීය සේවය සඳහා විදෙස් රටකට අනුයුක්ත කර (Deployed) නොසිටි බව හමුදා ආරංචි මාර්ග තහවුරු කර ඇත. ඔහු හමුදාවෙන් ඉවත් වන විට  Private නිලයේ පසු වූවෙකි.

අධිකරණ වාර්තාවලට අනුව, එල්කින්ස් අපරාධ වාර්තා සහිත පුද්ගලයෙකි. 2019 වසරේදී ගිනි අවි චෝදනාවකට වරදකරු වී ඇති ඔහු, ඒ වෙනුවෙන් පරිවාස කාලයකට ද යටත්ව සිට ඇත. ඒ වනවිට ඔහු සිටියේ හමුදා සේවයේය.

ප්‍රහාරයට පෙර පෑ ‘ආදරණීය පියාගේ’ වෙස්මුහුණ

එල්කින්ස් ලෝකයට හමුවේ  පෙනී සිටියේ   තම දරුවන්ට අතිශය ආදරය කරන පියෙකු ලෙසය. ඔහුගේ ෆේස්බුක් ගිණුමේ දරුවන් සමඟ සිටින ඡායාරූප රැසක් පළ කර තිබූ අතර, මෙම මනුෂ්‍ය ඝාතනයට දින දෙකකට පෙර ද ඔහු තම දරුවෙකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත යොමු  කර තිබුණි. පසුගිය පාස්කු ඉරිදා දිනයේ දරුවන් හත් දෙනා සමඟ පල්ලියට ගොස් ගත් ඡායාරූපයක් පළ කරමින් ඔහු  මෙසේ  සටහන් කර තිබිණි.

“සියලුම දරුවන් සමඟ පල්ලියට ගිය පළමු අවස්ථාව මෙයයි… එය ඉතා ආශීර්වාද ලත් දිනයක්….

අසල්වැසියන් පවා රැවටූ නිහඬතාවය

මෙම සිදුවීමෙන් එල්කින්ස්ගේ අසල්වැසියෝ ද දැඩි කම්පනයට පත්ව සිටිති. ඔහුගේ නිවස ඉදිරිපිට පදිංචි ෆ්‍රෙඩී   ‘ඇමරිකා ටුඩේ’ (USA TODAY) පුවත්පතට පවසා තිබුණේ ඝාතනය සිදුවීමට පෙර දින සවස් වරුවේ ද තමන් ඔහුව දුටු බවය.

“ඊයේ හවසත් ඔහු නිවසේ ඉදිරිපසට වී සිටියා. මම ඔහුට අත වැනුවා, ඔහුත් මට අත වැනුවා. ඒ වෙලාවෙත් දරුවෝ හැමෝම වත්තේ සෙල්ලම් කරමින් හිටියේ,” යැයි ඔහු පැවසුවේය.

ඉරිදා උදෑසන තමන් පල්ලියට යාම සඳහා ඇඳුම් මදිමින් සිටියදී පොලිසිය එම නිවසට කඩා වදිනු දුටු බවත්, එවිටම කුමක් හෝ විපත්තියක් සිදුවී ඇති බව තමන්ට වැටහුණු බවත් මොන්ට්ගොමරි වැඩිදුරටත් සඳහන් කළේය.

ඝාතනයට හේතුව වෙන්වීමේ තීරණයද?

ෂාමර් එල්කින්ස් සහ ඔහුගේ බිරිඳ වන ශෙනීක්වා එල්කින්ස් (Shaneiqua Elkins) වසර ගණනාවක් පුරා සමීප සබඳතාවක් පවත්වා ඇති අතර, ඔවුන් නිල වශයෙන් විවාහ වී ඇත්තේ මෑතකදීය. ඔවුන්ගේ විවාහ සංවත්සරය ද 2025 අප්‍රේල් මාසයේදී සමරා තිබූ බව වාර්තා වේ. මෙම යුවළට දරුවන් සිව් දෙනෙකු සිටි අතර, ශෙනීක්වා නිරන්තරයෙන්ම සිය දරුවන්ගේ පාසල් ජයග්‍රහණ සහ නර්තන උත්සව පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත් ආදරණීය මවකි.

එල්කින්ස් ද සිය දරුවන් පිළිබඳව එවැනිම හැඟීම්බර සටහන් පළ කර තිබුණි. කෙසේ වෙතත්, මෙම පවුල් ජීවිතය මෑතක සිට දැඩි ලෙස දෙදරා ගොස් තිබූ අතර, ඔවුන් දෙදෙනා වෙන්වීමේ නීතිමය ක්‍රියාමාර්ග සඳහා මෙම සිදුවීම වූ ඉරිදාට පසු දින, එනම් අප්‍රේල් 21 සඳුදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණි. සිද්ධියට දින කිහිපයකට පෙර එල්කින්ස් සිය මානසික සෞඛ්‍යය සහ විවාහ ජීවිතයේ පවතින ගැටලු පිළිබඳව අමුතු ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබීම ද විශේෂත්වයකි. මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ශෙනීක්වා මේ වන විට රෝහල්ගතව ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින්නීය.

විමර්ශනවලදී අනාවරණය වී ඇති වඩාත් සංවේදී කරුණ වන්නේ, එල්කින්ස් විසින් ඝාතනය කරන ලද දරුවන් අට දෙනා අතර ඔහුගේ බිරිඳගේ දරුවන්ට අමතරව තමන්ට දාව ඉපදුන  තවත් කාන්තාවකගේ දරුවන් තිදෙනෙකු ද සිටීමය. එල්කින්ස් තවත් කාන්තාවක සමඟ සමීප සබඳතාවක් පවත්වා ඇති අතර, එම සබඳතාවයෙන් ඔහුට දරුවන් තිදෙනෙකු සිට ඇත. ඇය ද මෙම ප්‍රහාරය එල්ල වූ නිවසට නුදුරින් පදිංචිව සිට ඇති අතර, එල්කින්ස් ඇයට ද වෙඩි තබා බරපතල තුවාල සිදු කර තිබේ.

මියගිය දරුවන්ගේ නම්වල පවතින වෙනස්කම් (Elkins, Pugh, Snow) මගින් ද ඔවුන් විවිධ පවුල් පසුබිම්වලින් පැමිණි දරුවන් බව තහවුරු වේ. මෙම අසම්මත පවුල් සබඳතා සහ ඒවායේ ඇති වූ ගැටලු මෙම සමූහ ඝාතනයට ප්‍රධාන හේතුවක් වී ඇති බවට ඥාතීන් සැක පළ කරති. ඝාතකයාගේ දෙවන පෙම්වතිය ලෙස සැලකෙන කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් නිල වශයෙන් හෙළි කර නොමැති වුවද, ඇය ද මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව පසුවන බව වාර්තා වේ.

පොලිසිය සහ ඝාතකයා අතර ගැටුම

හිටපු හමුදා සෙබළෙකු වන එල්කින්ස් මීට පෙර 2019 වසරේදී ගිනිඅවි සම්බන්ධ නඩුවකට අත්අඩංගුවට ගෙන තිබුණද, ඔහුට එරෙහිව පවුල් ප්‍රචණ්ඩත්වය පිළිබඳ පැමිණිලි ලැබී නොතිබූ බව පොලිසිය පවසයි. මෙම ඝාතන සිදු කිරීමෙන් පසු පලාගිය සැකකරු හඹා ගිය පොලිස් නිලධාරීන් සහ ඔහු අතර ඇති වූ වෙඩි හුවමාරුවකදී ඝාතකයා මියගොස් තිබේ.

මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීව්පෝට් පොලිස් ප්‍රධානියා කියා සිටියේ මෙවැනි අමානුෂික ක්‍රියාවක් ගැන තමන්ට කිසිවක් කියාගත නොහැකි තරමට කම්පනයට පත්ව සිටින බවය. ප්‍රාන්ත නියෝජිත ටැමී ෆෙල්ප්ස් පවසා සිටියේ, දරුවන් බේරීම සඳහා පසුපස දොරෙන් දිව යාමට උත්සාහ කර ඇති බවට සාක්ෂි ඇති බවත්, එය අතිශය සංවේදී දර්ශනයක් බවත්ය.

අමෙරිකාව තුළ ගිනිඅවි ප්‍රචණ්ඩත්වය සහ පවුල් ආරවුල් හේතුවෙන් සිදුවන මෙවැනි ඛේදවාචකයන් ඉහළ යමින් පවතින පසුබිමක, මෙම ශ්‍රීව්පෝට් ඝාතනය මුළු ලෝකයේම අවධානය යොමු වූ සිදුවීමක් බවට පත්ව තිබේ.

පවුල් ප්‍රචණ්ඩත්වය සහ ගිනිඅවි පාලනය පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදය තුළ තියුණු  සංවාදයක්  යළිත් වරක් කරළියට පැමිණ තිබේ. ඝාතනය සිදුවූ නිවස ඉදිරිපිට මේ වන විටත් ප්‍රදේශවාසීන් මල් සහ සෙල්ලම් බඩු තබමින් මියගිය කුඩා දරුවන් අනුස්මරණය කරන ආකාරය දැකගත හැකිය.

නිදියහනේදී තමන්ට ආරක්ෂාව දිය යුතු පියාගෙන්ම මරණය උරුම වීම අදහාගත නොහැකි ඛේදවාචකයක් බව පවසන ශ්‍රීව්පෝට් බලධාරීන්, පවුල් ආරවුල් දරුණු අපරාධ දක්වා වර්ධනය වීම වැළැක්වීමේ වැදගත්කම අවධාරණය කරයි. අහිංසක දරුවන් අට දෙනෙකුගේ ලෙයින් තෙත් වූ ලුසියානා ප්‍රාන්තයේ මෙම කළු ඉරිදා දිනය, අමෙරිකානු ඉතිහාසයේ කිසිදා මැකී නොයන කළු පැල්ලමක් ලෙස සනිටුහන් වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාත්‍යාන්තර සංවිධානයක්වන කොළඹ ආරක්ෂක සමුළුවේ නම කොළඹින්… තීරණ ඉන්දියාවෙන්…

Next Post

දකුණු ලෙබනනයේ ජේසුස් ප්‍රතිමාවකට හානි කළ ඊශ්‍රායල සෙබළා ගැන IDF තීරණය මෙන්න!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.