බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ නඩුව: ඤාණසාර හිමියන්ට මහාධිකරණයෙන් අධිචෝදනා!

by editor
අප්‍රේල් 30, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධිචෝදනා පත්‍රය අද (30) කොළඹ මහාධිකරණයේදී බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් වෙත භාර දෙන ලදී.

විවෘත අධිකරණයේදී මෙම අධිචෝදනා පත්‍රය භාරදීමෙන් අනතුරුව, කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර හිමිනම ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

මෙම නඩුවට පාදක වී ඇත්තේ මීට වසර දහයකට පෙර, එනම් 2016 වසරේදී කොළඹ කොම්පඤ්ඤවීදිය නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඤාණසාර හිමියන් විසින් කරන ලදැයි කියන ප්‍රකාශයකි. එහිදී උන්වහන්සේ ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරානයට නිගරු වන අයුරින් ප්‍රකාශ නිකුත් කරමින් ආගමික සහජීවනයට බාධා කළ බවට චෝදනා එල්ල වී තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් දීර්ඝ විමර්ශනයක් පවත්වා තිබූ අතර නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා වසර 11කට ආසන්න කාලයක් ගතවීම විශේෂත්වයකි.

පසුගිය මාර්තු මාසයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සිද්ධියට අදාළව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවය. ඒ අනුව අප්‍රේල් 23 වනදා මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරුණු අතර, අද දින ඤාණසාර හිමියන් අධිකරණයේ පෙනී සිටීමෙන් පසු මෙම නඩු කටයුතු විධිමත් පරිදි ආරම්භ විය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙවැනිම චෝදනාවලට වැරදිකරු වී සිරදඬුවම් නියම වූ අයෙකි.

2016 වසරේදී කුරගල පූජා භූමිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට අදාළව 2024 මාර්තු මාසයේදී උන්වහන්සේට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වූ අතර, පසුව ඊට එරෙහිව කළ අභියාචනයක් හේතුවෙන් ඇප මත මුදා හැරිණි.

එසේම 2016 වසරේ කිරුළපන ප්‍රදේශයේ පැවැති තවත් මාධ්‍ය හමුවක් සම්බන්ධයෙන් 2025 ජනවාරි මාසයේදී මාස 9ක සිරදඬුවමක් නියම වුවද, 2025 පෙබරවාරි මාසයේදී නැවතත් ඇප හිමි විය.

වත්මන් නඩු විභාගයද මෙම අතීත සිදුවීම් මාලාවේ තවත් තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

  ඉරානයට එරෙහිව දියත් කළ  යුද්ධයේ මිල ඩොලර් බිලියන 25 ඉක්මවන බව පෙන්ටගනය කියයි: මැතිවරණය හමුවේ ට්‍රම්ප් පාලනය දැඩි අර්බුදයක!

Next Post

 ඩොලර් මිලියන 2.5ක වංචාවට වැඩ තහනම් වූ නිලධාරියෙක් හදිසියේ මියයයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.