අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA අංගොඩ ගෝලයා පාදෙණියටත් අන්නයි!

by editor
අගෝස්තු 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ට නෛතිකව ලැබෙන ස්ථාන මාරු අවලංගු කරගෙන සිය වෛද්‍ය බිරියත් සමග පුරා වසර දහයකට ආසන්න කාලයක් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රැඳී හිඳිමින් එහි පරිපාලනය මුලුමනින්ම අවුල් කර ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය කොවිඩ් මළගෙයක් බවට පත් කරමින් ඇතැයි කියන අංගොඩ ජී.එම්.ඕ.ඒ නියෝජිතයා සම්බන්ධව එම රෝහලේම වෛද්‍යවරු පිරිසක් රෝහල් පරිපාලනයටත්, සෞඛ්‍ය අමත්‍යාංශයටත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත්, ලිඛිතව දන්වා ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේත් රෝහල් පරිපාලනයේත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේත්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙත් බලතල  මේ ජී.එම්.ඕ.ඒ නියෝජිතයා අත්තනෝමතිකව අවභාවිතා කරමින් රෝහල දැවැන්ත විනාශයකට ඇද දමන බව එම ලිපියේ දැක්වේ.

මෙම වෛද්‍යවරු පිරිස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ භාපතිවරයාට වෙතත් ලිඛිතව දන්වා ඇත්තේ උදාන පානදුරගේ නැමැති මෙම ජී.එම්.ඕ.ඒ නියෝජිතයා නිසා මේ වනවිට රෝහල් පරිපාලනයේ කිසිම කටයුත්තක් සාධනීයව කරගත නොහැකි වීමේ අවසන් ප්‍රතිඵලය පිටවෙමින් ඇත්තේ කොවිඩ් රැළි පිට රැළි එන අංගොඩ රෝහලේ රෝගන්ගේ ජීවිත වලින් බවය.

මානසික ප්‍රතිකාර ලබමින් සිටිනා අතරමැදි නිවස්නයේ හාරසියයකට ආසන්න ප්‍රතිකාර ලාභන් අතර කොවිඩ් ව්‍යසනය දැඩි ලෙස පැතිර යමින් ඇති බවත්, දැනට සැලකිය යුතු පිරිසක් මියගොස් ඇති බවත් පෙන්වා දෙන මෙම වෛද්‍යවරු කණ්ඩායම මේ රෝගීන් කළමනාකරණයට අවශ්‍ය වෛද්‍යවරුන් ප්‍රමාණය ලබා ගැනීමට පවා මෙම ජී.එම්.ඕ.ඒ නියෝජිතයා රෝහල් පරිපාලනයට ඉඩ නොදෙන තරම් මුග්ධ වී ඇති ආකාරය පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ අතරමැදි නිවාසයෙ ඉන්නෙ උග්‍ර මානසික රෝගී තත්වයන් නැති, එහෙත් සුළු ප්‍රතිකාර තත්වයේ පසුවන, නෑදෑ හිතවත් සමාජ සම්බන්ධතා හීන අසරණ මිනිස්සු කණ්ඩායමක්. ඒ කණ්ඩායම 400කට ආසන්නයි. ඔවුන් අතරින් දැනටමත් කොවිඩ් ආසාදිත රෝගීන් 150කට වඩා අපි හඳුනාගෙන ඉන්නවා. ඒ අතරෙ සෑම සතියකට සැරයක්ම මේ පිරිසෙන් තිහක් හතලිහක් කොවිඩ් පොසිටිවු වෙනවා. ඔවුන් අන්තිම අසරණයි. අපි වෛද්‍යවරු විදිහට පැය විසි හතර වැඩ කළත් මේ අය වෙනුවෙන් කරන්න දේවල් තියනවා. එහෙම තියන සංවේදී තැනක පරිපාලනය තමයි මේ ජී.එම්.ඕ.ඒ. නියෝජිතයා විසින් අවුල් කරන්නෙ. අපට තියන ප්‍රශ්නය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාගේ බලතලත් මේ පුද්ගලයා අත්පත් කරගෙන කරගෙන කරන මේ විනාශය මොකක්ද කියලයි“.

මේ පිළිබඳව කළ විමසුමක දී අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරයෙක් ලංකාසරට පැවසීය.
කෙසේ වෙතත් මේ ජී.එම්.ඕ.ඒ නියෝජිතයා සම්බන්ධව අදාල සියලුම පාර්ශව ලිඛිතව දැනුම්වත් කර ඇති බවත් එම එම ආරංචි මාර්ග තහවුරු කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“තවත් සතියක් දෙකක්වත් රට අගුලුදමන්න” – රනිල්

Next Post

අනතුරු ඇඟවීම ඇත්තක් වෙයි – කාබුල් ගුවන් තොටුපළෙන් පිටත පිපිරීමක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.