සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ඔස්මන්ඩ්ගේ සම්බන්ධයක්  හැදෙන හැටි… ගම්පහ ඔස්මන්ඩ් සැකපිට අත් අඩංගුවට ගැනීමේ කතාව කියවන්න…

ගණේමුල්ලේ සංජීව, ගම්පහ ඔස්මන්ඩ්, බටුවත්තේ චාමර... අහල පහළ ගම්වල මිනිස්සුන්ගේ "ගමේ වැඩක් " වුන අපරාධය...

by editor
මැයි 14, 2026
in පුවත්
Gampaha-Osman-gunasekara
Share on FacebookShare on Twitter

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් “ගම්පහ ඕස්මන්ඩ්” ලෙස හැඳින්වෙන ඔස්මන්ඩ් ගුණසේකර ( 69)  කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (13)  අත්අඩංගුවට ගත්තේය.

ගම්පහ ශ්‍රී බෝධි පාරේ නිවසේ දී ඔහුව අත් අඩංගුවට ගනු ලබන්නේ  බටුවත්තේ චාමරගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලින් ලද තොරතුරු මත  බව වාර්තා වේ.

සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව  ඝාතනය වන්නේ  2025 පෙබරවාරි මස 19 වන දින කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළදීය. නීතිඥයෙක් ලෙස වෙස් වලාගෙන පැමිණි වෙඩික්කරුවෙක් ඔහු විත්ති කූඩුව මතදීම වෙඩි තබා ඝාතනය කර පලා යන්නේය.

මෙම ඝාතනය එවකට විදෙස්ගතව සිටි අපරාධකරුවෙක් වු කෙහෙල්බද්දර පද්මේ විසින් මෙහෙයවා ඇති බවත්, එම ඝාතනයට අවශ්‍ය අවි ආයුධ සැපයීම ඇතුළු පහසුකම් මෙහෙයවා ඇත්තේ බටුවත්තේ චාමර බවත් විමර්ශන අංශ මූලිකව අනාවරණය කරගෙන තිබිණි.  කෙහෙල්බද්දර පද්මේ මෙන්ම බටුවත්තේ චාමරත් දැන් ඉන්නේ ශ්‍රි ලංකා ආරක්ෂක අංශවල අත්අඩංගුවේය.  දින දෙකකට පෙර අසර්බයිජානයේ සිට ලංකාවට රැගෙන ආ බටුවත්තේ චාමරගෙන් කරන ප්‍රශ්නකිරීම්වලදී විමර්ශන දිගුවක් ලෙස ගම්හප ඔස්මන්ඩ් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී විදේශයක නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනිඅවියක්, පතරොම් 10ක් සහ පතරොම් ගැබ් දෙකක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ගණේමුල්ලේ සංජීව සහ ඔස්මන්ඩ් ගුණසේකර අතර පවතින දීර්ඝකාලීන වෛරය හේතුවෙන් සංජීව විසින් ඔස්මන්ඩ් ඝාතනය කිරීමට දැරූ ප්‍රධාන උත්සාහයන් කිහිපයක් පිළිබඳ තොරතුරු පහත පරිදි වේ:

ගණේමුල්ලේ සංජීව සහ ගම්පහ ඔස්මන්ඩ් අතර ආරවුල

සංජීව විසින් ඔස්මන්ඩ් ගුණසේකර ඝාතනය කිරීමට දැරූ මුල්ම සහ ප්‍රබලතම උත්සාහයක් වාර්තා වන්නේ 2017 වසරේ ඔක්තෝබර් මස 06 වැනිදාය. එදින ගම්පහ, මුදුන්ගොඩ ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔස්මන්ඩ් ගුණසේකර ගමන් කළ මෝටර් රථයට ටී-56 ගිනිඅවිවලින් වෙඩි ප්‍රහාර එල්ල කරන ලදී. මෙම ප්‍රහාරයෙන් ඔස්මන්ඩ්ගේ ආරක්ෂාවට සිටි පුද්ගලයෙකු මියගිය අතර ඔස්මන්ඩ් බරපතළ තුවාල ලබා දිවි ගලවා ගැනීමට සමත් විය. මෙම ප්‍රහාරය ගණේමුල්ලේ සංජීවගේ මෙහෙයවීමෙන් සිදුවූවක් බව පසුව කරන ලද විමර්ශනවලදී අනාවරණය විය.

ඉන් අනතුරුව 2021 සහ 2022 වසරවලදී ද අවස්ථා කිහිපයකදී ඔස්මන්ඩ් ඝාතනය කිරීම සඳහා සංජීව විසින් සැලසුම් සකස් කර තිබූ බව බුද්ධි අංශ තොරතුරු මගින් හෙළි විය. විශේෂයෙන්ම ගම්පහ ප්‍රදේශයේ අධිකරණයක් අසලදී සහ ඔස්මන්ඩ්ගේ නිවස අසලදී මෙම ප්‍රහාරයන් එල්ල කිරීමට සූදානම් කර තිබූ බව කියැවේ.

2023 වසරේදී ගණේමුල්ලේ සංජීව ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන විට කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ද තම පාතාල බලය තහවුරු කරගැනීම සඳහා ඔස්මන්ඩ් ඝාතනය කිරීමට අවස්ථා කිහිපයකදී සැලසුම් කළ බවට තොරතුරු අනාවරණය වී තිබිණි. ගම්පහ නගරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ඔස්මන්ඩ්ගේ පාර්ශවය විසින් කිසිවෙකුට ඉඩ නොදීමත් ඔහුගේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළත් මේ ගැටුමට හේතු වූ බව අවස්ථා කීපයක දී ඔස්මන්ඩ් ගුණසේකර මාධ්‍යයට පැවසුවේය.

කෙසේ වෙතත් පෙනෙන ආකාරයට මේ  ඝාතනයට ඔස්මන්ඩ් සම්බන්ධ වන්නේ නම් ඒ ඉතාම සූක්ෂම ආකාරයට බව පෙනී යන්නේය. කෙහෙල්බද්දර පද්මේගේ පියා සහ ඔස්මන්ඩ්  සමීප  මිත්‍රයෝ වූහ.  මේ මිත්‍රත්ත්වය මත ඇති වූ සැකයක් පදනම් කරගෙන ගණේමුල්ලේ සංජීව විසින් පද්මේ ගේ පියා ඝාතනය කළ බවටත් එම ඝාතන පලිය ගැනීමට කෙහෙල්බද්දර පද්මේ පාතාලයට ප්‍රවේශ වූ බවටත් වූ අනාවරණයක් පද්මේ විසින් කලකට පෙර මාධ්‍ය වෙත සිදුකර තිබිණි.

කෙසේ වෙත්ත පද්මේ සහ ඔස්මන්ඩ් අවසාන කාලයේ වෛරයෙන් පසුවි ඇති අතර ඊටත් හේතුවක් වී ඇත්තේ ඔස්මන්ඩ්ගේ මත්ද්‍රව්‍ය විරෝධී පිළිවෙත බවට වාර්තා විය. කෙසේ වෙතත් මේ ඝාතනයේ නිශ්චිත කාර්ය කරන්නේ  පිටරට සිටි කෙහෙල්බද්දර පද්මේ නම්, ඒ වනවිට පද්මේ ගේ තරහා කරුවෙක් වී සිටි ඔස්මන්ඩ් එම මේ අපාධය සඳහා තුන්වන පාර්ශවයක් මගින්  සම්බන්ධ වීම   සංකීර්ණ ක්‍රියාවලියක් බව පෙනී ගොස් තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන අතර ඕස්මන්ඩ් ගුණසේකර   අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඕමාන රාජකීය පොලිසිය අත්හිටවු  සයිබ අපරාධකරුවන්ගේ ඩොලර් මිලියන 6 අතර හැකර්ලා අපෙන් සොරකම් කළ සල්ලිත් තියනව ද?

Next Post

පැවිදි වූ දිනට පසු දිනම සාමණේර හිමිනමකට ‘බරපතළ ලිංගික අපයෝජනයක්’ කළ භික්ෂුවක් අවුරුදු 07ක් හිරේට…

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.