සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැවිදි වූ දිනට පසු දිනම සාමණේර හිමිනමකට ‘බරපතළ ලිංගික අපයෝජනයක්’ කළ භික්ෂුවක් අවුරුදු 07ක් හිරේට…

by editor
මැයි 14, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී  සිංහල –

දිනකට පෙර පැවිදි වූ බාලවයස්කාර සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හම්බේගමුවේ චන්දානන්ද නමැති භික්ෂුවකට  අනුරාධපුර මහාධිකරණයෙන් පනවන ලද බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවම හා දඩ මුදල් නීත්‍යනුකූල බවට තීන්දු කළ අභියාචනාධිකරණය එම දඬුවම් ස්ථිර කර තිබේ.

තමන්ට නියම කර ඇති දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරු විසින් ගොනු කරන ලද අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ ය.

විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චිගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණ විනිසුරු පී. කුමරන් රත්නම් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.

පැවිදි වූ දිනට පසු දින සිදු කළ අපයෝජනය ගැන අධිකරණයේදී හෙළිවූ කරුණු

2016 වසරේ මැයි මස 06 වන දා සහ 2016 වසරේ මැයි මස 21 වන දා අතර කාලසීමාව තුළ වින්දිත බාල වයස්කාර හිමිනමට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකාර අභියාචක හිමිනමට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරනු ලැබ තිබිණි.

මෙම අපයෝජනය සිදුවන අවස්ථාවේ වින්දිත සාමණේර හිමිනම 9 වන වියේ පසුවූ බවත්, එම බාල වයස්කාර හිමිනම පැවිදි වී පසු දින මෙම ඛේදජනක අත්දැකීමට මුහුණ දී ඇති බවත් තීන්දුවේ සඳහන් විය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විත්තිකාර අභියාචක හිමිනම විසින් තමන්ට කරන ලද බරපතළ ලිංගික අපයෝජනය පිළිබඳව අතවරයට පත් බාල වයස්කාර හිමනම තම මවට පවසා තිබිණි.

පසුව මව විසින් පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ ඇති අතර පසුව වින්දිත සාමණේර හිමිනම අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කෙරිණි.

එම වෛද්‍ය පරීක්ෂණයේදී වින්දිත හිමිනම ලිංගික අපයෝජනයකට ලක්වී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරියා බැහැර කර නොතිබිණි.

පසුව නීතිපතිවරයා මෙම චෝදනාව සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ විත්තිකාර අභියාචක හිමිනමට එරෙහිව අධිචෝදනා ගොනු කළේ ය.

එහිදී වින්දිත හිමිනම සාක්ෂි ලබා දුන් අතර වින්දිත හිමිනම විමර්ශකයන්ට ලබා දුන් ප්‍රකාශය අන්තර්ගත වීඩියෝ සාක්ෂියක් ද පැමිණිල්ල විසින් මෙහෙයවනු ලැබී ය.

සාක්ෂි ලබා දෙන අවස්ථාවේ වින්දිත හිමිනම 15 වන වියේ පසුවූ අතර පාසල් යමින් සිටි බවත් තීන්දුවේ සඳහන් වෙයි.

තීන්දුව දීමට වසර 8ක්

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2024 වසරේ දෙසැම්බර් මස 17 වන දා තීන්දුව ප්‍රකාශයට පත් කළ අනුරාධපුර මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවටත්, ඒ අනුව අදාළ චෝදනාවලට ඔහු වරදකරු කරන බවටත් තීන්දු කළේ ය.

ඒ අනුව විත්තිකාර හිමිනමට බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා රුපියල් 5000ක දඩයක් ද නියම කළේ ය.

එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 3ක ලිහිල් සිර දඬුවම් නියම කරන බව කී මහාධිකරණ විනිසුරුවරයා වින්දිත හිමිනමට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවිය යුතු බවටත් නියෝග කර තිබිණි.

එම රුපියල් ලක්ෂයක වන්දිය ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව මාස හයක ලිහිල් සිර දඬුවම් නියම කරන බව ද තීන්දුවේ සඳහන් විය.

අභියාචනාධිකරණයට ඇපෑලක්

මෙම තීන්දුව දීමෙන් පසු විත්තිකාර හිමිනම එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබිණි.

එම ඇපෑල විභාග කළේ, පී. කුමරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ය.

අභියාචනා විභාගයේදී වරදකරු කෙරුණු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දී තිබුණේ, මහාධිකරණ නඩු විභාගයේදී වින්දිතයා ලබා දුන් සාක්ෂි සහ සෙසු සාක්ෂි එකිනෙකට පරස්පර බව ය.

එමෙන් ම වින්දිතයා ඉදිරිපත් කරන සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරිපත් කළ සාක්ෂි ද එකිනෙකට පරස්පර බවත් විත්තිකාර අභියාචක හිමිනම අධිකරණයට පෙන්වා දී තිබිණි.

‘වීඩියෝ සාක්ෂිය පිළිගත හැකියි’

අභියාචනා විභාගය අවසානයේදී තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, “බාල වයස්කරුවෙකු වශයෙන් වින්දිත හිමිනම ඉදිරිපත් කළ සාක්ෂිවල යම් යම් දුර්වලතා පැවතිය ද වින්දිතයා විමර්ශකයින්ට ලබා දී ඇති වීඩියෝ ප්‍රකාශය පරීක්ෂා කිරීමේදී සාක්ෂි ආඥා පනත යටතේ එය පිළිගැනීමට හැකි තත්ත්වයක පවතින බව පෙනී යනවා. එමෙන් ම සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවල පරස්පරතාවක් තිබෙන බව අභියාචක ප්‍රකාශ කළත්, ඒවා මහාධිකරණ නඩු විභාගයේදී නිසියාකාරව ලකුණු කර නැහැ. සියලු සාක්ෂි පිරික්සීමේදී වින්දිතයා ලබා දී තිබෙන සාක්ෂිය නීත්‍යනුකූල ආකාරයෙන් මෙහෙයවා තිබෙන බව පෙනී යනවා. ඊට අමතරව මහාධිකරණ විනිසුරුවරයා තමන් ඉදිරියේ ඉදිරිපත් වූ සාක්ෂි නිසියාකාරව විශ්ලේෂණය කර නිවැරදි ලෙස විත්තිකරු වරදකරු කර තිබෙනවා,” යනුවෙන් තීන්දු කළේ ය.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා දී ඇති තීන්දුව කෙරෙහි මැදිහත්වීම් සිදුකිරීමට අභියාචනාධිකරණය අපේක්ෂා නොකරන බවටත්, විත්තිකාර අභියාචකට පනවන ලද දඬුවම හා දඩ මුදල නීත්‍යනුකූල බවටත් විනිසුරු මඩුල්ලක් තීන්දු කළේ ය.

ඒ අනුව එම දඬුවමට එරෙහිව විත්තිකාර අභියාචක විසින් ඉදිරිපත් කරන ලද ඇපෑල නිෂ්ප්‍රභ කරන බව ප්‍රකාශ කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, විත්තිකරුට පනවන ලද දඬුවම මහාධිකරණ තීන්දුව ලබා දුන් 2024 වසරේ දෙසැම්බර් මස 17 වන දා සිට ක්‍රියාත්මක විය යුතු බවට නියෝග කළේ ය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා පෙනී සිටියේ ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ඔස්මන්ඩ්ගේ සම්බන්ධයක්  හැදෙන හැටි… ගම්පහ ඔස්මන්ඩ් සැකපිට අත් අඩංගුවට ගැනීමේ කතාව කියවන්න…

Next Post

ඩේසි ආච්චි නැතිව අහන මැණික්මල්ලේ නඩුව…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.