සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩේසි ආච්චි නැතිව අහන මැණික්මල්ලේ නඩුව…

by editor
මැයි 14, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ   මහාධිකරණය අද වැදගත් තීන්දුවක් ගත්තේය. ඒ යෝෂිත රාජපක්ෂගේ නඩුව සම්බන්ධයෙනි.  මෙම නඩුව කවුරුත් දන්නේ ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ  නඩුව  කියාය. නඩුවේ දෙවැනි විත්තිකාරිය ඩේසි ෆොරස්ට් හෙවත් ඩේසි ආච්චිය.  දැනට වියපත්ව දුබලව සිටින ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ලැබු අධිකරණ වෛද්‍ය වාර්තාවක් මත පදනම්ව ඇය මෙම නඩුවෙන් මුදාහැරිනි.

එම අවස්ථාව පදනම් කරගත්  යෝෂිත රාජපක්ෂගේ මූලික විරෝධතාවයෙන් තර්ක කළේ ඩේසි ෆොරස්ට් නොමැතිව මේ නඩුව පවත්වාගෙන යා නොහැකි  බවය.

එහෙත් අද කොළඹ මහාධිකරණය තීන්දු කරනු ලැබුවේ මානසික සෞඛ්‍ය සම්බන්ධව සැලකිල්ලට ගෙන ඩේසි ෆොරස්ට් නිදහස් කර ඇතත් මිලියන 73ක අයථා වත්කම් ඉපයීමෙන් මුදල්  විශුද්ධිකරණය පිළිබඳ යෝෂිත රාජපක්ෂට  නැගෙන  චෝදනවලට අදාලව ඔහුට එරෙහි   නඩුව ඉදිරියට  පවත්වාගෙන යා හැකි බවය. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංගය.

මෙම  නඩුවෙන් යෝෂිත රාපක්ෂ  චෝදනා ලබන්නේ  2012 වසරේ ඔක්තොම්බර් මස 09 වැනි දින සහ 2013 වසරේ අගෝස්තු මස 29 වැනිදා අතර කාලසීමාව තුළ රාජගිරිය සහ බම්බලපිටිය යන ප්‍රදේශවල රුපියල් ලක්ෂ 735ක පමණ   වත්කම් අයථා ලෙස අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනතේ 2.1 සහ 3.2 යටතේ වරදක් කර ඇති බවටය.

ඩේසි ෆොරස්ට් නොමැතිව නඩුව පවත්වා ගැනීමේ නෛතික හැකියාව

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මේ නෛතික තත්ත්වය මෙසේ ප්‍රකාශ කළේය.

“මෙම නඩුවේ දෙවැනි විත්තිකාර ඩේසි ෆොරස්ට් නිදහස් කර ඇත්තේ ඇයට නඩු විභාගයකට මුහුණ දීමට  සුදුසු මානසික් තත්ත්වයක් නොමැති බවට ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි. ඒ හැරුණුකොට මෙම විත්තිකාරිය නඩු විභාගයක් පවත්වා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරිමක් සිදුකර නෑ. එය සාක්ෂි නොමැති නිසා ගනු ලැබූ තිරීණයක් නොවෙයි. “

“එමනිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194වැනි වගන්තිය යටතේ විත්තිකාරිය නිදහස් කිරීම නිදොස් කිරීමක් ලෙස සැලකිය නොහැකියි. ඉන් සිදුකර තිබෙන්නේ විත්තිකාරියට අදාල නඩු කටයුතු නතර කිරීම පමණයි.  ඒ අනුව විත්තිකාර යෝෂිත රාජපක්ෂට එරෙහිව කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වා ගැනීමට නීතිමය බාධාවක් නෑ. “

මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි අධි  චෝදනා විවෘත අධිකරණයේ කියවන ලෙස නියෝග කළේය. එහිදී  යෝෂිත රාජපක්ෂ විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කළේ තමන් නිවැරදිකරු බවය.

චෝදනාව පැහැදිලි කිරිම

අනතුරුව නඩුවේ ආරම්භක දේශනය කළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර චෝදනාවට අදාලව කරුණු පැහැදිලි  කරමින්  කීවේ මෙවැන්නකි.

“ විත්තිකරු විසින් ඉඩම් කටටි පහක් අනිතික ලෙස අත්පත් කරගැනිම සමබන්ධයෙන් වූ චෝදනා මෙම නඩුව හරහා ඔප්පු කිරීමට  පැමිණිල්ල බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රත්මලාන, සිරිමල් උයන ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 35.99ක් වටිනා පර්චස් 31.05ක්  දෙහිවල බටහිර අත්තිඩිය කවුඩාන ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 4.5ක් වටිනා පර්චස් 12.04ක්, මිලියන 22.5ක් වටිනා පර්චස් 10ක්, මිලියන 3.5ක් වටිනා ඉඩමක් සහ දෙහිවල මිහිඳු මාවතේ පිහිටි රුපියල් මිලියන 4.5ක් වටිනා පර්චස් 05ක ඉඩමක් අත්පත් කරගැනීමට සම්බන්ධයෙන් මෙම නඩුවේ දී සාක්ෂි මෙහෙයවීමට අපේක්ෂා කරනවා.

අත්තිඩිය කවුඩාන ප්‍රදේශයේ පිහිටි ඉඩම්  කැබලි 04 ඒ ආසන්නයේ පිහිටි ශිරන්ති රාජපක්ෂගේ ඉඩමට යාබදව පිහිටා තිබූ බවත් ඔහු සඳහන් කළේය.

ඩේසි ෆොරස්ට් ගැන අධිකරණයේ හෙළි වූ ඉතිහාසය

විත්තිකාරියක ලෙස සඳහන් කර පසුව මුදාහරින ලද ඩේසි ෆොරස්ට්  ගැන ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කරුණු දක්වා සිටියේය.

“ඩේසි ෆොරස්ට් නැමැත්තිය 1928 වසරේ ඇල්ල ප්‍රදේශයේ නිව්බර්ග් නැමැති වතු යායේ  උපත ලැබුවා. ඇයගේ පියා රොබට් ෆොරස්ට් නැමැති අයෙක්.”

“ඇය සුලෙයිමාන් රෝහලේ මුලුතැන්ගෙයි වැඩ කර තිබෙනවා. 1976 සිට 1985 දක්වා ඇය ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාව වශයෙන් කටයුතු කර තිබෙනවා. එම කාලසිමා තුළ ඇයට වැටුප් වශයෙන් රුපියල්  2300ක  සිට රුපියල් 7300 දක්වා මුදලක්  ලැබී තිබෙනවා.

1986 වසරෙන් පසු ඇය කිසිම රැකියාවක් සිදුකර නෑ. සේවක අර්ථසාධක අරමුදල ලෙස ඇය උපයාගෙන තිබෙන්නේ රුපියල් 3300ක් පමණයි. ඒ අනුව මෙවැනි තැනැත්තියකට රුපියල් ලක්ෂ 735කට අධික මුදලක් වැය කර මෙවැනි ඉඩම් මිලදී ගැනිමට හැකියාවක් නෑ.

යෝෂිතගේ ඇත්ත වත්කම

විත්තිකාර යෝෂිත රාජපක්ෂ  සම්බන්ධව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනාරාල්වරයා කරුණු පැහැදිලි කළේය.

“විත්තිකරු  උපත ලැබුවේ 1983 වසරේ. මෙම ඉඩම් කට්ටි 05ක් අත්පත් කරගන්නා අවස්ථාවේ දී ඔහුගේ වයස අවුරුදු 25යි. ඔහු නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියෙක් ලෙස සම්බන්ධ වී ලුතිනන්වරයෙක් දක්වා ගමන් කළා. එහි වැටුප වශයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 75කට අධික මුදලක් ඔහුගේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිනුමේ තැන්පත් වෙලා තියනවා. එම මුදල් ආපසු අරගෙන නැහැ.”

“මෙම විත්තකරු රගර් ක්‍රීඩයකයෙක් වශයෙන් උපයාගෙන තිබෙන ආදායම් සහ කොටස් වෙළෙඳපල තුළින් උපයාගත් ආදායම් අපි සාක්ෂි මගින් ඔප්පු කිරීමට බලාපොරොත්තු වෙනවා. රජයේ සේවකයෙක් ලෙස කටයුතු කර ඇති මෙම විත්තිකරුට රුපියල් ලක්ෂ 730කට අධික මුදලක් වැය කර මෙවැනි දේපල අත්පත් කරගැනීමට ආර්ථික ශක්තියක් නෑ.”

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් මධුක වීරසිංහ සහ සඳුනි ආසිරි පෙතියාය  ඩේසි ෆොරස්ට් නැමැත්තියගේ  දේපල කළමනාකරණය කිරීමට තමන්  පත් කළ බව පිළිගත්තේය.  ඔවුන් කියා සිටියේ තමන් ඩේසි ෆොරස්ට්ගේ දේපල කළමනාකරණ කටයුතු කළත් ඇයට හිමි දේපල මොනවාදැයි නොදන්නා බවය.

එම දේපල අතර මැණික් මල්ලක් තිබුණේ දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකාරිය එවැන්නක් තමන් නොදන්නා බව ප්‍රකාශ කළාය.

වැඩිදුර සාක්ෂි විභාගය මැයි මස 22 දක්වා කල් තැබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැවිදි වූ දිනට පසු දිනම සාමණේර හිමිනමකට ‘බරපතළ ලිංගික අපයෝජනයක්’ කළ භික්ෂුවක් අවුරුදු 07ක් හිරේට…

Next Post

කපිල චන්ද්‍රසේන මියගිය අරවින්දගේ නිවසේ CCTV පද්ධතිය ක්‍රියාත්මකයි; නමුත් දත්ත ගබඩා වී නෑ – සාක්ෂි විමසීමේදී අනාවරණය වූ කරුණු ඇතුළත් සම්පූර්ණ වාර්තාව

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.