සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

by editor
ජූනි 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ (DRC) සිදුකළ මානුෂීය මෙහෙයුමක නිරතව සිට යළි පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව, මෑතකදී ඇති වූ මෙම එබෝලා වෛරස් ව්‍යාප්තිය හමුවේ ප්‍රංශයෙන් වාර්තා වූ පළමු එබෝලා රෝගියා ලෙස මෙම වෛද්‍යවරයා හඳුනාගෙන ඇති බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

දැනට මෙම රෝගියා පූර්ණ ලෙස හුදෙකලා කර ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර, ඔහු සමඟ සබඳතා පැවැත්වූ අනෙකුත් පුද්ගලයින් සොයා බලධාරීන් විශේෂ පරීක්ෂණ (Contact Tracing) ආරම්භ කර ඇත. කෙසේ වෙතත්, මේ හේතුවෙන් සමස්ත යුරෝපීය ජනගහනයට එල්ල විය හැකි අවදානම ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පෙන්වා දෙන්නේ, මෙවර කොංගෝ ජනරජයෙන් වාර්තා වන එබෝලා ව්‍යාප්තියේ පළමු මාසය තුළ වාර්තා වූ ස්ථිර ආසාදිතයන්ගේ සංඛ්‍යාව, මීට පෙර සිදු වූ ඕනෑම එබෝලා ව්‍යාප්ත වීමේ අවස්ථාවකට වඩා ඉහළ අගයක් ගන්නා බවයි. අඟහරුවාදා දිනය වන විට රජය නිකුත් කළ නිල දත්තවලට අනුව, කොංගෝවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,094 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අතරින් මරණ 277ක් වාර්තා වී තිබේ.

මෙම වෛරස් ව්‍යාප්තිය ඉතා දුර්ලභ ගණයේ ‘බුන්ඩිබුග්යෝ’ (Bundibugyo) නැමැති වෛරස් ප්‍රභේදයට සම්බන්ධ එකක් බව හඳුනාගෙන ඇත. මෙම වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීම ප්‍රමාද වූ අතර, මැයි 15 වන දින මෙය වසංගත තත්ත්වයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට මාස කිහිපයකට පෙර සිටම වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වෙමින් පැවති බව විශේෂඥයෝ පවසති.

ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අබ්දිරහ්මාන් මහමුද් ප්‍රකාශ කළේ, මෙම ව්‍යාප්තිය මෙතරම් විශාල වීමට ප්‍රධානතම හේතුවක් වූයේ මුල් අවධියේදීම ‘බුනියා’ (Bunia) වැනි නාගරික මධ්‍යස්ථානවලින් සහ ‘මොංබ්වාලු’ (Mongbwalu) වැනි පතල් ආශ්‍රිත නගරවලින් ආසාදිතයන් වාර්තා වීම බවයි. මීට පෙර සිදු වූ වෛරස් ව්‍යාප්තීන් බොහොමයක් මුලින්ම හඳුනාගනු ලැබුවේ ග්‍රාමීය ප්‍රදේශවලින් වන අතර, ඒවා ඉතා ඉක්මනින් පාලනය කිරීමට හැකි විය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

පසුගිය සතියේ බුනියා ප්‍රදේශයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ අබ්දිරහ්මාන් මහමුද්, “අපට ඇති වැදගත්ම දේ තමයි මේ සඳහා වන ක්‍රියාමාර්ග කඩිනමින් පුළුල් කිරීම. මොකද මේ වෛරස් ව්‍යාප්තිය අපේ පාලන වේගයට වඩා වේගයෙන් ඉදිරියට ගමන් කරමින් තිබෙනවා” යනුවෙන් පවසා සිටියේය.

මීට පෙර වාර්තා වූ විශාලතම එබෝලා වෛරස් ව්‍යාප්තීන් දෙකෙන් එකක් බටහිර අප්‍රිකාවේ ගිනියා, සියෙරා ලියොන් සහ ලයිබීරියාව යන රටවලින් වාර්තා වූ අතර, 2014 සහ 2016 කාලය තුළ ඉන් පුද්ගලයන් 11,325 දෙනෙකු මියගොස් තිබුණි. අනෙක් විශාලතම ව්‍යාප්තිය 2018 වසරේදී කොංගෝ රාජ්‍යයෙන්ම වාර්තා වූ අතර ඉන් පුද්ගල මරණ 2,299ක් සිදු විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Next Post

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.