බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන රියදුරන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට: මාස 4කදී 4,750ක් කොටු වෙයි! වසරේ මුල් කාර්තුව තුළ  රිය අනතුරුවලත් කැපී පෙනන වැඩිවීමක්…

by editor
මැයි 2, 2026
in පුවත්
person sitting in the driver's seat on a dark background and smoking heroin
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මෑත කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණය කළේ ගතවූ මාස හතරක කාලය තුළ පමණක් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ රියදුරන් 4,750කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවය. පෙර වසරවලට සාපේක්ෂව මෙය ඉතා ඉහළ අගයක් බව ද හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන්ම මගී ප්‍රවාහන සේවාවල නියුතු රියදුරන් ඉලක්ක කරගනිමින් මෙම පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වේ. මේ සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ජංගම රසායනාගාර පහසුකම් භාවිත කරමින් ක්ෂණික පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති සේනාධීර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මේ විමර්ශන පුලුල් කිරීමත් සමග මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන පුද්ගලයින් නීතියේ රැහැනට කොටු වීමත් ඉහළ යන ආකාරය පෙනී ගොස් ඇත.

රිය අනතුරුවලත් කැපී පෙනන වැඩිවීමක්

දිවයින පුරා සිදුවන රිය අනතුරු සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිකුත් කර ඇති නවතම දත්ත පරීක්ෂා කිරීමේදී මාරක අනතුරුවල භයානක වර්ධනයක් පෙන්නුම් කරයි. මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මැද භාගය දක්වා වූ කාලය තුළ පමණක් මෙරට මාර්ගවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 713 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඉන් වැඩිම පිරිසක් යතුරුපැදිකරුවන් වන අතර එම සංඛ්‍යාව 248කි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

විශේෂයෙන්ම අප්‍රේල් 10 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩු සමය තුළ පමණක් මාරක රිය අනතුරු 42ක් වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගලයින් 44 දෙනෙකුට සිය ජීවිත අහිමි වී තිබේ.

වසරේ මුල් මාස දෙකක කාලය (මාර්තු 02 දක්වා) සලකා බැලීමේදී සමස්ත රිය අනතුරු 3,642ක් වාර්තා වී ඇත. ඉන් අනතුරු 405ක් මාරක ගණයේ අනතුරු වන අතර එමගින් පුද්ගල මරණ 422ක් සිදුවිය. මීට අමතරව බරපතළ තුවාල ලැබූවන් 866ක්, සුළු තුවාල ලැබූවන් 1,730ක් සහ දේපළ හානි පමණක් සිදුවූ අනතුරු 641ක් වාර්තා වී තිබේ.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් භාගයේ සිටම අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන අතර, ජනවාරි මස මුල් දින 25 තුළ පමණක් මරණ 155ක් වාර්තා වීමෙන් එම තත්ත්වය මනාව පැහැදිලි වේ. මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම මෙන්ම නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම මෙම මරණ සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතු වී ඇති බව වාර්තා වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

භික්ෂූන් වහන්සේලාගේ විදේශ ගමන් නියාමනයට නීති බලාත්මක කෙරේ; විහාර දේවාලගම් පනතත් සංශෝධනය වෙයි!

Next Post

වෙසක් සතිය තුළ හජ් උත්සවය යෙදීම – ජාතිවාදී විකෘතිවල ම්ලේච්ඡත්වයට ඉඩ නොතබා ජාතියක් ලෙස අවබොධයෙන් පසු කළ යුතු මොහොතක කතාව…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.