කොළඹ ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි හා ඉංග්‍රීසි සාහිත්‍යය උගන්වනු ලබන 31 හැවිරිදි දෙදරු ගුරුවරියක් හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 331 සමග අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත වූ සිද්ධියක් මහනුවරින් වාර්තා වේ.
සමාජයේ නෙත් අරවන ඒ සිද්ධිය සැකවින් මෙසේය.
මෙම තරුණ ගුරුවරිය නුවර දංගොල්ල මුස්ලිම් පල්ලිය අසලදී හෙරොයින් මිලි ග්‍රෑම් 331 සමග අත් අඩංගුවට පත් වන්නේ පසුගිය 12 වැනි දාය. ඇය දෙදරු මවකි. එක් දරුවෙකුගේ වයස අවුරුදු 6කි. අනෙක් දරුවාට තවම මාස 03කි. මේ තැනැත්තියගේ ස්වාමිපුරුෂයා නුවර ගුඩ්ෂෙඩ් හි ආපන ශාලා හිමි කුඩු ජාවාරම් කරුවෙක් වන අතර මේ වනවිට ඔහු සිටින්නේ මත්ද්‍රව්‍ය වරදක් සම්න්ධව බන්ධනාගාරගතවය.
64 හැවිරිදි වියේ පසුවන ඇයගේ ස්වාමිපුරුෂයා බව කී තැනැත්තා මේ තරුණ ගුරුවරියට මත්ද්‍රව්‍ය හුරු කර ඔහු වසඟයට ගත් බවට ද ආරංචි පැතිර යමින් තිබිණි. එමෙන්ම මේ පුද්ගලයා බිරියව එළියේ නොතැබීම සඳහා මත්ද්‍රව්‍ය දමා ඇයව අත්අඩංගුටව පත් කළබවට ද කතා ඇති විය.
කෙසේ වෙතත් පසුගිය 12 වැනිදා ඇය උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිඥවරයෙක් නොමැතිව විනිසුරුවරයාගේ තීන්දුවට එරෙහිව තර්ක කිරීම නිසා අවවාද කර දින 14ක් බන්ධනාගාරගත කර තිබිණි. බන්ධනගාරයේ දී ඇය මත්කුඩු නැතිව වියරු වැටී දැඟලූ ආකාරය වාර්තා වීමත් සමග සැමියා ඇයව පොලිසියට කොටු කර දුන් බවට ඇති කරගත් සැකය බොහෝ දෙනාගෙන් දුරස් විය.
අනතුරුව ඇය පසුගිය 26 දා නැවත උසාවියට ඉදිරිපත් කළේය. එහිදී රුපියල් 7500ක දඩ මුදලක් හා ශරීර ඇප දෙකක් පිට ඇප නියම විය.
එහෙත් එම ඇප මුදල් ගෙවීමට හා ඇප වශයෙන් ඉදිරිපත් වීමට කිසිවෙක් නොවුණු නිසා ඇයව යළිත් බන්ධනාගාරගත කිරීමට උසාවිය නියෝග කළේය.