සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එය බාල අපරාධයක්… මේ ගුරුන්ට ගුරුකම කියා දෙන්න!

by editor
මාර්තු 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන –

සිද්ධාර්ථ කුමරු ඉපදෙන තැන අසන ගුරුවරියක් සහ එයට නිවැරදි පිළිතුර නොදන්නා බාලාංශ දරුවකුත් සම්බන්ධ වීඩියෝවක් සමාජජාලා වල වේගයෙන් පැතිරෙමින් තිබේ.

දරුවාගේ වැරදි පිළිතුරට ගුරුවරිය සිනාසෙනු ඇසේ.

මේ ප්‍රශ්නය පිළිබඳ කතාව මේ වීඩියෝවෙන් එපිටටත් ඇතැයි සිතෙයි.

මන්ද දරුවා හඬන්නේ මේ ප්‍රශ්නය අසන්නට කලින් බව පෙනේ.

ඔහු කලිනුත් ඒ උත්තරයම දී හෝ වෙනත් කරුණක් නිසා හෝ බියට පත්ව සිටින බව පෙනේ. සිද්ධාර්ථ කුමරා ඉපදුනේ “අර අර පැත්තෙ” කියූ කතාව පළමුවර කියූ පසු එය නැවත  ගුරුවරිය අසන්නේ එය වීඩියෝ පටිගත කරගැනීමට යැයි සිද්ධිය හොඳින් බලන විට සිතේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පළමුවර මේ පිළිතුර දුන් විට ගුරුවරිය තරවටු කරන්නට ඇතැයි සිතෙන්නේ ඔහුගේ බියපත් ඇඬුම්බර මුහුණ පිළිතුරු දීමට ප්‍රථමයෙන්ද තිබු බැවිණි

එය එසේ වූවා හෝ නුවූවා මෙය වීඩියෝගත  කර සමාජමාධ්‍යට ගුරුවරිය විසින් නිකුත් කළා හෝ නිකුත් කරන්නට දුන්නා හෝ වේවා මෙය බරපතළ ළමා අපයෝජනයකි.

මෙය මානසික අපයෝජනයකි. දරුවෙකුට වැඩිහිටියන් අතින් සිදුවන අපයෝජන පහත පරිදිය

  • – කායික අපයෝජනය
  • – මානසික අපයෝජනය
  • – ලිංගික අපයෝජනය
  • – වෙනස්කොට සැලකීමේ අපයෝජනය

මේ දරුවා මානසික වශයෙන් අනෙක් දරුවන් ඉදිරියේ අවප්‍රමාණ වීම ගුරුවරියට විනෝදය ගෙන දෙන්නක් වී ඇත. ඇයට  ඒ අවස්ථාවේ ලැබුණු විනෝදය තවත් වැඩියෙන් ලැබීමට සමාජ මාධ්‍ය තුළ බෙදාහැරීම කරන්නේ එහෙයිනි

සත්‍ය වශයෙන්ම මෙය බාලාපරාධයෙකි. නීතිය ඉදිරියේ වරදකි. සදාචාරාත්මක වරදකි.

ගුරුවරු තම ගෝලයින් කෙරෙහි සම මෙත් සම කරුණා පෑ යුතුය.

සිසුවාගේ උපරිම යහපත පිණිස කටයුතු කළ යුතුය.

එහිදී සිසුවා යනු සියල්ල හරියටම නිවැරදිව දන්නා අයෙක් නොවේ. එසේ දන්නේ නම් සිසුන්ට ගුරුවරු අවශ්‍ය නැත.

සිසුන් ඉගෙන ගන්නා අය බැවින් ගුරුවරු සිටින්නේ ඔවුන්ට කියාදෙන්නය, මග වැරදුනු විට හරි මග පෙන්වා කියාදෙන්නටය. මෙතන සිදුවන්නේ සිසුවාට වරදක් වූ විට උපහාසයෙන් සිනාසීමය. සිනාසී එය වීඩියෝ කර සමාජජාලාවකට මුදා හැරීමය. එය ගුරුවරයෙකු තරම් නොවන්නකි.

මේ වයසේදී එවන් දෙයක් සිදුවීම , ඉතාම නරකය.

මේ වයස , ප්‍රශංසාවෙන්, ආදරයෙන්, ඉවසීමෙන් සිසුවාට මගපෙන්වීම කරන වයසය. ඔහුට වරදින විට නිවැරදි කර දිරිමත් කිරීම කළයුතු වයසය. පංතියේ සගයන් ඔහුට සිනාසුනද ශුරුවරිය ඔවුන් නිහඬ කරවා එසේ කිරීම වැරදි බව කියා දීය යුතු වයසය. එය එසේ වූවත් ගුරුවරිය පෙන්වන්නේ බාලාංශයේ දරුවකු තරම්වත් නොකළ යුතු හැසිරීමකි

මේ සමාජයේ ගුරුවරු බහුතරයක් වේගයෙන් පිරිහෙමින් සිටිති

පාසල් එන බව කියා පෙම්වතා සමග මූදුරැල්ල පෑගීමට ගිය සිසුවියකට අතිශය අපහාසාත්මව ප්‍රසිද්ධියේ ගැරහූ ගුරුවරු ගුරුවරියන් නිසා දැඩි පීඩනයට පත් 16 හැවිරිදි දැරියක් මා ඉදිරියේ හැඬුවාය

සාමාන්‍යපෙළ විෂයන් 10 ටම ඒ සමාර්ථ ලැබූ දැරියකට ” කීයටවත් වෙන්න බෑ. ප්‍රථිපලය වැරදිලා එන්න ඇත්තෙ” කියා ගැරහූ ගුරුතුමියක් ගැන කියමින් අඬා වැටුණු දියණිය මට මැවී පෙනේ

මේ අයුරින් සියගණනක් සිදුවීම් මට කිව හැකිය.

මේ රටේ ගුරු පරම්පරාවට අතහැරිය නොහැකි වගකීමක් හා යුතුකමක් ඇත

ඒ දැනුමෙන්ද විනයෙන්ද ගුණයෙන්ද මේ රටේ දරුපරම්පරාව පෝෂණය කර සමාජයට මුදා හැරීමයි.

එසේ කරන්නට ගුරුවරුන්ට

දනුම

විනය

ගුණය මනා කොට පිහිටා තිබිය යුතුය.

මේවා දකිද්දී බහුතර ගුරුවරු සිටින්නේ ඒ වටිනා අංග තුනෙන් බොහෝ ඈතය.

හොඳ ගුරුවරු සුලුතරයට කියමි.

මේ ගුරුවරුන්ට ඔබ ගුරුකම කියාදෙනු මැනවි. නැතිනම් මේ රටටත් දරුවන්ටත් රටකුත් නැත , අනාගතයකුත් නැත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හඬමින් සිටින කුඩා දරුවාගේ වීඩියෝව සමාජ මාධ්‍යයට දැමූ ගුරුවරිය ගැන විමර්ශනයක්!

Next Post

ක්‍රියා විරහිතව ඇති ගුවන් යානා 08 වෙනුවෙන්  ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝටි 565ක් බදු කුලී ගෙවලා… විගණනය හෙළි කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.