ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල කණ්ඩායමක් ලබන 24 දා ලංකාවට පැමිණිමට සැලසුම් කර ඇත.
ඔවුන් 24 වැනිදා සිට 31 දක්වා කාලය තුළ දිවයිනේ රැඳී සිටිමින් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩපිළිවෙල පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීම සඳහා ප්‍රගතියක් ලබා ගැනීම ඉලක්ක කරගෙන සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති බැවින්, ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනට විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා ණය තිරසාර බව සහතික කිරීම අත්‍යාවශ්‍ය බවත්, මේ සංචාරය අතර තුර දී ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ ප්‍රමාණවත් සහතික කිරීම් අවශ්‍ය බවත් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට දන්වා තිබේ.
IMF කාර්ය මණ්ඩලය ද සංචාරය අතරතුර අනෙකුත් පාර්ශවකරුවන් සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව දන්වා ඇත.
මෙම කණ්ඩායම ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්වන පීටර් බෲවර් සහ මසාහිරෝ නොසාකි විසින් මෙහෙයවනු ලැබේ.
ශ්‍රී ලංකාව පිළිබඳ IMF කාර්ය මණ්ඩල ප්‍රකාශය පහත දැක්වේ…








