බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 2027 ලෝක කුසලානයට දැන්ම සැරසෙමු ලු… දේශපාලන මුහුණුවරක් ගත්තු   ප්‍රචාරක ව්‍යාපෘතියට කෝටි 02යි….  හරීන්ට මඤ්ඤං ද?  

by editor
ජනවාරි 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • දේශපාලන ඇඟිලි ගැසීම් ඇතැයි කියා අයි.සී.සී.යෙන් තහනම් කළ රටක ක්‍රිකට් පාලක මණ්ඩලය හරීන්ගේ දේශපාල ව්‍යාපෘතියට වියදම් කළේ අයි.සී.සී. අරමුදල් නම් ක්‍රිකට්වලට අබ සරණයි!

ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු විසින් මේ සති අන්තයේ ඉරිදා  ජාතික පුවත්පත්වල වර්ණ පිටුවක් බැගින් වෙන් කරගනිමින්  සිය ඡායා රූපයත්, ක්‍රිකට් ආයතනයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිල ලාංඡනත් සමග පල කර ඇති අවස්ථා සම්බන්ධයක් තෝරාගැනීමට අසීරු දැන්වීම් මාලාවක් සම්බන්ධව ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් ඇතිවී තිබේ.

මිලියන 20ක මුදලක් පුද්ගලික දැන්වීම් ප්‍රචාරක ආයතනයකට ලබා දෙමින් මෙම දැන්වීම් පලකර ඇත්තේ 2027 ලෝක කුසාලනය දිනා ගැනීම සඳහා එක්වන ලෙස කියමිනි.

2027 ලෝක කුසලානය දිනා ගැනීමට පත්තර බලන පාඨකයින් එක් වී පලක් නැති බවත්, ඒ වෙනුවෙන් තිබිය යුත්තේ නිශ්චිත කාලරාමුවක් සහිත වැඩපිළිවෙළක් සහ අදූෂිත ක්‍රිකට් පරිපාලනයක් බවත්    සරලව තේරුම්ගත හැකිව තිබිය දී කෝටි දෙකක් වියදම් කර මෙම දැන්වීම් පලකිරීමෙන් ක්‍රීඩාවට අත්කරගත හැකි ප්‍රතිලාභය කුමක් දැයි මේ වනවිට ක්ෂේත්‍රය තුළින්ම ප්‍රශ්න කෙරෙමින් තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ  මෙම ප්‍රචාරක ව්‍යාපෘතිය වඩාත් සමීප වන්නේ ඇමතිවරයාගේ    දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක්ට බවය.

රට මේ ආකාරයේ ආර්ථික අර්බුදයකට ලක් වී තිබිය දී ඇමතිවරයා විසින් මේ නිශ්ඵල ප්‍රචාරක වැඩසටහනට මුදල් යොදා ගත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නම් එය බරපතල ගැටලුවක් බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි. රජය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් මෙවැනි වියදම් කපා හැර ඇති අවස්ථාවක මේ ආකාරයේ මුදලක් අමාත්‍යාංශයෙන් වැය කළ නොහැකි බව ද එම ආරංචි මාර්ග කියයි.

මේ මුදල දැන්වීමේ නිල ලාංඡනය පලකළ ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනයෙන් ලබා දී ඇතිනම් ක්‍රීඩාවට මුවා වී සිදුකරන මේ දේශපාලන ව්‍යාපෘතියට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කිරීම රටේ ක්‍රිකට් අනාගතය බිහිසුනු අනතුරකට ලක් කිරීමේ අවදානමක් නිර්මාණය කර ඇතැයි ද,    දේශපාලන අත පෙවීම් ඇතැයි කියමින් අයි.සී.සී. තහනමක් ඉල්ලා එය ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින්ම මෙවැනි දේශපාලන ව්‍යාපෘතියකට අයි.සී.සී.යේ අරමුදල් ලබා දී ඇතිනම් එය  ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයම ව්‍යසනයට ලක් කරන අපරාධයක් විය හැකි බවද    ක්‍රිකට් ප්‍රවීණයෝ පෙන්වා දෙති.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කලකින් පැමිණි වනිඳු අමතක නොවන පන්දු යැවීමක… ලකුණු 19ට කඩුළු 07යි… ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08කින් දිනුම්…

Next Post

GMOA සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.