-
දේශපාලන ඇඟිලි ගැසීම් ඇතැයි කියා අයි.සී.සී.යෙන් තහනම් කළ රටක ක්‍රිකට් පාලක මණ්ඩලය හරීන්ගේ දේශපාල ව්‍යාපෘතියට වියදම් කළේ අයි.සී.සී. අරමුදල් නම් ක්‍රිකට්වලට අබ සරණයි!
ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු විසින් මේ සති අන්තයේ ඉරිදා ජාතික පුවත්පත්වල වර්ණ පිටුවක් බැගින් වෙන් කරගනිමින් සිය ඡායා රූපයත්, ක්‍රිකට් ආයතනයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිල ලාංඡනත් සමග පල කර ඇති අවස්ථා සම්බන්ධයක් තෝරාගැනීමට අසීරු දැන්වීම් මාලාවක් සම්බන්ධව ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් ඇතිවී තිබේ.
මිලියන 20ක මුදලක් පුද්ගලික දැන්වීම් ප්‍රචාරක ආයතනයකට ලබා දෙමින් මෙම දැන්වීම් පලකර ඇත්තේ 2027 ලෝක කුසාලනය දිනා ගැනීම සඳහා එක්වන ලෙස කියමිනි.
2027 ලෝක කුසලානය දිනා ගැනීමට පත්තර බලන පාඨකයින් එක් වී පලක් නැති බවත්, ඒ වෙනුවෙන් තිබිය යුත්තේ නිශ්චිත කාලරාමුවක් සහිත වැඩපිළිවෙළක් සහ අදූෂිත ක්‍රිකට් පරිපාලනයක් බවත් සරලව තේරුම්ගත හැකිව තිබිය දී කෝටි දෙකක් වියදම් කර මෙම දැන්වීම් පලකිරීමෙන් ක්‍රීඩාවට අත්කරගත හැකි ප්‍රතිලාභය කුමක් දැයි මේ වනවිට ක්ෂේත්‍රය තුළින්ම ප්‍රශ්න කෙරෙමින් තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රචාරක ව්‍යාපෘතිය වඩාත් සමීප වන්නේ ඇමතිවරයාගේ දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක්ට බවය.
රට මේ ආකාරයේ ආර්ථික අර්බුදයකට ලක් වී තිබිය දී ඇමතිවරයා විසින් මේ නිශ්ඵල ප්‍රචාරක වැඩසටහනට මුදල් යොදා ගත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නම් එය බරපතල ගැටලුවක් බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි. රජය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් මෙවැනි වියදම් කපා හැර ඇති අවස්ථාවක මේ ආකාරයේ මුදලක් අමාත්‍යාංශයෙන් වැය කළ නොහැකි බව ද එම ආරංචි මාර්ග කියයි.
මේ මුදල දැන්වීමේ නිල ලාංඡනය පලකළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබා දී ඇතිනම් ක්‍රීඩාවට මුවා වී සිදුකරන මේ දේශපාලන ව්‍යාපෘතියට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කිරීම රටේ ක්‍රිකට් අනාගතය බිහිසුනු අනතුරකට ලක් කිරීමේ අවදානමක් නිර්මාණය කර ඇතැයි ද, දේශපාලන අත පෙවීම් ඇතැයි කියමින් අයි.සී.සී. තහනමක් ඉල්ලා එය ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින්ම මෙවැනි දේශපාලන ව්‍යාපෘතියකට අයි.සී.සී.යේ අරමුදල් ලබා දී ඇතිනම් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයම ව්‍යසනයට ලක් කරන අපරාධයක් විය හැකි බවද ක්‍රිකට් ප්‍රවීණයෝ පෙන්වා දෙති.