සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2026 අය වැය අද – රජයේ ආර්ථික සැලසුම් මොනවා ද?

by editor
නොවැම්බර් 7, 2025
in පුවත්
Budget
Share on FacebookShare on Twitter

මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිය රජයේ දෙවැනි අය-වැය අද (07) පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.

නිදහස් ශ්‍රී ලංකාවේ අසූ වැනි (80) අය-වැය මෙයයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක  මේ වසරේ (2025) පෙබරවාරි 17 වැනිදා සිය රජයේ මංගල අය-වැය ඉදිරිපත් කළේය. එම අය වැයේ කැපි පෙනුන ප්‍රවේශය වූයේ   රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ තුන් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කිරීමය. එහි පළමු අදියර මේ වසරේදී රුපියල් මිලියන 110,000 ලබාදෙමින් ක්‍රියාත්මක කළේය.

එහි දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීම, පෞද්ගලික අංශය සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ දීමනා ඉහළ නැංවීම, රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීම, ගම, අර්ධ නාගරික සහ නාගරික යටිතල පහසුකම් දියුණු කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වේගවත් කිරීම යනාදියට මෙවර අය-වැයෙන් වැඩි මුදලක් වෙන්කොට ඇත.

ලබන වසර සඳහා රජයේ  ආර්ථික සැලසුම

ලබන වසර සඳහා රජයේ සමස්ත වියදම ලෙස රුපියල් බිලියන 4,434ක මුදලක් වෙන්කර තිබේ. ජනාධිපති වැය ශිර්ෂය සඳහා රුපියල් බිලියන 11ක් වෙන් කර ඇති අතර සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් බිලියන 8.29ක් වෙන් කර ඇත. එම මුදල ද ජනාධිපති වැය ශීර්ෂයට අයත් වේ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මෙවර වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් වේ. එමෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 596ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 554ක් , ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 455ක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයට මෙවර අය-වැයෙන් රුපියල් බිලියන 301ක් වෙන්කර ඇත.

2026 වසරේදී වියදම් පියවා ගැනීමේදී දේශීය හා විදේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සීමාව රුපියල් බිලියන 3,800ක් බව විසර්ජන පනත් කෙටුම්පතේ දැක්වේ.

රට පුරා  සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් විවිධ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හරහා ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් සඳහා රජයේ වියදම් යෝජනා සියයකට වැඩි ප්‍රමාණයක් මෙවර ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ.

වාර්ෂිකව සියයට හතර ඉක්ම වූ අඛණ්ඩ ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම, විදෙස් ණය නොව හැකි තරම් සෘජු විදෙස් ආයෝජන කැඳවා ගැනීම, උද්ධමනය පාලනය කිරීම සහ රුපියල ශක්තිමත් කිරීම අය-වැයෙන් යෝජනා ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂිතය.

සමාජ ආර්ථික සංවර්ධනය සහ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, ආයෝජන වැඩිදියුණු කිරීම සහ අපනයන ආදායම් වැඩි කරගැනීම රජය ඉලක්කය වී තිබේ. ගම නගරය එක සේ සංවර්ධනය කරන අතරම එය හැකි තරම් ජනතා සහභාගිත්වයෙන් සිදු කිරීමට බලපාන යෝජනා මෙවර අයවැයෙන් ගෙන එන බව කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු උපුටා දක්වමින් දිනමිණ වාර්තා කර ඇත.

රජයේ ප්‍රාග්ධන වියදම් ඉතා ශීඝ්‍රයෙන් ජනතා සුභසාධනය සහ සංවර්ධනය ඉලක්ක කළ වැඩසටහන් සඳහාම ලබාදීමට මෙවර අයවැයෙන් මූලිකත්වය ගෙන ඇති බවත් රජයේ වියදම් යෝජනා ඉතා ඵලදායි සහ කාර්යක්ෂම ලෙස යොදවා ගැනිමට වැඩි ඉඩක් මෙවර ලබා දෙන බවත්  ඇමැතිවරයා  ප්‍රකාශ කර ඇත.

ගම් මට්ටමේ මාර්ග, මහා මාර්ගය, ජල, විදුලි, නිවාස, පොදු යටිතල පහසුකම්, ආගමික, කලා, ක්‍රීඩා, රසාස්වාදය, ජාතික සමඟිය සහ සහජීවනය ඇති කරන යෝජනා සඳහා වැඩි මුදලක් වෙන් ඇති බවත්, අපනයන වෙළෙඳපොළ ජයගැනීමට නව නිෂ්පාදන සහ නවෝත්පාදන සඳහා ඉහළ දිරි ගැන්වීම් ලබා දෙනු ඇති බවත් ඇමතිවරයා පවසා තිබේ. තරුණ තරුණියන් හට නව ව්‍යාපාර ආරම්භ කිරීමට දිරිගැන්වීම සිදුකෙ‍රෙන බව ද ඔහු පෙන්වා දේ.

නියෝජ්‍ය ඇමතිවරයාට අනුව  රටේ මානව සම්පත් සංවර්ධනය සහ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමට අවශ්‍ය නව වැඩසටහන් සඳහා ද  දැනට අඩපණ වී සහ කඩා වැටුණු ව්‍යාපාර දිරි ගැන්වීමට සහනය ලබා දීම සදහා ද,  අලුතින් බදු හඳුන්වාදීම වෙනුවට බදු ගෙවිය යුතු පිරිස් කැමැත්තෙන් බදු ගෙවන ආකාරයට ඔවුන්ගේ ආකල්ප වැඩිදියුණු කිරීම සඳහා ද යෝජනා ඉදිරිපත් වී ඇත.

බදු දැල පුළුල් කිරීමට කරනු ලබන යෝජනා, බදු ගෙවීම ජාතික වගකීමක් ඉටු කිරීමක් යන හැඟීම ජනතාවගේ සිත්වලට පහළ කිරීමට සමත් වන ආකාරයට සිදු කරන බව ද ඇමැතිවරයා අවධාරණය කර තිබේ.

දැනටමත් රජය සිය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකි ආකාරයට කටයුතු කරමින් සිටින බව පවසා ඇති  අනිල් ජයන්ත ප්‍රනාන්දු  නියෝජ්‍ය ඇමතිවරයා  වසර 2026/27 සහ 28 වන විට අප ළඟා කරගත යුතු ආර්ථික ඉලක්ක ගැන ලොකු අවධානයක් මෙවර අය-වැයෙන් යොමුකර ඇතැයි ද පවසා ඇත.

අද දවසේ අප මුහුණ දෙන අභියෝග සහ අසීරුතා හෙට දවසේ අනාගත පරපුරට උරුම නොකොට සෞභාග්‍යවත් අනාගතයක් ගොඩනැඟීමට ඉකුත් අයවැයෙන් දමා ඇති අඩිතාලම ශක්තිමත් කරගෙන ඉදිරියට යෑම මෙවර අය-වැයේ මූලික හරය බව ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දියවඩන නිලමේ ධූරයට සුදුස්සා තෝරා ගැනීම අද…

Next Post

හිතවත් මාළිමාවුනි… ඔළු උදුම්මාගෙන යන උද්දච්ඡ ගමන නවත්වන්න… ලැබී ඇත්තේ ඉඟියක් නොව, කුළුගෙඩි පහරකි…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.