මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකගේ සැමියා අත් අඩංගුවට ගෙන තිබීම ආණ්ඩුවේ පාරි ශුද්ධ කයිවාරුවට බරපතල හානියක් සිදු කරන සිද්ධියක් වී තෙබේ. මෙරට ප්‍රසිද්ධ පාතාල ක්‍රියාකාරිකයකු වූ කොස්ගොඩ සුජීව මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියගේ ඥාතියෙක් බව ද දැන් පොලීසිය පවසයි. කෙසේ වෙතත් මේ සිද්ධිය ආතක් පාතක් නැතිව සිටින බව විපක්ෂයට සුව පහසු භූමියක් සකස් කර තිබේ.
අප දිගින් දිගටම ලියා ඇති තොරතුරක් නැවත සිහිපත් කිරීම වටී. ඒ ජාතික බුද්ධි සේවාවන් බිඳ වැටී ඇති බවය. එසේත් නැතිනම් බුද්ධි සේවාවන් හි ලොක්කන් ආණ්ඩුවට වංගු ගසමින් සිටින බවය. හෙට අනිද්දා වන විට පොලීසිය ආණ්ඩුවේ අමුඩයද ගලවන තරමට ප්‍රචාරන මෙහෙයුමක් දියත් කරන බව නම් ස්ථිරය. මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියගේ සිඳුවීම ඒ ප්‍රචාරණ වැඩ පිළිවෙලේ මුල් ගල වන්ටද පුළුවන.
මෙහිදී අත් අඩංගුවට ගන්නා ලද විදුහල්පතිවරයා මේ වන විටත් වැරදිකරුවකු කිරීමට පොලීසිය වැඩ සිද්ධ කර හමාරය. ඒ මනුස්සයා මේ ජාවාරම් ගැන හාංකාවිසියක් නොදන්නා අයෙක් බවට තහවුරු කෙරුනද දැන් ඔහුගේ නිර්දෝෂී බව පිළිගන්නා එකෙක් නැති තරමට පොලීසිය ජනතාවගේ ඔළුව හදා ඉවරය. ආණ්ඩුවටද දැන් ඉන්නේ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වැනි සීන් එකකය.කෙසේ වෙතත් මේ ආන්දෝලනාත්මක සිද්ධිය පිළිබඳව විවිධ පැති වලින් විශ්ලේෂණය කළ හැකිය.
රාජක්ෂලාගේ ඔඩොක්කු කුක්කකු වූ විශ්‍රාමික පොලිස් නිළධාරියකු ඇමති උපදේශකයා කර ගත් මරි මෝල් ඇමති ඩබලට කට උත්තර නැති වන තරමට පොලීසියේ වැඩ කිඩ තව තව ඉදිරියේදී බලා කියා ගත හැකිය. මේ ඇමති උපදේශකයා හීන් සීරුවේ පොලීසියේ ඉහල පුටු වල සිටින රාජපක්ෂ සොම්බියන් මර්මස්ථානවල ස්ථානගත කෙරුවේය. ඇමති ඩබල ඒ කෙරුවාව දුටු නුදුටු ආකාරයෙන් අපි පොලීසියේ රාජකාරියට අත දාන්නෑ යැයි පවසමින් හුරතල් වෙමින් සිටියේය. දැන් ඉතින් කෙල වෙන කෙල විල්ලට ඇමති ඩබලට පමණක් නොව ආණ්ඩුවටද කට උත්තර නැතිය.
අප ඒ දවස්වල ආණ්ඩුවට අනතුරු ඇඟවූයේ කාරණා පෙළ තාර්කිකව විමසමිනි. මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට උදව් උපකාර කළ පොලිස් කාරයන් අද වන විට ආණ්ඩුවේ වැඩ පිළිවෙළ සමග නැත. ඒ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ඒ පොලිස්කාරයන් ගැන ඇහැක් ඇර නොබැලූ නිසාය.
කොස්ගොඩ සුජීව සතුව බලපිටිය හා අම්බලන්ගොඩ තිබෙන දේපොල ගැන අප ලියා ඇත්තේ අද ඊයේ නොවේ. මේ පාතාලයාගේ කලු සල්ලි සුදු කරන එවුන් ගැනද අප අනාවරණය කර තිබේ. එහෙත් පොලීසියේ ලොක්කන් ඒ ගැන සිටියේ කිසිත් නොදන්නා ගානටය.
හෙට දවසේදීවත් කොස්ගොඩ සුජී ගේ දේපොලවලට පොලීසිය අත නොතියන බවද අපට විශ්වාසය.
එසේ නම් මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියගේ සැමියා අත් අඩංගුවට ගත්තේ කෙසේදැයි කාට කාටත් ආපසු ප්‍රශ්න කරන්නටද පුළුවන. සැබැවින්ම මේ සිද්ධිය පොලීසියේ මහ උන්ගේ ආරවුලේ ප්‍රතිඵලයක් මිස වෙන ලබුවක් නොවේ. මේ සිද්ධිය නිසා කොස්ගොඩ සුජීට අත නොතියන පොලීසියේ මහ එවුන්ට හොඳ කණේ පාරක් නම් වැදී ඇති බව නම් පැහැදිලිය.
දැන් වත් ආණ්ඩුව මෙරට බුද්ධි අංශ වල පැල පදියම් වී සිටින දූෂිතයන්ගේ පුකට පයින් ගසා දොට්ට දැමිය යුතුය. යුද හමුදා බුද්ධි අංශය මේ වන වට බිමට සමතලා වී තිබේ. හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා අල්ලේ නටවන්නේ හමුදා සේවයේ නොසන්ඩාල වැඩ වලින් කප් ගැසු පට්ට දූෂිතයෙකි. මේ පට්ට දූෂිතයා පෙනී සිටින්නේ ඔහු රාජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකරගේ බඩියා විදියටය.
ඒ නිසාම හමුදාපතිවරයාද කිසිත් කර කියා ගත නොහැකි තත්ත්වයකට පත් වී සිටින බවට අනාවරණය වී තිබේ. මේ දූෂිතයා දැන් ඉව අල්ලමින් සිටින්නේ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුරයටය. ඔහුගේ බිරිඳ ලංකා ගුරු සංඟමයේ ක්‍රියාකාරිණියක් වේ. ඒ නිසාම මේ දූෂිතයාට හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුරය දෙන්නට ජාජබ ආණ්ඩුව ක්‍රියා කරන්නට ඉඩ තිබේ.
ජාජබ ආණ්ඩුව බොහෝ වගකිව යුතු තනතුරු වලට පත් කර ඇත්තේ එක මිටට සිට මාලිමා වේ ජයග්‍රහණය වෙනුවෙන් කැන්වසින් කළ කාන්තාවන්ගේ සැමියන්ය. . ඒ සැමියා නොම්මර එකේ මදාවියෙක් වුනත් ගාණක් නැති ගානට වැඩේ සිද්ධ වුනේය. කොස්ගොඩ සුජී ගේ ඥාතිවරියන්ටද මාලිමාවේ ඉහල තැන් ලැබුනේද ඒ නිසාය.
පහුගිය දිනවල ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන ලේකම්වරයා ලෙස විජිත හේරත් ඇමතිවරයා විසින් යවන ලද මිල්ටෙරි කාරයා ගම්මන්පිල ගේ හෙංචයියෙකි.
ඒ මිල්ටෙරිකාරයා ප්‍රංශයට ඒම වැලැක්වීමට එහි ජීවත්වන ජාජබ හිතවතුන් බලවත් උත්සාහයක නිරත වුවද විජිත හේරත් ඇමතිවරයා ඒ විරෝධය පඩේකට ගණන් නොගත්තේය. මේ මිල්ටෙරි කාරයා ගැන සඳහන්ව තිබු බුද්ධි නිශ්කාෂණ වාර්තා පවා සැඟවිනි. ගම්මන්පිලගේ දේශපාලන අනුගාමිකයකු වන විමල් බණ්ඩාර නැමැත්තා මේ මිල්ටෙරිකාරයා ප්‍රංශයට ගෙන්වා ගැනීමට කපු කම් කෙරුවේය. ප්‍රංශයේ ජීවත්වන ජාජබ හිතවතුන් මේ නිසා ඉන්නේ දැඩි කළකිරීමෙනි.
ජාජබයේ ලොකු ඇමති අයියලාට අඩු පාඩුකම් පෙන්වා දුන්නාට පයිසෙකට ගණන් නොගනී. මේ ඇමති අයියලාගේ ඔළු ගෙඩි ඉදිමී ඇත්තේ හිතා ගන්ටත් බැරි විදියටය. දැන් නම් ජනපති අනුර කුමාර දිසානායකටවත් නවත්වා ගන්නට බැරි තරමට මේ ලොකු අයියලා පිස්‍සු කෙළමින් සිටින බව පෙනෙන්නට තිබේ. අනුර කුමාර ජනාධිපතිවරයාට කියන්නට ඇත්තේ ඔබ විසින් කරලියට ගෙන ආවේ අපත් ජිවිත පරිත්‍යාගයෙන් දශක ගණනක් තිස්සේ ගොඩනැගු බලාපොරොත්තු බවය. එය මාලිමාවේ සින්නක්කර හිමිකමක් සේ සලකා ඔලුගෙඩි උදුම්මාගෙන යන ගමන දැන්වත් නවත්වා ගැනීම සුදුසු බවට මේ ලැබෙන්නේ ඉඟි නොවේ. කුළුගෙඩි පහරවල්ය.







