සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දියවඩන නිලමේ ධූරයට සුදුස්සා තෝරා ගැනීම අද…

by editor
නොවැම්බර් 7, 2025
in පුවත්
දියවඩන නිලමේ ධුරයට මෙවර ඉදිරිපත් වන අපේක්ෂකයින් හත්දෙනා

දියවඩන නිලමේ ධුරයට මෙවර ඉදිරිපත් වන අපේක්ෂකයින් හත්දෙනා

Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සෙකු තෝරා පත්කර ගැනීමේ රැස්වීම අද (07) බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී පැවැත්වෙයි.

දියවඩන නිලමේ ධුරය සඳහා තමන් තරඟ වදින බව වත්මන් වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර කතරගම මහා දේවාලයේ හා පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සුබසිංහ,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන ගාමිණි කළුහෙන්දිවල, පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරන බදුල්ල සෝනුත්තර රජමහා විහාරස්ථානයේ හා සතර මහා දේවාල මහ නිලමේ රොෂාන් ප්‍රියදර්ශන හා විශ්‍රාමික යුද හමුදා කර්නල් වරයෙකු වන නන්ද මඩුගල්ලේ යන මහත්වරු මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබේ.

මෙවර දියවඩන නිල මේ තෝරා පත්කර ගැනීමේ රැස්වීමේ දී මහා සංඝරත්නය ඇතුළු 267 ක පමණ පිරිසක් ඡන්දය ලබා දීමට සුදුසුකම් සපුරා ඇත.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම, පැරණි උඩරට රාජධානියට අයත්ව තිබූ බල ප්‍රදේශයේ පිහිටි රජමහා විහාරස්ථාන වල පැවිදි හා ගිහි භාරකාරවරු 157 දෙනෙකු එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරු 71 දෙනෙකු හා විහාර දේවාලගම් ආඥා පනතට යටතේ ගැසට් කර තිබෙන දේවාල වල බස්නායක නිලමේවරු 29 දෙනෙකු මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.උඩරට රාජධානි බල ප්‍රදේශයට අයත්ව තිබූ දේවාල 31 ක් සඳහා මෙහිදී ඡන්ද හිමිකම ලැබෙන අතර දමින්ද බණ්ඩාර උඩුරාවණ හා ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක මහත්වරු දේවාල දෙකක බස්නායක නිලමේ ධුර හොබවන බැවින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙන්නේ එක් දේවාලයක් නියෝජනය කරමින් පමණි. මේ නිසා මෙවර බස්නායක නිලමේවරුන්ගේ ඡන්ද සංඛ්‍යාව 29 කට සීමාවී ඇත.

රැස්වීම් ශාලාවට ඇතුළු වීම සඳහා අවසර ලැබෙන්නේ අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කර තිබෙන පුද්ගලයින්ට හා ඡන්ද දායකයින්ට පමණි. ඡන්ද හිමිකමක් නොමැති අපේක්ෂකයෙකුගේ නම යෝජනා ස්ථිරත්වයෙන් සම්මත නොවුනහොත් ඔහුට රැස්වීම් ශාලාවේ රැඳී සිටීමට අවසර ලැබෙන්නේ නැත. උඩරට රාජධානිය ඉංග්‍රීසින් අතට පත්වීමේ සිට මේ දක්වා දියවඩන නිලමේ ධුරයේ පුද්ගලයින් 19 දෙනෙකු කටයුතු කර තිබේ. මෙවර පත්වන දියඩවන නිලමේවරයාට විහාර දේවාලගම් ආඥා පනතට අනුව 2035 වසර දක්වා ධුරයේ කටයුතු කිරීමට පුළුවන.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාසල් දරුවන්ට කුඩු බෙදා හැරියේ අත් අඩංගුවට ගත් මාලිමා ගුරු සංගමයේ නියෝජිතයා සහ මාලිමා නගරසභා මන්ත්‍රීවරිය ද?… නාමල් රාජපක්ෂ ප්‍රශ්න කරයි!

Next Post

2026 අය වැය අද – රජයේ ආර්ථික සැලසුම් මොනවා ද?

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.