සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“20 වෙනස් විය යුතුයි” – පොහොට්ටු මන්ත්‍රී ගෙවිඳු කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

රට ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සාර්ථකව සිදුකරගෙන යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වෙනි සංශෝධන කෙටුම්පතේ ඇතැම් වගන්ති බාධාවක් විය හැකි බැවින් ඒවා නිවැරැදි කර ගැනීමට වහා පියවර ගත යුතු බව යුතුකම සංවිධානයේ කැඳවුම්කරු සහ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ලංකාසරට පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් විය යුත්තේ රට ගැන සිතා මිස පුද්ගලයකු ගැන සිතා නොවන බව පෙන්වා දෙන ඒ මහතා විසිවෙනි සංශෝධනය යටතේ ඇති කරුණු ගෝඨාභය රාජපක්ෂ මහතා රට වෙනුවෙන් රටට හිතෛෂීව ක්‍රියාත්මක කළ ද වෙනත් ජනාධිපතිවරයෙක් හෝ වෙනත් පාලනයක් යටතේ එය එසේ සිදු නොවී අත්තනෝමතික ආකාරයට කටයුතු කල හැකි බවත් එවැනි ගමනකට අවශ්‍ය කරන සාධක මෙම සංශෝධනය තුළ අන්තර්ගත වන බවත් පෙන්වා දුන්නේය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දහනව 19 වැනි සංශෝධනය හරහා පැවති ආණ්ඩුව රටට සිදුකළ ඇතැම් විනාශකාරී වැඩපිළිවෙළට එරෙහිව තම සංවිධානය රටේ පුළුල් ව්‍යාපාරයක් ගෙනගිය බව සිහිපත් කළ ගෙවිඳු කුමාරතුංග මහතා විසිවැනි සංශෝධනය සියලු සියළුදෙනාටම පිළිගතහැකි රටේ අනාගත අභියෝග ජයගත හැකි එකක් බවට පත්කර ගැනීම සඳහා ආණ්ඩුව සමඟ ඉදිරියේදී ඉදිරියේ දී සාකච්ඡා කරන බව ද සදහන් කළේය.

රටට අහිතකර විවිධ අණපනත් වෙනුවෙන් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑම යෑමේ හැකියාව තිබිය යුතු වුවත් විසිවෙනි සංශෝධනය මගින් එම අවස්ථාව අහිමි කර තිබෙන බවත් ඒ ගැන නැවත සිතා බලා එය නිවැරදි කර ගැනීමට කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා පවසයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දහනව වැනි සංශෝධනය මගින් කැබිනට් ඇමති සංඛ්‍යාව 30 කට හා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති සංඛ්‍යාව 40 ක ට සීමා කර තිබුණත් එය වෙනස් කරමින් පැවති ආණ්ඩුව කටයුතු කළ නමුත් විසි වෙනි සංශෝධනයෙන් එම වගන්තිය ඉවත් කර තිබෙන බවත් එසේ ඉවත් කළේ ඉදිරියේදී ඇමති සංඛ්‍යාව වැඩි කරන්නද එසේ නැතිනම් වෙනත් අරමුණක් ඇතිව ද යන්න පිළිබඳව නිවැරැදි කරගත යුතුව තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

වගන්තිය වෙනස් කලාට ඇමති තනතුරු වැඩි කිරීමක් සිදු නොකරන බව රජය පැත්තෙන් ජනමාධ්‍යයට ප්‍රකාශ කර තිබුණ බවත් වත්මන් පාලනය යටතේ එලෙස වෙනස් නොකළත් අනාගතයේ වෙනත් පාලනයක් යටතේ එය වෙනස් වී ඇමති සංඛ්‍යාව රටට ඔරොත්තු නොදෙන ආකාරයට පත්කර ගැනීමේ පත්කර ගැනීමේ හිඩසක් එහි නිර්මාණය කර තිබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

කප්පම් දේශපාලනය තුරන් කිරීම ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව බව එතුමා රටට ප්‍රකාශ කළ බව සිහිපත් කරන ගෙවිඳු කුමාරතුංග මහතා ඇමති සංඛ්‍යාව වැඩි කිරීමට විසිවැනි සංශෝධනය හරහා ඉඩ සලසා දීම කප්පම් දේශපාලනයට වක්‍රව පාර කැපීමක් යැයි පෙන්වා දුන්නේය.

ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකියාව ලබාදීම, ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට ඇති වයස් සීමාව 35 දක්වා අඩු කිරීම වැනි කරුණුවලින් රටට හෝ ජනතාවට ප්‍රයෝජනයක් නොලැබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ද්විත්ව පුරවැසිභාවය ඇති අයෙකුට පාර්ලිමේන්තුවට පිවිසිය හැකි බවට විසි වැනි සංශෝධනයට ඇතුළත් කිරීම බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සිදුකළ දෙයක් බවට පෙන්වීමට ඇතැම් සමාජ මාධ්‍ය කටයුතු කරමින් සිටින බව පෙන්වා දෙන ඒ මහතා සැබැවින්ම තමන් ඒ කාරණය සම්බන්ධව විරුද්ධ වන්නේ එවැනි පුද්ගලයකු ඉලක්ක කරගෙන නොව එවැන්නක් රටට අහිතකර වීමට ඉඩ ඇති නිසා බව පැවසීය.

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ හතර සහ හත්වැනි උප වගන්තිය යටතේ මව්බිම වෙනුවෙන් ප්‍රතිඥා දෙකක් ලබාදී තිබෙන අතර විසි වෙනි සංශෝධනයෙන් හත්වැනි උප වගන්තිය ඉවත් කර තිබෙන බවත් එම වගන්තියෙන් කියවෙන්නේ රට බෙදීමට සෘජුව හෝ අන්‍ය ආකාරයකින් හෝ ආධාර උපකාර නොදෙන බවට ප්‍රතිවිරුද්ධ බවයි .

එය හිතාමතා ඉවත් කළ දෙයක් නොවන බව තම විශ්වාසය බව ද ඒ මහතා සඳහන් කළේය කෙසේ වෙතත් 20 වැනි සංශෝධනයේ මේ තාක් මතුවූ ගැටළුවලට අමතරව තවත් ගැටළු ඉදිරියේ දී මතු විය හැකි බවත් ඒ සියලු කරුණු ගැන පුළුල්ව සලකා බලා ආණ්ඩුව සමඟ සාකච්ඡා කර නිවැරදි කර ගැනීමට උපරිම උත්සාහ කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති රත්තරන් ගණන් අඩු කරයි

Next Post

පවුරසන්කුලම පුරාවස්තු නැසූ මහ නිධන් හොරා සී.සී.ඩී එකේ එස්.අයි කෙනෙක්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.