බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

20 වැනි සංශෝධනය විගණකාධිපති පඹයෙක් කරයි…

by editor
සැප්තැම්බර් 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජාතික විගණන කොමිෂන් සභාව අහෝසියි…
  • ජනපති අගමැති ඇමති කාර්යාල විගණනය කරන්න බෑ…
  • රාජ්‍ය සමාගම් විගණන වගකීම විගණකාධිපතිගෙන් ඉවතට…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනට අනුව ජාතික විගණන කොමිෂන් සභාව අහෝසි වීමට අමතරව රටේ  ආයතන ගණනාවක් විගණනය කිරීමේ වගකීම රජයේ විගණකාධිපතිවරයාට අහිමි වන බව ශ්‍රි ලංකා විගණන සේවා සංගමය පෙන්වා දෙයි.

එම සංගමය අවධාරණය කරන්නේ රාජ්‍ය සමාගම් විගණනය කිරීම, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, සියලුම අමාත්‍යංශවල අමාත්‍යවරුන්ගේ කාර්යාල විගණනයට ලක් කිරීමේ අවස්ථාව අහිමි කර ඇති බවය. එසේම මීට අමතරව රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ පොලිස් කොමිෂන් සභාවද විගණනයට ලක් කිරීමේ වගකීමෙන් විගණකාධිපතිවරයා ඉවත් කර තිබේ.

මෙම ආයතන විගණන වගකීමෙන් ඉවත් වීමේ තත්ත්වය නිර්මාණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) වගන්තිය 20 වැනි සංශෝධන කෙටුම්පතෙන් ඉවත් කර තිබීමය. මෙම තත්ත්වය තුළ මෙම ආයතනවල මූල්‍ය පාලනය සහ මූල්‍ය විනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට හෝ රටට වගකියන තත්ත්වය බැහැර වන බව පෙන්වා දෙන ශ්‍රි ලංකා විගණන සංගමය මෙසේද සඳහන් කරයි.

“රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තු කාර්යභාරය සහ රටේ මහජන අපේක්ෂා ඉටු කිරීමට හා ඒකීය ආයතනයන්හි ගනුදෙනුවල පාරිශුද්ධභාවය පරීක්ෂා කිරීම සඳහා පවතින යාන්ත්‍රණය සඳහා දැඩි හානියක් සිදුවිය හැකි බැවින් උක්ත සංශෝධනය වර්තමාන රාජ්‍යයේ  ප්‍රතිපත්ති හා සමපාත නොවේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

උක්ත 154(1) ව්‍යවස්ථාව ඉවත් කිරීම තුළින් විධායකයේ ප්‍රධාන නිලධාරීන් සහ ස්වාධීන කොමිෂන් සභාවල ගණන් දීමේ වගකීම් නිසි ලෙස ඉටු කර ඇද්ද යන්න විගණකාධිපතිවරයාගේ පරීක්ෂාවට ලක් නොවන බවට මහජනතාව අතර බරපතල සැකයක් මතුවිය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමු.

රාජ්‍ය විගණනයේ ස්වාධීනතාව තහවුරු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  170 වන ව්‍යවස්ථාව තුළ විගණකාධිපතිවරයා රාජ්‍ය නිලධාරියකු නොවන බවට සඳහන් ව තිබූ වගන්තිය යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ඉවත් කර තිබීම හේතුවෙන් විගණන කටයුතු සම්බන්ධ පාර්ලිමේන්තු කාර්යභාරය හා විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය අභියෝගයට ලක්වී ඇති බව පෙන්වා දෙමු.

උක්ත සංශෝධනයන් රාජ්‍ය විගණනයට අදාළ ජාත්‍යන්තරව පිළිගත් සම්මුතීන් සම්ප්‍රදායන් සහ පරිචයන්ට අනුකූල නොවන බැවින් උක්ත සංශෝධන මහජන අපේක්ෂාවන් සහ රාජ්‍ය ප්‍රතිපත්ති අතර ගැටුමක් නිර්මාණය කරවන බැවින්   20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) සහ 170- වන ව්‍යවස්ථාව සංශෝධනය නොකරන ලෙසත් විගණන සේවා කොමිෂන් සභාවේ කාර්යය හා කර්තව්‍යය ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ සුදුසු ආකෘතියක් සකස් කරන ලෙසත් කාරුණිකව ඉල්ලමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වුණු පන්නල කොල්ලා…

Next Post

බුදුපටුන්ගල  සොයාගත් බව කී ඇත්තන් රටට නොකී  කතාව

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.