පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව චැනල් 4 බ්‍රිතාන්‍ය නාලිකාව විසින් විකාශය කරන ලද ආන්දොලනාත්මක වැඩසටහනේ අන්තර්ගතයෙන් කියැවෙන කාරණා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලාංකිකයෙක් වූ මොහොමඩ් මිහිලාල් මෙහොමඩ් හන්සීර් නොහොත් අසාද් මවුලානා සමග සමුම්ඛ සාකච්ඡාවක් පවත්වන එම නාලිකාව අසාද් මවුලානා හරහා හෙළි කරවන පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ ආන්දෝලනාත්මක කරුණු දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් කුමන්ත්‍රණය ඇතුලු චෝදනා කීපයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අද (11)සඳහන් කරයි.
බාහිර පාර්ශවයක් විසින් මෙම වීඩියෝව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ පැමිණිල්ලක් පොලිස් මූලස්ථානය වෙත යොමු කිරීමෙන් පසු විමර්ශන කටයුතු සඳහා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත. විමර්ශනයට අදාලව අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.







