සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

NPP රජයක් යටතේ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීමේ කිසිම අදහසක් නෑ… විජිත හේරත් සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයට කියයි!

by editor
සැප්තැම්බර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තිස්ස ගුණතිලක –

  • පලාත්සභාවලට පොලිස් ඉඩම් බලතල නෑ… රණවිරුවන් දණ්ඩනයට ලක් කිරීමේ අරමුණු සහිතව කිසිම නව නීතියක් ගෙනෙන්නේ නෑ…  ජාතික උරුමය සහ පුරාවස්තු ව්‍යසනයට ලක්වන කිසිම තීරණයක් ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ගන්නේ නෑ… විජිත හේරත් සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී ජාතික ජන බලවේගයේ ස්ථාවරය කියයි…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි ව්‍යවස්ථාව ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ කිසිදු ආකාරයක වෙනස් කිරීමක් සිදු නොකරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය හමුවේ ජාතික ජන බලවේගය ලෙස සහතික වුනේය.

ඔහු අවධාරණය කර ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය යන්න කිසිදු ආකාරයකින් වෙනස් නොකර බවය.

එමෙන්ම රටේ එකීය භාවය භෞමික අඛණ්ඩතාවය, රටේ ආරක්ෂාව පිළිබඳව විශාල වශයෙන් කැපකිරීම් කළ දේශපාලන ව්‍යාපාරයක් ලෙස එදත් අදත් හෙටත් තම ව්‍යාපාරයේ ස්ථාවරය නොවෙනස්ව පවතින බව ඔහු ප්‍රකාශ කළේය. ඒකීය රාජ්‍ය ආරක්ෂා කිරීම පූර්ණ වගකීමක් වනවා සේම ජනතාවගේ පරමාධිපත්‍ය බලය විශේෂයෙන්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම්, පාලන බලතල,  ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම පරම වගකීමක් ලෙස තම සංවිධානය සලකන බවය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දෙනු ලැබුවේම රටේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස බව පෙන්වා දුන් විජිත හේරත් එදත් තම දේශපාලන දැක්ම වූයේ පළාත් සභා ක්‍රමය ජාතික ප්‍රශ්නය විසඳීමට සුදුසු ක්‍රමයක් නොවන්නා සේම පළාත් සංවර්ධනයට ද එය උචිත ක්‍රමයක් නොවුන බව යැයි සිහි කළේය. එය දැන් ප්‍රායෝගිකවම ඔප්පු වී ඇති ආකාරය ඔහු පෙන්වා දුන්නේය.

නමුත් අදත් නීතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින 13 වැනි සංශෝධනය උඩින් ගොස් පොලිස් හෝ ඉඩම් බලතල ලබාදීම කිසිම සූදානමක් ජාතික ජන බලවේගයේ වැඩ පිළිවෙළේ නැති බව ද දැනට ක්‍රියාත්මකවන පළාත් සභා බලතල සීමාවෙන් ඔබ්බට කිසිසේත්ම නොයන බවට ද ඔහු සහතික වුනේය.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

එමෙන්ම විශේෂයෙන්ම පොලිස් බලය පලාත්සභාවලට ලබා නොදෙන බව අවධාරණයෙන් දක්වන බව ද විජිත හේරත් පැවසුවේය.

තමන් ජාතික උර්මයන් සහ සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යවරයෙක් බව පැවසූ විජිත හේරත් ජාතික උරුමය යන වචනය මේ රටේ අමාත්‍යාංශයට හා අමාත්‍ය මණ්ඩලයට හඳුන්වා දුන්නේ තම ව්‍යාපාරය බව සිහි කළේය. ජාතික උරුමයන් ආරක්ෂා කිරීම මේ රටේ පාලකයින්ගේ වගකීමක් ලෙස සලකා කටයුතු කළ සංකල්පය මෑත දේශපාලනයට හඳුන්වා දුන් තමන්ගේ ව්‍යාපාරය රටේ පුරාවස්තු හානි කිරීම සඳහා කිසිකෙනෙකුට ඉඩ ලබා නොදෙන බවත් ඒවා දිවි හිමියෙන් ආරක්ෂා කිරීම ජාතික ජනබලවේගය වගකීමක් කොට සලකන බවත් පෙන්වා දුන්නේය.

රණවිරුවන් ඉලක්ක කරගෙන නීති අණ පනත් අලුතින් හඳුන්වා දීමක් සිදු නොකරන බවත් ඔහු සහතික වුනේය.

අවසාන වශයෙන් ඔහු මෙසේ පැවසුවේය.

‘මම මේ රටේ හිටපු සංස්කෘතික සහ ජාතික උරුමයන් පිළිබඳ ඇමතිවරයෙක්. ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳව මේ රටේ බහුතර ජනතාව බෞද්ධ බව, මේ රටේ ප්‍රධාන සංස්කෘතික ධාරාව නියෝජනයකරන්නේ බෞද්ධ සංස්කෘතියෙන් බව පිළිගන්නවා. ඒ නිසා පෙරහර නතර කරන්න හෝ පෙරහර ක්‍රියාවලිය වෙනස් කරන්න මැදිහත් වෙන්නේ නෑ. පෙරහර අර්ථාන්විතව විචිත්‍රවත්ව පවත්වාගෙන යන්න ආධාර අනුබල දීමක් තමයි අප සිදු කරන්නේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉස්සර නම් ඔබතුමාලගේ රැස්වීම්වලට ආපු මිනිස්සු කතා ඇහුවාට ඡන්දෙ දුන්නේ නෑ… හැබැයි මේ පාර තත්ත්වය වෙනස්… මල්වතු මහා නා හිමියො ජාතික ජන බලවේග නායකයින්ට කියති…

Next Post

දැනට ක්‍රියාත්මකවන ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථා ලැබෙන්නේ රනිල් ගේ ආණ්ඩුවක් යටතේ විතරයි… මනුෂ කියයි!

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.