සුමිත් පොතුපිටිය –
පානදුර අළුබෝමුල්ල මිරිස්වත්ත ප්රදේශයේ දී ඊයේ (02) රාත්රි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී තියුණු ආයුධයකින් පහරකැමකට ලක්ව පොලිස් නිළධාරීයෙකු රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ අළුබෝමුල්ල පොලිසියේ රථවාහන අංශයේ රාජකාරි නියුතු පොලිස් නිළධාරීයෙකු බව පොලිසිය කියයි.
පොලිස් නිළධාරීන් දෙදෙනෙකු මිරිස්වත්ත ප්රදේශයේ දී බීමත්ව රිය පැදවූ ත්රීරෝද රථ රියදුරකු අත් අඩංගුවට ගැනීමට යාමේදී බීමත්ව සිටි රියදුරුගේ සහායට පැමිණි පුද්ගලයකු කිසියම් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති බව සඳහන් වේ.
පහරකැමට ලක්වූ පොලිස් නිළධාරීයාගේ වම් අතෙහි ඇගිලි තුනකට හානි සිදුව ඇති බව රෝහල් ප්රකාශකයෙක් කීය.
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්නගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුනාගේ ප්රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.







