සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උසස් පෙළ ප්‍රතිඵල පිටවුනේ අද… ජීවිතයේ බිහිසුණුම අභියෝගයට රටම මවිත කළ උත්තරයක් දුන් රත්තරන් පුතෙක් ගැන කතාවක්!

10 වසරෙදි එක්වරම පූර්ණ අන්ධ වුනා... ඇහෙන දේ මතක තියන් සා.පෙළ කළා... බ්‍රේල් ඉගෙනගෙන උසස් පෙළ කර කලා අංශයෙන් නුවරින් 01...

by editor
සැප්තැම්බර් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ඒ රත්තරන් පුතා වැළඳගන්නට සිතේ. දුර්භාග්‍යයන් හමුවේ නොබිඳී ජීවිතය ජය ගන්නා ආකාරය මේ කුසීත මිනිස්සුන්ට කියා දුන් මෑත කාලයේ අපට හමුවන තරුණ ආදර්ශය ඔහු බව ලියා තබමි.

මෙවර උසස් පෙළ විභාගයේ මනුවර දිස්ත්‍රික්කයේ කලා අංශයේ පළමුවැනිය ඔහුය. ගෙලිඔය ශ්‍රී පඤ්ඤාරතන මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ  ඔහු එච්.ඒ. තිවංක රණබාහුය. තිවංක පූර්ණ අන්ධ දරුවෙකි.

තිවංක උපතින් අන්ධ වූවා නොවේ. ඔහු පූර්ණ අන්ධ භාවයට පත් වන්නේ සාමාන්‍ය පෙළ විභාගයට මාස 11ක් තිබිය දී ය. 10 වසර අවසන් වාරයේ දී ය. පෙනීම හොරු අරන් ගියාක් බඳුව එකපාර ලෝකය කළුවර වුන දරුවෙකුට වඩා උපන් දා සිට දෑස් නොපෙනෙන දරුවෙකුට ජීවිතය පහසුයි. එහෙත් ඒ අම්මා,  නිරෝෂනී සුජීවා කුමාරි දරුවාට බලාපොරොත්තු සහගත ජිවිතයක් දෙමින් ප්‍රභාෂ්වර මාවතකට කැන්දාගෙන පැමිණි  දිරිය මවකගේ භූමිකාව කළාය.

තිවංක පුතා සමග කතා කිරීමේ අවස්ථාව ලදිමි. ජීවිතයේ දරා ගැනීම කුමක් දැයි  මේ නව යෞවනයා මා සමග කියමින් සිටියේය.

“ ඒක වෙනස් කතාවක් නැන්දෙ.  අපේ පවුලේ හිටිය මම විතරයි. මම ඉපදිලා දවස් කීපයකින් මගේ තාත්තා නැති වෙලා. එදා හිට පුංචි රැකියාවක් කරමින් මගේ අම්මා මාව බලා ගත්තා. කිසිම අඩුපාඩුවක් කළේ නෑ.. අනික් හැම ළමයෙක්ම වගේ මම සතුටින් හිටියා. කවදාවත් තාත්තා දැකලා නැති නිසා මට ඒක අඩුවක් ලොකු දුකක් විදිහට දැනුනෙ නෑ…”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ මම 1 වසරේ ඉඳන් ඉගෙන ගත්තේ ගෙළිඔය ශ්‍රී   පඤ්ඤාරතන මධ්‍ය මහා විද්‍යාලයේ. ඉස්කොලේ ගොඩක් විෂය බාහිර ක්‍රියාකාරකම් කළා. කැඩෙටින් කළා.  ගායනයට මට විශේෂ දක්ෂකමක් තිබුණා. සමස්ථ ලංකා මට්ටමේ ගායනා තරගවලින් සම්මාන දිනා ගත්තා. ගායනා තරගවලින් දිනපු සහතික පත්‍ර 300කට වඩා මං ලඟ තියනවා.

මම සාමාන්‍ය පෙළ විභාගයට මේ අතර සූදානම් වෙමින් සිටියෙ. 10 වසරෙදි  මට එකපාරටම දැනෙන්න ගත්තා පෙනීම අඩු වෙමින් යනවා කියලා. මුලින්ම මීදුමක් වගේ ආවේ. පස්සේ ටික ටික මගේ පෙනීම සම්පූර්ණයෙන්ම නැති වුනා. වෛද්‍යවරු කරන්න පුලුවන් හැම ප්‍රතිකාරයක්ම කළා. ශල්‍ය කර්ම ගණනක් කළා. ඒත් පෙනීම ගොඩගන්න බෑ… මම එකපාරටම මහා කළුවර ලෝකේකට වැටුණා.

මේ සියල්ල වෙලා විශාලම අන්ධකාරයකට මාව ඇදවැටෙන විට සමාන්‍යපෙළ විභාගයකට මාස 11විතර කාලයක් තිබුණේ. මට මොනවද කරන්නේ කියලා හිතාගන්න බෑ… පොඩ්ඩක් හිතලා බලන්න. එකපාරටම නොහිතපු වෙලාවක ඔබට කිසිම දෙයක් පේන්නෙ නැති වුනාම සිද්ද වෙන්න පුලුවන් දේ.  මට මේ අන්ධකාරය පොඩ්ඩක්වත් හුරු නෑ. මට ඇවිදගන්න බෑ…. තැනකට යන්න බෑ. පොතක් පතක් පාඩම් කරනවා කියන එක හීනයකටත් එහා ගිය දෙයක්… මම අම්මට අඬලා කිව්වා අනේ මට ඉස්කෝලෙ යන්න බෑ කියලා.

ඒත් මගේ අම්මා… එයා පුදුමාකාර  අම්මා කෙනෙක්… එයා හැම වෙලාවෙම ධනාත්මකව හිතුවා.  පේන්නම ඕන නෑ ඉගෙන ගන්න. බැරිවෙලාවක්වත් කවදාවත්  පේන්නේ නැතිව ගියොත් විකල්පයක් තියෙන්න ඕන කියලා අම්මා කිව්වා. එයා මාව බ්‍රේල් ඉගෙන ගන්න යොමු කළා.  එයා ඉදිරි මාස 10 ඇතුළේ මාත් එක්කම  වැඩ කළා.   පුලුවන් තරම් අධ්‍යාපන කටයුතුවලට උදවු කළා. දැන් මට කිසිම දෙයක් පේනනෙ නෑ… බ්‍රේල් ඉගෙනගෙන විභාගෙට ලියන්නත් බෑ. අම්මා මට ඇහෙන්න පාඩම් කියෙව්වා. තේරෙන්නේ නැති තැන් නැවත නැවත කියෙව්වා.

මේ අතරෙ මට ඉස්කෝලෙන් විශාල පිටිවහලක් ලැබුනෙ පළමු පත්වීම අරන් ඉස්කෝලෙට ආපු විද්‍යාපීඨ ගුරුවරියො තුන් දෙනෙකුගෙන්.  ඒ තරුණ ගුරු මෑණිවරු තමන්ගේම සහෝදරයෙකුට වගේ මං ගැන උනන්දු වුනා. පාසලට ගෙන්වලා මා වෙනුවෙන්ම පාඩම් කටයුතු කෙරෙව්වා.

සාමාන්‍යපෙළ විභාගයට දැන් මට බ්‍රේලි වලින් ලියන්න බෑ… අතින් ලියන්න පේන්නේ නෑ, මම 2019 දි සාමාන්‍ය පෙළ  විභාගයට පෙනී හිටියෙ කථන ක්‍රමයට. ඒක ජීවිතය එපා වෙලා හිටිය කාලයක්. හොඳටම මානසිකව වැටිලා හිටියේ. ඒත්    සාමාන්‍යපෙළ  A 4යි, B 3යි, C 2යි ප්‍රතිඵලය එක්ක මම සමත් වුනා.

මේ අතරෙ මම බ්‍රේල් ඉගෙන ගත්තා. උසස් පෙළ විභාගයට මම තෝර ගත්තේ සිංහල, බෞද්ධ සංස්කෘතිය සහ ජන සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය.  මේ විෂයයන් තුන අධ්‍යයනය කළා. මම මේ මොහොතෙත් ඉන්නේ නැවත මට පෙනීම ලැබේවි කියන බලාපොරොත්තුව ඇතිව. ඒත් මට තේරුණා කවදාවත් පෙනීම නැති වුනත් මට දැන් ආලෝකයක් දකින්න පුලුවන් එකම මාවත අධ්‍යාපනය තමයි කියලා.

මගේ අම්මා ඒ වෙනුවෙන් අසීමිත කැපකිරිමක් කරන ආකාරය මම තේරුම් ගත්තා. පුලුවන් තරම් කැපවෙලා මගේ අම්මා වෙනුවෙන් ලෝකයට බරක් නොවී මගේ ජීවිතය පවත්වා ගැනීමේ අභිලාෂය වෙනුවෙන් මම පාඩම් කළා.

“උසස් පෙළ විභාගයට බ්‍රේල් ක්‍රමය යටතේ පිළිතුරු ලිව්වා..”

අද ප්‍රතිඵල පැමිණියේය. තිවංක පුතා A සාමාර්ථ තුනක් සහිතව මහනුවර දිස්ත්‍රික්කයේ කලා අංශයේ පළමුවෙනියාය. ලංකාවෙන් 75 වැනියාය.   ජීවිතයේ බිහිසුණුම අභියෝගය හමුවේ පරාජය නොවී   ජීවිතය දරාගෙන එය දිනාගත යුතු  ආකාරය මේ නව යෞවනයා අපට කියා දෙන්නේය.

“ මට මතක් කරන්න ඕන තුන් දෙනෙක් ඉන්නවා. ඒ මගේ අම්මා… එයා මාත් එක්කම කඩාගෙන වැටුණා නම් අද මම නෑ… ඒ වගේම දෙනුවර කලාපයේ අධ්‍යක්ෂිකාවක වන චන්දිමා දිසානායක මැඩම්. ඒ වගේම ගලහා සිරි ශාන්ත ස්වාමීන්වහන්සේ. මම අද මේ තරම් ශක්තිමත්ව නැගිටලා ඉන්නේ ඒ සත්පුරුෂයො නිසා.” තිවංක කීවේය.

සංගීතය හදාරමින් සරසවි අධ්‍යාපනය ලබා මනෝ චික්තිසකයෙක් වීම පරමාර්ථ කරගත් තිවංකගෙන් අවසාන වශයෙන් මෙසේ ඇසුවෙමි.

“පුතා ඇයි මනෝ චිකිත්සකයෙක් වෙන්න හිතුවේ…”

“ ජීවිතයේ බලාපොරොත්තු බිඳ වැටීම කියන්නේ මොකක් ද කියලා මං තරම් ප්‍රායෝගිකව අත් විඳපු කෙනෙක් නැති ඇති. අන්ත අසරණ වුනාම ආයෙත් නැගිටින්නේ කොහොම ද කියලා අත්දැකීමෙන් දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ටික දෙනෙක් වෙන්න ඇති. ඒ අත් දැකීම මට තියනවා. මට අවශ්‍යයයි තරුණයෙකුට  ජීවිතය බිඳවැටුනාම එය අත් නොහැර අල්ලගෙන නැගිටින්න උදව් කරන්න. මට මනෝ චිකිත්සකයෙක් වෙන්න ඕන ඒ නිසා.”

ඒ රත්තරන් පුතාගේ ජීවිත අධ්‍යාශය මොනතරම් පුලුල් එකක් දැයි කල්පනා කරමි. කවදා හෝ යළි පෙනීම ලැබෙනු ඇතැයි ජීවිත අපේක්ෂාව කරගෙන බලාපොරොත්තු සහගතව ජීවිතයට මුහුණ දෙන මේ තරුණයා දෙස යළිත් මහත් වූ ආදරෙයෙන් බලා සිටිමි.

“උඹට වරදින්නේ නෑ පුතේ… ” මම සෙමින් මිමිණුවෙමි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුලි බස් රථ 200 නියමු ව්‍යාපෘතියට ආයෝජනය කරන්න බන්දුල ලෝකයට ආරාධනා කරයි…

Next Post

ජීවිත හතකට ජීවිතය දී ජීවිතයෙන් සමුගත් සුරංගනාවි… අඹන්පොල විහඟනා දුව… ඇයට A3 යි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.