අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බස් රථ 200 නියමු ව්‍යාපෘතියට ආයෝජනය කරන්න බන්දුල ලෝකයට ආරාධනා කරයි…

by editor
සැප්තැම්බර් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බස්නාහිර පළාතේ ධාවනයේ යෙදවීමට විද්‍යුත් බස් රථ 200ක් ආනයනය කිරීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව ලබාදී ඇති බව  ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යුත් බස්රථ ධාවනය ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ  ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධව බස්නාහිර පළාත තුළ විද්‍යුත් බස් රථ 200ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු කිවේය.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන  මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන  මෙසේද පැවසීය.

බස්නාහිර පළාතේ ධාවනය වෙනුවෙන් විද්‍යුත් බස් රථ 200ක් ගෙන්වීමට ආයෝජකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. එම ව්‍යාපෘතිය වෙනුවෙන් මේ දිනවල ආයතනවලින් අභිලාෂයන් කැඳවා තිබෙනවා. දේශීය හා විදේශීය වශයෙන් හවුල් ව්‍යාපාරයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එසේම විදුලි ආරෝපණ මධ්‍යස්ථාන (Charging Point) ස්ථාපිත කිරීම සඳහාත් එම ආයෝජකයන්ට අවස්ථාව ලබාදී තිබෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුරුව බස් රථ ධාවනයෙන් ලැබෙන ආදායමෙන් ආයෝජකයාගේ ආයෝජන ප්‍රාග්ධනයට සාධාරණයක් ඉටු කරනවා. නිශ්චිත කාලයක් තුළ ආයෝජකයාගේ ආයෝජිත මුදල ගෙවීමෙන් පසුව බස් රථවල අයිතිය රජයට හිමි වෙනවා.  මේ සඳහා ආයෝජනය කිරීමට ලෝකයේ ඕනෑම රටකට ද අවස්ථාව තිබෙනවා.

2030 වන විට ලෝකයේ සියලුම පොදු ප්‍රවාහන පොසිල ඉන්ධන භාවිතයෙන් තොරව, විදුලියෙන් ධාවනය කරන තත්ත්වයට පත් කළ යුතුයි කියා ලෝක සම්මුතියක් තිබෙනවා. පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට කාබන් වෙළෙඳාමට සම්බන්ධ අය මේ සඳහා ආයෝජනය කරනවා.  විද්‍යුත් බස් රථ මගින් පරිසරයට විශාල අගයක් ලැබෙනවා. එම අගයට ලෝකයේ විවිධ සංවිධාන ඉහළ මිලක් ගෙවනවා.

ඒ වගේම රාජ්‍ය ආයතනවල ආදායම් අඩු වීම වැළැක්වීමට සියලු ආයතන ඩිජිටල්කරණයට ලක් කළ යුතුයි.

දුම්රිය  සහ ලංගම ප්‍රවේශ පත්‍ර අළෙවිය විද්‍යුත් කාඩ් පත් ක්‍රමය අනුව සිදු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඊට අදාළව කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර තිබෙනවා. මුදල් භාවිතයෙන් තොරව විද්‍යුත් කාඩ්පතකින් හෝ QR ක්‍රමවේදයකින් ගනුදෙනු කරන විට 50%කින් මෙම ආයතනවල ආදායම වැඩි කර ගැනීමට හැකියාවක් තිබෙන බව කිව යුතුයි.

මෙරට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දුම්රිය, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු ආයතන නවීන තාක්ෂණය තුළින් නැවත ගොඩනැඟිය හැකියි. මේ වන විට අප දුම්රිය දෙපාර්තමේන්තුවේ  වෙනස්කම් රැසක් සිදු කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ වසර 4කට පසුව වරායට රේල් පීලි නැවක් ගෙන්වා තිබෙනවා. කොළඹ සිට පානදුර දක්වා දුම්රිය මාර්ගයේ පීලී අබලන් වෙලා. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීලී අඩුම තරමින් වසර 5කට වරක්වත් මාරු කරන්න අවශ්‍යයි. මෙම අලුත්වැඩියාවන් සිදු නොකිරීම නිසා දුම්රිය ධාවනය කිරීමේ වේගය සීමා වී තිබෙනවා. ඒ හේතුවෙන් කාර්යාල සේවකයන්ට වේලාවට රාජකාරියට වාර්තා කිරීමේ ගැටලුවක් මතු වී තිබෙනවා.

එම නිසා කොළඹ සිට පානදුර දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරනවා. ජනවාරි සිට උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දමා මාස හයක් ඇතුළත නවීකරණය කිරීමට තීරණය කර තිබෙනවා. ඉන් පසුව කොළඹ සිට කන්කසන්තුරය දක්වා පැයට කිලෝමීටර් 100ක වේගයකින් ධාවනය කිරීමට හැකිවන පරිදි සකස් කරනවා.

ඉන්දීය ණය ආධාර යටතේ සංඥා පද්ධතිය නවීකරණයට අදාළව ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතයි. කැලණි මිටියාවත දුම්රිය මාර්ගයේ වේග සීමාවන් ඉවත් කර වේගය වැඩි කිරීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් මේ මස මුල් සතියේ සිට ආරම්භ කරනවා.

දුම්රිය මැදිරියක් විදේශයකින් ආනයනය කළහොත් රුපියල් මිලියන 200ක් වැය වෙනවා. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයෙක් දුම්රිය මැදිරියක් අලුත්වැඩියා කරනවා නම් ඊට වැය වනුයේ රුපියල් මිලියන 25යි.  ඒ අනුව එළැඹෙන අයවැයෙන් පවතින දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි!

Next Post

උසස් පෙළ ප්‍රතිඵල පිටවුනේ අද… ජීවිතයේ බිහිසුණුම අභියෝගයට රටම මවිත කළ උත්තරයක් දුන් රත්තරන් පුතෙක් ගැන කතාවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.