අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුන්දිය ලොකු ද?… ජනාධිපතිවරයා ඇසූ ප්‍රශ්නයට උත්තරයක්!

by editor
ජූනි 18, 2023
in පුවත්, සංස්කෘතිය
kurun

පුරාවිද්‍යා සාධක මත සංකර්ණය වුන කුරුඳුමලේ පුරාණ ස්ථූපය....

Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –
( ඉරදා ලංකාදීප පුවත්පතේ පලවුන ලිපියකි)

ජනාධිපිතිවරයා ප්‍රශ්නය සංක්ෂිප්ත කර ඇත.

කුරුන්දිය ලොකු ද?…

ඇත්තටම කුරුන්දි විහාරය ලොකුය. රටේ ජනාධිපතිවරයා හිතාගෙන ඉන්නා ප්‍රමාණයට වඩා බොහෝ සේ ලොකුය. ක්ෂුද්‍ර දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් සාහසික මැදිහත්වීමක යෙදී සිටින වියත් ද්‍රවිඩ දේශපාලකයින් ද දන්නා පරිදි කුරුන්දි විහාරය අතිශය සුවිශේෂී වූ ඉතිහාසග සලකුණක්ය.

කුරුන්දි විහාරය ලොකු වන්නේ කෙසේ ද යන්න විමසිය යුතුය. කුරුන්දිය ලොකු වන්නේ  ජනප්‍රවාදය, ජන වහර, ජන සංස්කෘතිය, ඉතිහාසය හා පුරාවිද්‍යාව මගින් සාධනය කරන ලද මේ රට තුළ පිහිටි මහා ඓතිහාසික ලකුණක් ඉන් ප්‍රකාශිත බැවිනි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඉතිහාසය සහ ජන වහර

ජනප්‍රවාදය අනුව කුරුන්දි විහාරය බුදුන්ගේ දෙවන ලංකා ගමනේ දී වැඩම කළ ස්ථානයකි.

කුරුන්දිරට්ඨයේ  විහාරයක් කළ බවට වූ ඓතිහාසික තොරතුරු ක්‍රිස්තු පූර්ව යුගය තෙක් දිවෙන්නේය.  ඛල්ලාටනාග රජු  ලක්දිව රජ කළේ ක්‍රිස්තු පූර්ව 110 – 103 අතර කාලයේය. එනම් අදට වර්ෂ 2133කට පෙරය.  වංශකතා හා අට්ඨකතා අනුව  ඛල්ලාටනාග රජු කුරුන්දිපාසක නම් විහාරයක් කර තිබුණේය. ඉතිහාසයඥයින් සහ පුරාවිද්‍යාඥයින් පැහැදිලි කරන්නේ කුරුන්දිපාසක විහාරය මේ කුරුන්දි විහාරය බවය.

මහාවංසය අනුව කුරුන්දි විහාරයේ කුරුන්දි චුල්ලක නම් පිරිවෙනක් විය. ඒ අනුව කුරුන්දි විහාරය සියවස් 20කට එපිට කාලයේ දිත්  ලොකු ආරාම සංකීර්ණයකි.

කුරුන්දි අට්ඨකාව ප්‍රධාන සීහල අට්ඨකතාවලින් එකකි. කුරුන්දි අට්ඨකතාව පිළිබඳ තොරතුරු සමන්තපාසාදිකා විනය අට්ඨකතාවේ පැනේ. ධර්මාශෝක රජු ( ක්‍රි.පූ 268) විසින් මොග්ගලීපුත්ත තිස්ස  තෙරුන් මුල්කොට කළ තුන්වන ධර්ම සංගායනාවෙන් අනතුරුව සංග්‍රහ කළ නිවැරදි ත්‍රිපිටයක සහ පාලි අටුවාව මිහිඳු හිමියෝ ලංකාවට රැගෙන ආහ.  උන්වහන්සේ පාලි අටුවාව  සිංහල භික්ෂූන් වෙනුවෙන් එවකට රට තුළ ව්‍යවහාරිත සිංහල භාෂාවෙන් උගන්වා තිබුණහ. එම අටුවාව හෙළ බසින් සංගෘහිත විය. හෙළ අටුවා යනු එම අටුවා ග්‍රන්ථය.

පසුකලෙක අභාවයට ගිය මෙම ප්‍රධාන අටුවා ග්‍රන්ථ 03ක් ගැන කියැවිනි. බුද්ධඝෝෂ හිමියන් විසින් යළිත් පාළියට නැගූ අටුවාවන්ට මුල් වි ඇත්තේ මහා අට්ඨකතා, මහාපරිච්චියඅට්ඨකතා, කුරුන්දිට්ඨකතා බව සමන්තපාසාදිකාවේ සඳහන් වී තිබේ. මෙම කුරුන්දි අට්ඨකතාව සම්පාදනය වූයේ කුරුන්දි විහාරයේ බව විචාර සම්මතය වේ.  ඒ අනුව මේ භූමියේ විහාරය පිහිටුවීම මිහිඳු හිමියන් මේ රටට වැඩම කර අදට අවුරුදු 2250ක් තරම් එපිට අතීතයට යන්නේය. එසේනම්  ඛල්ලාටනාග රජු විහාර ඉදිකර ඇත්තේ මිහිඳු හිමි දවස සිට පැවත එන කුරුන්දි විහාරයේය.

කුරුඳුමලේ පුදබිම සංරක්ෂණයට පෙර පැවති ආකාරය….

අනතුරුව සියවස් ගණනාවක් රාජ්‍ය අනුග්‍රහයෙන් පැවති බව සැලකෙන මෙම විහාර භූමිය සම්බන්ධව මහාවංසය ඇතුළු වංසකතාවල විටින් විට උත්කර්ෂවත් තොරතුරු පැනේ.

ක්‍රිස්තු වර්ෂ 571-604 කාලය තුළ රජ කළ පළමු අග්බෝ රජු කුරුන්දි විහාරය සංවර්ධනය කර යොදුන් තුනක් පමණ පළලට පොල් වත්තක් වැවූ ආකාරය මහාවංසය කියයි. එමෙන්ම රජ තෙමේ විසල් කුරුන්දිවාපී නැමැති වැවක් කරවීය. පුරාණ කුරුන්දි විහාරයේ නටබුන්වලට ආසන්නව පිහිටි දැවැන්ත කරුන්දිඌර්  මේ කුරුන්ද වාපීය ය. අද එය ව්‍යවහාර කරන්නේ තණ්ණිමුරිප්පුකුළම් ලෙසය.

IV වන අග්බෝ රජු ( ක්‍රි.ව. 667-683) සමයේ රජුගේ ඇමතියෙක් කුරුන්දපිල්ලක විහාරයේ ප්‍රාසාදයක් කළහයැ මහාවංසයේ පැනේ.  පළමු විජයබා රජු ( ක්‍රි.ව. 1055 -1110) අත්හැරි ගිය අනුරාධපුර රාජධානියේ නටබුන් වී තිබුණු  කුරුන්දි විහාරය නැවත කරවූහ.

කාලිංඝ මාඝ සහ ජයබාහු නැමැති ආක්‍රමණිකයන්ගේ විසල් හමුදාව කඳවුරු බඳින ලද ස්ථාන 15න්  එක් ස්ථානයක් වූයේ කුරුන්දිය ය. දෙවන පැරකුම්බාවෝ (1236-1270)  මෙම කඳවුරු භූමිය සිය යුධ ප්‍රයාමයන්ගෙන් අනතුරුව මුදා ගත්හයි මහාවංසය කියයි.

මේ වකවානුවේම  ජාවක චන්ද්‍රභානු විසින් සේනා සහිතව ගොඩ බැස පදී, කුරුන්දි රටවල විසූ සිංහලයින් සිය වසඟයට ගෙන යාපහුවට ගොස් කඳවුරු බැඳගත් ආකාරය ද මහාවංසයේ දැක්වේ. මේ කියන්නේ  කුරුන්දි විහාරය වටා බිහිව තිබූ  අතීත සිංහල ජනාවාසයක විත්තිය.

සිංහලේ කඩඉම්පොතේ “කුරුන්දක “ ප්‍රදේශය හඳුන්වනු ලැබුවේ කුරුඳුගමු රට ලෙසය.

පුරාවිද්‍යා කැණීම් හා සංරක්ෂණ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විද්‍යාත්මක ගවේෂණ කැණීම් හා සරංක්ෂණ ක්‍රියාවලිය තුළද පෙළ ගැසෙන්නේ අඛණ්ඩව සියවස් ගණනක පෝෂණය වුන බෞද්ධ පුදබිමක විත්තිය.  එමෙන්ම මේ පුදබිම විරල සුවිශේෂී ස්වරූපයක් ද පෙන්වන ආකාරය ඔවුහු වාර්තා කළහ.

ප්‍රමාණිකයන්ට අනුව  දාගැබ් වහන්සේ සහ ප්‍රතිමා ගෘහයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුරාධපුර යුගය  රූපණයකි.  එතැන් සිට මේ භූමිය සම්බන්ධව සිදුවන සියවස් ගණක සංවර්ධනයක් සහිත සංස්කෘතික විචලනයක ස්වරූපය කැණීම් ආශ්‍රිත පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිරාවරණය කරගෙන තිබුණේය.

හඳුනාගෙ ඇති  දාගැබ්වහන්සේ පිහිටුවා තිබුණේ අඩි 200 පමණ උස කඳු ගැටයක් මත ගල්බැමි යොදා සකස් කළ ආයත චතුරශ්‍රාකාර මළුවක් මතය.  දාගැබ්වහන්සේ විශේෂ නිර්මිතයකි. එය නිර්මාණය කරන්නේ කබොක් ගලිනි.  එය මීටර 6ක් පමණ උස මීටර 50ක විශ්කම්භයක් සහිතව වර්ෂ 2010 දී කළ මෑත මුල්ම ගවේෂණයේ දී හඳුනාගෙන තිබිණි.

කැණීමෙන් පසු හමුවූ තොරතුරු ප්‍රකාරව මහාචාර්ය මාලිංග අමරසිංහ කීවේ මේ දාගැබ මෙරට එකම පද්මාකාර හැඩයෙන් යුතු දාගැබ බවය. මෙම දාගැබ ක්‍රිස්වර්ෂ 7-9 සියවස්වලදී නිර්මාණය වූවක් බව ඔහු අදහස් කළේය.

එය කොත් කැරැල්ල කොත සහිතව අපට හමුවන දාගැබ් විකාශනයේ අවසන් අදියරට නොගොස් යූප ගල සහිතව දක්නට ලැබෙන සාංචි විහාරයේ ස්වරූපයට සමාන ආකෘතියකින් සංරක්ෂණය වී තිබිණි.

ස්ථූපයට නිරිත දිගින් මීටර 65ක් දුරන්  ප්‍රතිමා ගෘහය පිහිටා තිබිණි. ප්‍රතිමා ගෘහයෙහි කැණීම්වලින් සොයා ගත් හිටි බුදු පිළිමයක අවශේෂ  2022 මුලතිව් කුරුන්දි විහාරයේ පිළිමගෙයි කැණීම් වාර්තාවෙන් හෙළි කර තිබේ. එම ප්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ ආන්ද්‍ර කිරිගරුඬ පාෂාණයෙන් කළ ප්‍රතිමාවක් මෙතෙක් ලංකාවේ කිසිම තැනකින් හමු වී නැත. මෙම ප්‍රතිමාව ක්‍රිස්තුවර්ෂ 3 – 4 සියවස් නියෝජනය කරන බව ප්‍රාමාණිකයෝ කියති.

එමෙන්ම ප්‍රතිමා ගෘහයේ හමුවන අවලෝකිතේෂ්වර බෝධිසත්ත්ව ප්‍රතිමා ද්විත්වය ක්‍රිස්තුවර්ෂ 8-9 සියවස් රූපණයවන ප්‍රතිමා දෙකක් බව මහාචාර්ය ඔස්මන් බෝපෙආරච්චි පවසයි.

III වන මිහිඳු  රජු   (ක්‍රි.ව. 801 -804) ඔහුගේ අට වන රාජ්‍ය වර්ෂයේ සිය මව සහ දියණිය සමග කුරුන්දියට පැමිණ කළ පුවරු ලිපියක් ගැන 1889 දී කුරුන්දි විහාරය වෙත ගිය ජේ.පී.ලුයිස් වාර්තා කළේය. එම සෙල් ලිපිය අද දක්නට නොවේ.

2020 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වව්නියා, මුලතිව්, මන්නාරම, ප්‍රාදේශීය කාර්යාලවලින් කරන ලද ගවේෂණයකින් පසු යළි සොයාගෙන  එම දෙපාර්තමේන්තුව විසින්  කියවා ප්‍රකාශයට පත් කළ සිව්වන උදය රජුගේ වකවානුවට අයත්  ( ක්‍රි.ව. 946 -954) පුවරු ලිපියක් ප්‍රකාරව කුරුන්දි විහාර සංකීර්ණය අනුරාධපුර  අභය ගිරිය විහාරයට අනුබද්ධ විහාරාම සංකිර්ණයකි.  එම විහාරාරාම සංකීර්ණය අභයගිරි විහාරයට අයත් එවක සිරිසඟබෝ රජ මහා විහාරය ය.  මෙම සෙල් ලිපිය අභයගිරි. මහාවිහාර සහ ජේතවන තුන් නිකායික මහා සංඝයා එකඟකරවාගෙන රජු විසින් නියම කරන ලද සංඝයාට අදාලවන නීති සහිත කතිකාවතකි.

පිළිම ගෙය කැණීමේ දී හමුවන සාධක පෙළ ගස්වන්නේ ඓතිහාසික යුගයේ සිදුවූ ආක්‍රමණයකින් අනතුරුව ගරා වැටුණු පුදබිමක්  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සියවස් ගණනකට පසු යළි මතුකරගන්නා ආකාරය ය.

ස්ථූපයට බටහරින් ඇති පොහොය ගෙය, ප්‍රතිමා ගෘහයට දකුණු පසින් ඇති  ගොඩනැගිලි දෙකක නටබුන්, ස්ථූපයට දකුණු දිශාවෙන් පිහිටවූ   බෝධීන්වහන්සේ වැඩහිටි ස්ථානය දක්වන    බෝධිඝරය, ප්‍රතිමා ගෘහයට ආසන්නයෙන් ඇති පැරණි පොකුණ, පොකුණ අවට විසිරී ඇති ගොඩනැගිලි සාධක,  මෙම ඉදිකිරීම් වටා පිහිටි සංඝාරාම සංකීර්ණය කුරුන්දි විහාරයේ හඳුනාගත් ප්‍රධානම  පුරාවිද්‍යා සාධනයන්ය.

සංඝාරාම සංකීර්ණය පිහිටා තිබුණේ පූජනීය ගොඩනැගිලි වටා දිවෙන මාලකයක් මතය.   කුරුන්දි සංඝාරාම සංකීර්ණයට දකුණු පසින් කුරුන්දි වැවය. වැව් බැම්ම අවසානයේ ගල් පාලමක නටබුන්ය.

ඉන් ඔබ්බට ඇත්තේ පෞරාණික ජනාවාස නගරයක සංස්කෘතික සාධක සහිත වටිනා පුරාවිද්‍යා භූමියකි. පසුගිය සියවස් දෙක තුළ මේ භූමිය    නූතන පුරාවිද්‍යායින් විසින් වාර්තා කර ලේඛණගත කළේය.

මෑත කාලීන වාර්තා

මූලික ගවේෂණයේ දී මතුවුන සෙල් ලිපි සාධක

මුලින්ම කුරුන්දි විහාරය සම්බන්ධව ගවේෂණය කරන නූතන පුරාවිද්‍යාඥයා ජේ.පී. ලුවිස්ය. 1889 දී ඔහු විසින් කරන ගවේෂණයේ දී කුරුන්දි විහාරයේ විසිරී ගිය පුරාවස්තු පිළිබඳ පූර්ණ විස්තරය “වන්නි මැනුවෙල්” සටහන් වී ඇති අයුරු පුරාවිද්‍යා ලේඛණ අතර තිබේ.

අනතුරුව එච්.සී.පී.බෙල් වර්ෂ 1905 දී මේ භූමියේ පුරාවස්තු  සම්බන්ධව පුරාවිද්‍යා පාලන වාර්තාවේ සංචාරක සටහනනේ වාර්තා කර තිබිණි.

කුරුන්දමලෛයි හෙවත් කුරුන්දකවිහාර භූමිය මුලින්ම පුාවිද්‍යා තහනම් ඉඩමක් බවට ගැසට් මගින් ප්‍රකාශ කරන්නේ 1933 දී ය. වර්ෂ 1933 මැයි මස 12 වැනි දින ගැසට් අංක 7981 මගින් හෙක්ටයාර 78කුත් රූඩ් 01ක් සහ පර්චස් 62ක් එම රක්ෂිතයට ඇතුළත් වූයේය.

වර්ෂ 1933 දී ගැසට් කළ පුරාවිද්‍යා භූමිය වර්ෂ  2021 දී ගවේෂණය කොට යළි  හඳුනා ගනු ලැබුවේය. එම භූමිය තහවුරු කර ගත් පසු ඉන් ඔබ්බෙහි විසිරී ගිය පුරාවස්තු සමූහය අධ්‍යයනය කෙරිනි. ඒ අනුව පුරාවිද්‍යා රක්ෂිත භූමිය පුලුල් කිරීමට යෝජනා විය.

අක්කර 279ක පුරාවිද්‍යා රක්ෂිතය සලකුණු වන්නේ එසේය. එය සියවස්  රූස්ස වන දහනකි. වන සංරක්ෂණයේ රක්ෂිත ආවරණයකින් සුරැකුන භූමියකි.  අනවසරයෙන් එහි ඉඩම් කොටස් අත්පත් කරගෙන වගාකොට තිබුණේ අක්කර 05ක් පමණි. ඒත් රක්ෂිතය මායිමේය.  මේ මහා කැලෑවේ පුරාවිද්‍යා රක්ෂිතය ලෙස හඳුනාගත් කොටසේ වගා කටයුතු කළ අක්කර 79ක් තිබුණේ නැත. එහෙත් දෙමළ ජාතික සන්ධානය නිදහස් කර ගත යුතු අක්කර 79ක භූමියක් වෙනුවෙන් පෙනී සිටී.

කුරුන්දිය මහා විහාරයට වඩා ලොකුද?

 

මහා විහාරයේ කේන්ද්‍රය… රුවන්වැලි මහා සෑය….

 

කුරුන්දිය මහා විහාරයට වඩා ලොකු දැයි ජනාධිපතිවරයා  විමසන්නේ ඒ පසුබිම තුළය.

අත්තටම කුරුන්දි විහාරය මහා විහාරයට වඩා ලොකු නැත.

මක්නිසාද යත්  අනුරාධපුර යුගයේ අග කාර්තුවේ  කුරුඳුමලේ පැවතුනේ අභයගිරි මහාවිහාරයේ ආරාම සංකීර්ණයක් ලෙස නිසාය.

අනුරාධපුරයේ මහාවිහාර භූමියෙන් මුලින්ම වෙන්වන අභයගිරියට අයත් පුද බිම ලෙස අනුරාධපුර කේන්ද්‍රීය පූජා භූමිය තුළ අක්කර 600කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන සංරක්ෂණය කර තිබේ. මහා විහාරයේ පිහිටි ආරාම භූමිය අක්කර 470කි. මහා විහාරය තුළ ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ථූපාරාමය පිහිටි බිම අක්කර 420කි. අනුරාධපුර පූජා භූමියම වර්ග කිලෝමීටර 28කි.  ඒ නිසා අක්කර 279ක් සහිත කුරුන්දි විහාරය මහා විහාරකට වඩා පොඩිය.

එහෙත් ඉන් උත්කර්ෂයට නන්වන   ඓතිහාසික උරුමය මේ රටට විශිෂ්ට මානවවාදී පෞරාණික සමාජ ආකෘතියක හැඩය පෙන්වන්නේය. පොළොන්නරුව මධ්‍යාකාලීන රාධානිය තුළ රන්කොත් වෙහෙර කුඩු කර, ගල්විහාරයේ ප්‍රතිමා බිඳ දමා කිරි වෙහෙරේ ගල් ගලවා  ශිව දේවාල හදන්නට කාලිංග මාඝවත් උත්සාහ කළේ නැත. කාලිංග මාඝ පලවා හැර යළි පොලොන්නරුව අත්පත් කරගත් දෙවැනි පැරකුම්බාවන් ශිව දේවාලවල එක් ගල් පුවරුවක් ගලවන්නට කටයුතු කළේ නැත. මේ මහා අධ්‍යාත්මික සංහිඳියාව හින්දු මෙන්ම බෞද්ධ සංස්කෘතිය ද පෝෂණය කළේය. කුරුඳුමලේ පුදබිමෙන් ප්‍රකාශ වූයේත් ජාතීන් දෙකක වූ ඒ සංස්කෘතික සම්පර්කයේ ආනුභාවය ය.

බෞද්ධ සන්ධර්භය ඉවත් කළ ද කුරුඳුමලේ ප්‍රකාශ වන්නේ අඩුම තරමින් සියවස් 20ක් පුරා දිවෙන ඓතිහාසික උරුමයකි. එම උරුමය රක්ෂා කිරීමේ පුරවැසි වගකීම රටක පුරවැසියන් සතුව තිබේ.

මේ නින්දාසහගත ලෙස අපහරණය කර දේශපාලන සූදුවක් වෙනුවෙන් අලගු තබා ඇත්තේ ශිෂ්ට සම්පන්න සමාජයක මූලික හැඩය බව කණගාටුවෙන් ලියා තබමු.

දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් මෙහෙයවීමෙන් කුරුඳුමලේ දාගැබ සංරක්ෂණයට එරෙහිව දියත් වූ විරෝධතා..
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිල්ලර වෙළෙඳාමට එන විදේශීය තෙල් සමාගම් සඳහා අනුමැතිය දුන් මුල් කැබිනට් පත්‍රිකාවේ ප්‍රධාන කොන්දේසි 02ක් අලුත් කැබිනට් පත්‍රිකාවකින් ඉවත් කරගෙන…

Next Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා හොරට හදලා… ඩුබායි රැකියා පෙන්නා මිලියන ගණන් වංචා කරලා… මහනුවර සජබ මන්ත්‍රී හලීම්ගේ සොයුරා රිමාන්ඩ්…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.