දිනසේන රතුගමගේ –
ස්ත්‍රී දූෂණ චෝදනා කීපයකට වරදකරුවකු වූ යාපනයේ කිතුණු පූජකවරයෙකු යාපනයේ නාගර් කෝවිල් ප්‍රදේශයේ ගොවිපලක සැඟවී සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ ( 20) දා අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම කිතුණු පූජකවරයා පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා කීපයකම තොරතුරු සදහන් වී තිබූ අතර ඔහුව අත් අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් යාපනයේ ආරක්ෂක අංශවලට මහජන අප්‍රසාදයද පල වී තිබුණි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසකට ලැබුණු තොරතුරක් මත අදාල කිතුණු පූජකවරයා අත් අඩංගුවට ගෙන කන්කසන්තුරේ පොලිසිය වෙත බාර දී තිබේ.
සැකකාර කිතුණු පූජකවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.







