බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලැබුණු IMF ණය වාරිකය උත්සවාකාරයෙන් සමරමින් උදම් ඇනීම අමනෝඥ ක්‍රියාවක්…මහාචාර්ය වසන්ත අතුකෝරල…

ඩොලර් බිලියන 36ක් ණය වෙලා තවත් ණය ගන්න බැරිව හිටිය රටට මේ ලැබුණෙත් නැවත ගෙවිය යුතු ණයක් බව ජනතාව තේරුම් ගත යුතුයි...

by editor
මාර්තු 21, 2023
in පුවත්

Share on FacebookShare on Twitter

රටේ අනාගත පරපුර ඇපයට තබා ලැබුණු අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වාරිකය සම්බන්ධයෙන් උදම් ඇනීම හෝ උත්සවාකාරයෙන් සැමරීම අමනෝඥ ක්‍රියාවක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ණය වාරිකය ලබාදීමට සූදානම් බව කියමින් ඊයේ පස්වරුවේ සිට රජය ඒ මත සිට ප්‍රකාශ නිකුත් කිරීම ඉහළින් කතා කිරීම තුළ පොදු මහජනතාව අවබෝධ කරගෙන සිටින්නේ එම මුදලින් රටේ ආර්ථික ගැටලු විසඳිය හැකි යැයි කියාය. එය සම්පූර්ණයෙන්ම වැරදි සිතිවිල්ලක් බවත් මෙය නැවත ගෙවිය යුතු ණය මුදලක් බවත් ජනතාව අවබෝධ කරගත යුතු යැයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේය.

මේ වනවිට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන තිස් හයකට ආසන්න මුදලක් ලෝකයට ණය වී ඇති බවත් තවදුරටත් ණය මත යැපෙමින් ලංකාවේ ආර්ථිකය ගොඩ නැගීමට සැලසුම් සකස් කිරීම දරුණු පිරිහුණු ආර්ථික අගාධයකට යෑමක් බවත් හෙතෙම කියා සිටී.

මේ මොහොතේ කළ යුතුව ඇත්තේ ලෝකයට ණය වීම නොව දේශීය ආර්ථිකය ගොඩ නංවා අපනයන ආර්ථිකය වර්ධනය කරමින් ඩොලර් උපයන මාර්ග සකසා ණය ගෙවීමට මගක් සොයා ගැනීම යැයි ද මහාචාර්ය වසන්ත අතුකොරල මහතා පවසයි.

ලැබෙන ණය මුදල අකාර්යක්ෂම වියදම් කරමින් කෙටිකාලීන සතුටු වීමක් මත තවදුරටත් රටේ ණය වැඩි වෙනවා මිස රටේ ආර්ථිකය නිවැරදි දිසාවකට ගමන් නොකරන බවද ඒ මහතා පෙන්වා දෙන්නේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ණය මත යැපෙන ආර්ථිකය වහා නතර කර දේශීය ආර්ථිකය ගොඩ නැංවීමට නම් රටේ නිෂ්පාදන හා සේවා ඉහල තලයකට ගෙන යමින් , නව ආර්ථික උත්පාදන ක්‍රම පිළිබඳ ආර්ථික විශේෂඥයන්ගේ සහාය මත සැලසුම් සකස් කර ඒ මත දේශීය ආර්ථිකය නංවාලීමට පියවර ගත යුතු බවද හෙතෙම කීය

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ණය වාරිකය ලබා දීම හරහා තවදුරටත් සිදුවන්නේ ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව සහ ණය ලබා දෙන විදේශිය මූල්‍ය ආයතන වල ණය ශ්‍රී ලංකාවට ලැබීමත් වෙනත් රටවල් ණය දීමට යොමු වීමත් මත ශ්‍රී ලංකාව ලෝකයේ දිගුකාලීන ණය කරුවකු වීම පමණක් බව ද මේ හේතුවෙන් අනාගත පරපුර කිසිදා හිස ඔසවන්නේ නැති ආර්ථික පීඩිතයින් බවට පත්විය හැකි බව ද මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා කියා සිටියේ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ස්ත්‍රී දූෂක කිතුණු පූජකයෙක් පොලිසියට කට්ටි පනිමින් සැඟවී සිටිය දී අත්අඩංගුවට….

Next Post

කෘතිම ඖෂධ හිඟයක් මවා රාජ්‍ය ඖෂධ නිශ්පාදන සංස්ථාව බෙහෙත් නිශ්පාදන සමාගම් සමග ඩීල් එකක?.

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.